හාල්-පොල්-එළවලු රටින් ගෙන්වීම වෙනුවට බත් පාර්සල්ම රටින් ගෙන්නවයි..

December 18, 2017 at 10:59 pm | lanka C news
හාල්-පොල්-එළවලු රටින් ගෙන්වීම වෙනුවට බත් පාර්සල්ම රටින් ගෙන්නවයි..

මේ වන විට සහල්, පොල් හා එළවලු පිටරටින් ආනයනය කරන්නට රජය තීරණය කර ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ප‍්‍රකාශ කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නියක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මේ ආකාරයෙන් ගියහොත් ඉදිරි දිනකදී පිටරටින් බත් පාර්සල් ගෙන්වීමටද ආණ්ඩුව කටයුතු කරනු ඇති බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා මෙසේ කියා සිටියේ එම පක්‍ෂය විසින් සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමිනි.

රුසියාව විසින් ශ‍්‍රී ලංකාවේ තේ සදහා පනවනු ලැබූ තහනම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු කියා සිටියේ හම්බන්තොට වරාය චීනයට විකුණා පළමු වාරිකය ලෙස ලබා ගත් මුදල සමාන වන්නේ රුසියාවට මාස දෙකහමාරකට යවන තේ වටිනාකමට බවයි.

හොරු අල්ලන බව කියමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව බලයට පැමිණ දින 20ක් යද්දී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් දැවැන්තම හොරකම සිදු කල බවද ඔහු කියා සිටියේය.

175 views

5 Comments to “හාල්-පොල්-එළවලු රටින් ගෙන්වීම වෙනුවට බත් පාර්සල්ම රටින් ගෙන්නවයි..”

  1. sky says:

    අපේ රටේ දේශපාලකයන්ගෙන් ඇත්ත කථා කරන එකම දේශපාලකයා මන්ත‍්‍රී විමල් වීරවංශට අපේ ප්‍රණාමය

  2. Saradiel says:

    පැත්ත ගියත් ඇත්ත කතා කරන විමල්ට ජයවේවා !!! දැන් අපේ රටට අවශ්‍ය විමල් වැනි දේශප්‍රේමී දේශපාලකයින්

  3. WELL SAID WIMAL..jaya wewaaaaaaaaaa…..AGREE 100% with above comments of sky& Saradiel …..

  4. Hoo N P kaaraya says:

    Ai agamathithumo elawalu pitaratin genenna hadanne. Aanduwata kade yana eka lekam kenek madhyata awilla croton kolai, cos kolai pennala kiyuwe kaamata ganna puluwan kiyala. Eka kriyathmaka kala nam elawalu pitaratin genenna ona wenne nahane.

  5. පොඩි නිළමේ says:

    මේ මරි මොට්ට ගොං හැතිකරේ ඒ වැඩෙත් කරයි තමා.

Main News