හාල් පොල් අඩු කරනවා වගේ ඉන්ධන මිල අඩු කරන්න බෑ..- මුදල් ඇමති

July 25, 2021 at 10:00 am | lanka C news
හාල් පොල් අඩු කරනවා වගේ ඉන්ධන මිල අඩු කරන්න බෑ..- මුදල් ඇමති

හාල් පොල් මිල අඩු කරන්නා සේ ඉන්ධන මිල දේශීය මැදිහත් වී පහළ දැමීමට අසීරු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඉන්ධන මිල අඩු කිරීමට තමන්ද කැමති නමුත් ඉන්ධන යනු ජාත්‍යන්තර වෙළෙඳපොළ සමග තිබෙන ගණුදෙනුවක් යයිද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.

මෙරට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් හය දහසක් සේවය කරන බවද පැවසූ ඔහු ලෝකයේම ඉන්ධන පාලනය සිදුවන ඔපෙක් සංවිධානයේ ඉන්නේ සේවකයන් තුන්සීයකට අඩු පිරිසක් බවද සඳහන් කළේය.

15,486 views

24 Comments to “හාල් පොල් අඩු කරනවා වගේ ඉන්ධන මිල අඩු කරන්න බෑ..- මුදල් ඇමති”

  1. Jagath says:

    බෛයියන්ට ඕවා තේරෙන්නේ නෑ. දේශප්‍රේමය තිබ්බ නම් ඇති. 😂

  2. Jude perera says:

    Monawa karannada othenta oba thuma awe

  3. Waruna says:

    ඇත්ත කතාව හාල් පොල්වත් අඩු කරලා නෑ.

  4. 3% ට බය බයියා. says:

    හාල් පොල් ලාභ ද ………වෙනස ෂැපද …………

  5. Saleem says:

    හාල් පොල් ඉතිං අඩුද? අනික බයියන්ට බඩු මිල අඩු කිරීමක් අවශ්‍ය නෑ. රිෂාඩ්වයි සාලිවයි ඇතුළෙ තිබිබොත් ඒ ඇති

  6. Ulama says:

    Moota molayak tiyanwada? Ugathlamak tiyanawada? Kihe hitapu baiyekda? Den sepada kattiya? Chandeyak laga tibbanam owa nikanma aduwey…

  7. නාමරත්න says:

    මෙන්න නියම කතාව මසුරං, දැනුම් තේරුම් තියන කෙනෙක්, ලෝකයේම ඉන්ධන පාලනය සිදුවන ඔපෙක් සංවිධානයේ ඉන්නේ සේවකයන් තුන්සීයකට අඩු පිරිසක් බව දන්න කෙනෙක්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් හය දහසක් සේවය කරන බව දන්න කෙනෙක්, ඇමැති මණ්ඩලය වැඩිම රටක් බව නොදන්න කෙනෙක්

  8. N.Wimaladasa says:

    Even after become Minister of Finance good that Basil R….has understand that Job and its task is more difficulty than he dreamed in oversees. Global uncertainties are around the world ,there is not that such a enough room to be maneuvering sector of economy for the poor nations like Sri Lanka.
    We have to get out from Neo-Liberal economy-Model for a New path and model of sustainability of development of Island economy.

Main News