හාල් නිෂ්පාදනය කරනවාට වඩා පිටරටින් ගෙන ඒම ලාභ බව ලෝක බැංකු උපදේශක ගෝටාට කියයි.. ගෝටාගෙන් රත්වෙන පිලිතුරක්..

September 7, 2019 at 3:00 pm | lanka C news
හාල් නිෂ්පාදනය කරනවාට වඩා පිටරටින් ගෙන ඒම ලාභ බව ලෝක බැංකු උපදේශක ගෝටාට කියයි.. ගෝටාගෙන් රත්වෙන පිලිතුරක්..

කුඩා තේ වතු හිමියන්, රබර් වගාකරුවන්, සුළු අපනයන බෝග වගාකරුවන්, කප්රුක සමිති, මල් වගාකරුවන් සහ කිරිගොවි සංවිධාන හමුව අමතමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පවත්වන ලද දේශණය මෙහි දැක්වෙයි.

කුඩා තේ වතු සංගමය, තුරු සවිය, මල් වවන්නන්ගේ, කප්රුක සමිති , අපනයන බෝග ආයතන, කුඩා තේවතු හිමියන්, රබර් වගාකරුවන්, සුළු අපනයන බෝග වගාකරුවන්, කප්රුක සමිති මල් වගාකරුවන්, සහ කිරිගොවි සංවිධාන වල නියෝජිතවරුන් අද මේ සම්මේලනයට එකතු වෙලා ඉන්නවා.

ඔබ ආර්ථිකයේ වැදගත් අංශයක්. කෘෂි ආර්ථිකයත් සමග ඔබ රැුදී සිටිනවා. කෘෂිකර්මාන්තයට උපදෙස් දෙන විජාතික ආණ්ඩුවල උපදෙස් පිළිපදින රජයන් කෘෂිකර්මාන්තයට නිසි තැනක් දෙන්නේ නැහැ. අද මා මුණ ගැසෙන ඔබ මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන පිරිසක්.

විශාල පරිමානයේ සමාගම්වලට, වගාකරුවන්ට, වඩා ආර්ථිකය දියුණුකළ හැක්කේ කුඩා කර්මාන්තකරුවන් හරහායි. ඔබ රැකියා විශාල ප‍්‍රමාණයක් නිපදවනවා. ඔබ මේ ක්ෂේත‍්‍රයේ රැුදී ඉන්නේ ඉතා අමාරුවෙන්. දේශීය ගොවියා සහ කර්මාන්තකරුවා ආරක්ෂා නොකිිරීම ඊට හේතුවයි.

අපි රටක් ලෙස ඉදිරියට යන විට ලෝකයට විවෘත විය යුතුයි. නමුත් දේශීීය කෘෂිකර්මාන්තයේ යෙදෙන අය වගේම දේශීය කර්මාන්තයත් අපි ආරක්ෂා කර ගත යුතුයි. දියුණු වුනු හැම රටක්ම දේශීය කර්මාන්ත ආරක්ෂා කළා.

අපේ රටේ තරම් හොද කුරුදු ගම්මිරිස් ලෝකයේ වෙන කොහේවත් නැහැ. පුද්ගලයින් කිහිප දෙනෙක් නිසා මේ කර්මාන්තයන් අද විනාශ වෙලා. අපේ රටේ තේ වලට විශේෂ තැනක් තියෙනවා. සිලෝන් ටී නාමයේ වැදගත්කමයි අපි ලොවට ගෙන යා යුත්තේ.

ආර්ථිකය හැසිරීම පුද්ගලික අංශයටම භාරකරලා වෙලෙද පොල යන ආකාරයට යන්න දිම සුදුසු නැහැ. වෙලෙද පොල සකසන්න වැඩි දියුණු කරන්න, නව තාක්ෂණය ගෙන එ්ම ආදියට රාජ්‍ය අංශයේ මැදිහත්වීම අවශ්‍යයි. එයින් ඔබගේ කර්මාන්තය ගුණාත්මක තත්ත්වයෙන් වැඩි දියුණු කළ හැකියි. වැඩි මිලක් ලබා ගත හැකියි.

කොළඹ මල් වගා කරුවන් සම්බන්ධයෙන් මට පුද්ගලික අත් දැකීමක් තිබෙනවා. මේ අය විහාරමහා දේවී උද්‍යානයට සති අන්තයේ අවිත් මල් විකුණුවා. එ් අයට මම දියත උයන සකස් කරලා දුන්නා. වැඩි පිරිසක් එන තැනක් ලෙස ආකර්ශනීය තත්ත්වයක් එ් අවට පරිසරය තුල ඇති කළා. එම`ගින් ඔවුන්ට හොද ආදායමක් ලබා ගන්න හැකි වුනා. සුලූ වගාවන්වල නිරත වෙන ඔබ වැනි කණ්ඩායම් ඉදිරියට ගෙනියන්න එවැනි දේ හරහා රජයකට මැදිහත් විය හැකියි.

අද නෙදර්ලන්තය මුලූ යුරෝපයටම මල් සපයනවා. තාක්ෂණය දියුණු කරලා වෙලද පොල සකසා දුන්නොත් මල් වගාකරුවන් ඔවුන්ගේ කාර්යය ඉදිරියට ගෙන යයි. එ් වගේම නව තාක්ෂණය හදුන්වා දිය හැකියි. මල් වවන්නන් වෙනුවෙන් ගී‍්‍රන් හවුස් වැනි තාක්ෂණික ක‍්‍රමවේදයන් හදුන්වා දීමේ හැකියාව තිබෙන්නේ රජයටයි. ප‍්‍රතිපත්තියක් වශයෙන් රබර් තේ වැනි අංශ වලට පැහැදිලි ප‍්‍රතිපත්්තියක් සකස් කළ යුතුයි. අපි තේ ලෝකයට ගෙනියන ක‍්‍රමවේදය මොකක්ද කියන දේ වැදගත් වෙනවා.

මහින්ද රාජපක්ෂ රජය යටතේ කෘෂිකර්මාන්තයට සහන රැුසක් ලබා දුන්නේ, කෘෂිකර්මාන්තයේ වැදගත්කම දන්න නිසයි. ලෝක බැංකුව වැනි ආයතන අපේ සංස්කෘතිය කෘෂිකර්මාන්තය සමග කොයි තරම් සම්බන්ධද කියන දේ දන්නේ නැහැ. මෑතකදී මට හමුවූ ලෝක බැංකු උපදේශකවරයෙක් කියනවා හාල් කිලෝවක් නිෂ්පාදනය කරන්න විශාල මුදලක් යොදවනවා වෙනුවට හාල් පිටරටින් ගෙන එ්ම ලාභ බව. මේ විදියට අපේ සංස්කෘතිය සමාජ සංයුතිය ගැන අවබෝධයක් නැතිවයි එ් ආයතන අපිට උපදෙස් දෙන්නේ. එ් උපදෙස් අනුවම යන රජයක් බිහිවුනාම තමයි කෘෂිකර්මාන්තය කඩා වටෙන්නේ. පොදුවේ කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙන යන්නටත් ඔබ වැනි වගාවන්වල නිරත වන්නන්ගේ ආර්ථීකය වැඩි දියුණු කිරීමේ හැකියාව රජයකට තිබිය යුතුයි.

ඇමරිකාවේ හැම තැනකම රජය කිරි ප‍්‍රචලිත කිරීමේ වැඩපිළීවෙලක් ගෙන ගියා. රජයක් එ් විදියටයි එ් ආකාරයෙන් කිරි ප‍්‍රවර්ධනය කලේ. එයින් කිරි නිෂ්පාදනය වැඩි වුනා. රජයෙන් විය යුතු කොටස සිදු වෙනවා නම් ගොවීන් තමන්ගේ කාර්යය නිසියාකාරව සිදු කරනවා. අපේ රජයක් තුළ කෘෂිකර්මාන්තයේ වැදගත්කම අපි හදුනාගෙන තිබෙනවා. අපි කවදත් කෘෂිකර්මාන්තයට ප‍්‍රමුඛතාවය දෙනවා.
රටේ ආරක්ෂාව, ආර්ථිකය පිරිහෙන කොට සෑම ක්ෂේත‍්‍රයකටම බලපෑමක් ඇති වෙනවා. ආර්ථකය කඩා වැටිලා නම්, ජනතාව අතර මුදල් ගැවසෙන්නේ නැත්නම් ජනතාවත් මිලදී ගැනීම් කරන්නේ නැහැ. තමන්ගේ එදනෙදා අවශ්‍යතා ගැන විතරයි හිතන්නේ.

ව්‍යපාරයක් වෙනුවෙන් ආයෝජනය කරන්න, ව්‍යාපාරයක් දියුණු කරන්න, වගාවන්ට පොහොර යොදන්න, කාර්මීකරණය කරන්න මේ සියල්ලටම ආයෝජනය සදහා මුදල් අවශ්‍යයි. බදු ගෙවීම වැඩිවුනොත් ආයෝජනය කරන්න කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. කුඩා කර්මාන්තකරුවා ඉදිරියට ගෙනියන්න රජයක් යුහුසුළු විය යුතුයි.

මේ රටේ සියලූ දෙනාගේ බලාපොරොත්තුව සුරක්ෂීත සෞභාග්‍යමත් දේශයක් බිහි කිරීමයි. අර්ථාපල්වලින් අපි ස්වයංපෝෂිත වෙලයි හිටියේ. අද වන විට අර්තාපල්වලින් 70%ක් ගේන්නේ පිටරටින්. 100% අර්තාපල්වලින් ස්වයංපෝෂිතව සිටි අපි අද 30%ක් පමණයි නිපදවන්නේ. අපි පාරිභෝගිකයා හා නිෂ්පාදකයා කියන දෙදෙනා දෙසම බැලූවා. අපේ වගා නෙලන කාලයේදී අපි අර්තාපල් ගෙන්වීම නතර කරනවා. එ් අර්තාපල් ගොවියාට අසාධාරණයක් නොවෙන්න. අර්තාපල් විතරක් නෙවෙයි මිරිස් වලින්, ලූනුවලින් අපි 100%ස්වයං පෝෂිත වෙලා හිටියේ. අබ, මුංඇට පවා ගෙන්නේ පිටරටින්. මේ තත්ත්වය නතර කර දේශීය ගොවියා නගා සිටූවිමයි අපි කළ යුත්තේ. දේශිය ගොවියා ආරක්ෂා කරන්න ඕනේ.

– GR midea

57,849 Viewers

10 Comments to “හාල් නිෂ්පාදනය කරනවාට වඩා පිටරටින් ගෙන ඒම ලාභ බව ලෝක බැංකු උපදේශක ගෝටාට කියයි.. ගෝටාගෙන් රත්වෙන පිලිතුරක්..”

  1. Saradiel says:

    ලෝක බැංකුව ඇයි මේදේ බටහිර රටවලට ඇමෙරිකාවට කියන්නේ නැත්තේ මුන් හදන්නේ ආසියාව හිගන්නෝ ක‍රන්න මුන්ගෙන් නයගන්න කාලකන්නි හැත්ත

    • Norata Eka says:

      ලෝක බැංකුව , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල , සහ ලෝක වෙළඳ සංවිධානය තමයි මුලු ලෝකයම පාලනය කරන්නේ…

  2. අපේ රට says:

    සිරිමාවෝ මැතිනිය ගෙනගියෙත් මේ කියන ක්‍රමයමයි,අපේ උන් බඩගනහිතල ඇට8ට රැවටිලා අද රටම අදුරේ, කලයුත්තේ ඔයකියන පරිදිම දේශියත්වය රැකෙන මිශ්‍ර ආර්ථික ක්‍රමයක්.

    • යකා says:

      අපේ තාත්තා ඔය කතාව මාත් එක්ක කියල තියනවා. පස්සේ jr ඔය කතාවට රැවටිලා මිනිස්සු 5/6 ක බලයක් jr ට දීල සිරිමා මැතිනිය ගෙදර යැව්වා. ඇට රාත්තල් 8 නොලබිච්ච මිනිස්සු ඒගැන jr ගෙන් අහපුවම, 8ක් නෙමේ 60ක් ගන්න කඩේ තියනවා කියල කිව්වලු. පස්සේ මිනිස්සු කැලැ පත්තර වල අට 8 ලිව්වලු\;
      jr -2
      ප්‍රේමදාස -2
      ……
      ……
      😀

  3. මහින්දගෙ ගිය පාර ආණ්ඩුවට මග හැරුනු ලොකුම වගකීම තමයි ගොවි ජනතාව නගා සිටුවීම. මේ රටේ තවමත් බහුතරය ගම් වල ජීවත් වෙන ගොවි ජනතාව. ඔවුන් තමයි රටේ ජීවනාලිය. නගර සංවර්ධනයට වඩා ප්‍රමුඛත්වය දිය යුත්තේ මරනාසන්න තත්වයට ඇද දමා ඇති මෙම ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදා අපට උරුම ක්ෘෂි ආර්තිකය නංවා රට ස්වයංපෝෂිත කිරීමයි. තවමත් පෙර රජ දරුවන් සෑදූ වැව් මත යැපෙන ගොවියාට මෙම් වැව් ප්‍රතිසංස්කරනය කර දී, අලුත් වැව් තනවා ජල කලමනාකරනය කර දිය යුතුයි. ඔවුන්ගේ නිෂ්පාදන වලට නිසි මිල සහතික කල යුතුයි. වෙලද මාෆියා වලින් ඔවුන් රැක ගත යුතුයි.
    මේ රට තවත් ඇමෙරිකාවක්, එංගලන්තයක් නොව පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කළ යුතුයි.

    • Norata Eka says:

      ඉතින් ඒක කලානෙ, මහින්දට මග ඇරුනෙ නෑ , මමත් ගොවි ජනතාව ඉන්න ප්‍රදේශයක තමයි ජීවත් වන්නේ …

  4. Saradiel says:

    කන්ට අඳින්ටා පිට රටින් එනතුරු මුහුදට දත නියවන්නා

    https://www.facebook.com/919738328096641/videos/919794221424385/

  5. Love nature says:

    ලෝක බැංකු උපදේශකට දැන්වත් දන්වමු

    ලොව මවිත කළ වැව් තැනීමේ කලාව (1153 – 1186 මහා පරාක්‍රමබාහු රජ සමය), ලොව මුල්ම මහල් ගොඩනැඟිලි නිර්මාණය (ක්‍රි.පූ. 161 – 137 දුටුගැමුණු රජ සමය), අතීත ලෝකයේ උසම හා විශාලතම ගඩොල් නිර්මාණය (ක්‍රි.ව. 273 – 301 මහසෙන් රජ සමය), ලොව මුල්ම රෝහල (ක්‍රි. පූ. 437 – 367 පන්ඩුකාභය රජ සමය), ලොව මහා පුදුමයක් වූ සීගිරිය (ක්‍රි.පූ. 477 – 495 කාශ්‍යප රජ සමය), ලොව මවිත කළ බහු වායු නල වානේ තාක්ෂණය (ක්‍රි.ව. 2 – 4 සියවස), ලොව මුල්ම ඇස් කණ්නාඩිය වන දියතරිප්පු කණ්නාඩි නිෂ්පාදනය (ගම්පොල රාජධානි සමය), දස දහස් ගණනින් වන ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම හා කැටයම් තාක්ෂණය, රාමායනය ග්‍රන්ථයට අනුව රාවනා රජ දවස විමාන හා බිමන් හෙවත් අහස් යාත්‍රා නැතහොත් දඩුමොණර භාවිතය, සෘෂිවරුන් ලෙසින් විශ්වය සමඟින් ගනුදෙනු කිරීම, අකුණු තාක්ෂණය ආදිය සිදු කරණු ලැබුවේ සිංහලයන් මිස ලොව අන් ජාතියක් නොවේ.
    ලොව මවිත කළ වැව් තැනීමේ කලාව (1153 – 1186 මහා පරාක්‍රමබාහු රජ සමය), ලොව මුල්ම මහල් ගොඩනැඟිලි නිර්මාණය (ක්‍රි.පූ. 161 – 137 දුටුගැමුණු රජ සමය), අතීත ලෝකයේ උසම හා විශාලතම ගඩොල් නිර්මාණය (ක්‍රි.ව. 273 – 301 මහසෙන් රජ සමය), ලොව මුල්ම රෝහල (ක්‍රි. පූ. 437 – 367 පන්ඩුකාභය රජ සමය), ලොව මහා පුදුමයක් වූ සීගිරිය (ක්‍රි.පූ. 477 – 495 කාශ්‍යප රජ සමය), ලොව මවිත කළ බහු වායු නල වානේ තාක්ෂණය (ක්‍රි.ව. 2 – 4 සියවස), ලොව මුල්ම ඇස් කණ්නාඩිය වන දියතරිප්පු කණ්නාඩි නිෂ්පාදනය (ගම්පොල රාජධානි සමය), දස දහස් ගණනින් වන ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම හා කැටයම් තාක්ෂණය, රාමායනය ග්‍රන්ථයට අනුව රාවනා රජ දවස විමාන හා බිමන් හෙවත් අහස් යාත්‍රා නැතහොත් දඩුමොණර භාවිතය, සෘෂිවරුන් ලෙසින් විශ්වය සමඟින් ගනුදෙනු කිරීම, අකුණු තාක්ෂණය ආදිය සිදු කරණු ලැබුවේ සිංහලයන් මිස ලොව අන් ජාතියක් නොවේ.

    • හරියට හරි…ගෝටාභය සිය අවධානය වහාම යොමු කළ යුත්තේ බටහිරයන් විසින් බලහත්කාරයෙන් වල දම්මවා ඇති අපගේ දේශීය දැනුම් සම්භාරය ත් ඒවා තවමත් රකින දේශීය නුවනැත්තනුත් මතු කර ඔවුන්ගේ දැනුම් සම්භාරය ජාතියේ දූ දරුවන්ට බෙදා දීමත් එම දැනුමෙන් අපේ දේශය ගොඩ නැංවීමත් මිස බටහිර රට වල සංචාරය කරමින් ඉන් අහුලා ගන්නා අප රටට, දේශගුණයට, පරිසරයට, ජනතාවට කොහෙත්ම නොගැලපෙන දේවල් මෙහි ස්ථාපිත කර මෙය තවත් අනාථ දේශයක් බවට පත් කිරීම නොවේ.

      සියලු දේශපාලකයන් පළමුව මහාවංශය කියවිය යුතුයි. අවුරුදු 2500 කට වැඩි සිය වංශ කතාව ග්‍රන්ථාරූඪ කර ඇති එකම ජාතිය සිංහල ජාතියයි. එය මුල්ලට දමා පරිසරය උඩු යටිකුරු කර විනාශ කරන, මිථ්‍යාද්ෘෂ්ඨික මතවාද් මත ගොඩ නැගුනු බටහිර විද්‍යාව නිසා අද දක්වා සිදුවී ඇති විනාශය දැකිය හැක්කේ බුද්ධිමත් පාලකයකුට පමණි.

      ස්වභාව ධර්මයේ නීතිය මනාව පැහැදිලි කරන බුදු දහම මත පදනම් වූ අපේ අතීත සංවර්ධන ක්‍රම වේද නැවත ක්‍රියාවට නැංවීමෙන්, බුදු සසුනත්, අපගේ මහ පොළොවත්, ජාතියත්, පරිසරයත් තව චිරාත් කාලයක් ආරක්ෂා වනු ඇත. ගෝටා කළ යුත්තේ එයයි.

  6. Gotaimbara says:

    Mahinda was taking the country in the right path. The so called International Community knew very soon they are loosing the control of the country. That is why the coup started when they realised they cannot control Sri Lanka through LTTE. the reason for Mahinda’s loss was purely a set of lies. Yahapalanaya could not find the Lamborghini because there were none. Just like other stuff they were talking about.

Main News