හාල් මිල ඉහල යන්නේ ආණ්ඩුවේ වරදින් නොව මෝල් හිමියන්ගේ වරදින්..
July 5, 2017 at 8:02 am | lanka C news
නැවත ලංකාවේ හාල් හිගයක් ඇති නොවීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවටත් ලංකා හාල් මිල ගණන් ඉහල යාමට හේතුව රජයෙන් වී සඳහා සහතික මිලක් ගැසට් කරපු අවස්ථාවේදී මෝල් හිමියන් වැඩි මුදලකට හාල් මිලදී ගැනීම බවත් එය මෝල් හිමියන්ගේ වරදක් බවටත් අමාත්‍ය රිෂාඩ් බදියුධීන් මහතා කියා සිටියේය.
අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ වව්නියාව හා වැලිඔය ප්‍රදේශයේ සංචාරය කරන අවස්ථාවේදී හාල් මිල ගණන් ඉහල යාම සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් විමසූ අවස්ථාවේදීය එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා කියා සිටියේ,
‘හාල් ගැටලුවේදී පසුගිය කාලයේදී වර්ෂාවන් නොලැබීම නිසා ගොවීන්ට හොඳ අස්වැන්නක් ලැබුනේ නැහැ කියා ඔබ දන්නවා ඒ නිසා වී හිගයක් වුනා මෙහිදී අපේ ආණ්ඩුව තීරණය කලා හාල් ආනයනය කරන්න හාල් ආනයනය කරාට පසුව මිල පාලනය වුනා මිල පාලනය කරල අපි මිල ගැසට් කරා දැන් ආනයනය කරපු හාල් වලටයි ලංකාවේ සහල් වලටයි දෙකටම අපි උපරිම සිල්ලර මිලක් ගැසට් කරා.
නමුත් මේ වෙනකොට ලංකාවේ සහල් වල මිල වැඩිවීමක් තියනවා කියල ප්‍රශ්නයක් වෙලා තියනවා ඒකට කාරණය අපේ මෝල් හිමියන් වැඩි මිලක් දීලා වී ගත්ත කියල කියනවා නමුත් උපරිම සිල්ලර මිලක් හාල් වලට ගැසට් කරපු අවස්ථාවක වැඩි මිලට ගැනීම ඒ අයගේ වැරද්දක් නමුත් අපි ආණ්ඩුවක් හැටියට හාල් වලට උපරිම සිල්ලර මිලක් ගැසට් කරල තියන නිසා ඒ මිලටම ලංකාවේ 380 ක් පමණ වූ සතොස ආයතන හරහා ජනතාවට ලබා දීමේ වැඩපිළිවලක් දියත් කරල තියනවා ඊට අමතරව සමූපාකාර හරහාත් හිගයක් නැතිව හාල් ලබා දීමට කටයුතු කරනවා.
ඒ වගේම ජනාධිපති තුමන්ගේ උපදෙස් පරිද් ආනයන කරපු හාල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ගබඩා කරල තියනවා ලංකාවට කවදාවත් හාල් හිගයක් නොවෙන්නට.ඊට අමතරව සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට අලෙවි කරනවද කියල සොයන්නත් අපේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ලංකාව පුරා වැටලීම් සිදු කරමින් සිටිනවා’
– වන්නි රොමේෂ් මධුෂංඛ
ubata mol
kaalakani para awajaathaka ballo tho kiyapiya thoge maha eunta ara Mattala air port eke gabada karapu vee dan koheda ahapiya eva dunne ara parayage beer factory ekata neda. thopi okkoma dandu kande Gahanna ona.
when bloody molas rule these things happen
මත්තල වී ගබඩා කොරල පෝර සහනාධාරය කපපල්ලා. හාල් මිල ඉබේම අඩු වෙය්.
ගොන් මෝලෝ හාල් මෝල් හිමියන් පාලනය කරන්න බැරි ආන්ඩුවක් කොස් කොටන්නද
කොහොමත් මුන්ට ජනපතියගේ සහෝදරයො පාලනය කරන්න බෑනෙ