හාල් මෝල් මාෆියාව රට බිලිගනී.. ප්‍රදේශ ගණනාවක්ම උග්‍ර හාල් හිඟයක්.. 20 දායින් පසු නාඩු 90ට දෙන බව ඩඩ්ලි සිරිසේන කියයි..
February 17, 2017 at 12:00 pm | lanka C news
රටේ මේ වනවිට විශාල හාල් අර්බුදයක් ඇතිවී තිබේ. සමාන්‍ය හාල් කිලෝවක් රුපියල් 95 සිට ඉහළට ඇති අතර රජය විසින් සහල් සඳහා පාලන මිලක් ඇති කොට සතොස හරහා හාල් කිලෝ 5 බැගින් රුපියල් 72 ක ලබාදීමට කටයුතු කලත් බොහෝ ප්‍රදේශවල එය සාර්ථකව වී නොමැත. නිසියාකාරව එය ක්‍රියාත්මක නොවන්නේ සහල් මෝල් මෆියා කරුවන් විසින්ම මේ වනවිට පිටරටින් රුපියල් 50 කට වැනි අඩු මුදලකට විශාල වශයෙන් හාල් තොග ආනයනය කොට ඇති බැවිනි.
ප්‍රධාන පෙලේ හාල් මෝල් හිමියකු වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මහතාගේ සහෝදරයෙකු වන ඩඩ්ලි සිරිසේන පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් ඔහු විසින්ම පවත්වමින් පැවසුවේ අනිවාර්යයෙන්ම හාල් කිලෝවක් රුපියල් 95 කට වඩා ඉහළ යන බවත් පෙබරවාරි 20 වෙනිදායින් පසු හාල් කිලෝවක් රුපියල් 5 ක් අඩුකොට රුපියල් 90 කට ලබාදීමට කටයුතු කරන බවත් ය.
කෙසේ වෙතත් පිටරටින් ආනයනය කරන හාල් සඳහා රජයේ බදු වශයෙන් තිබු කිලෝවක් සඳහා රුපියල් 30 ක පමණ මුදල මේ වනවිට සම්පූර්ණයෙන්ම පාහේ මේ ඉවත් කොට ඇත. මෙය මුදල් අමාත්‍යාංශය විසින් මෑතක සිදු කරන ලදි.
එමෙන්ම මහා පරිමාණයේ හාල් මෝල් හිමිකරුවකු විසින් පිටරටින් ආනයනය කල විශාල හාල් තොගයක් තම හාල් මෝල වෙත රැගෙන ගොස් එහි සිට තම නිෂ්පාදන නාමය යටතේ දේශිය සහල් ලෙස වෙළෙඳපොළට නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කොට ඇත.
ජහපාලන ගසා කෑමෙ සීමාවක් නැහැ. රටේ හාල් හිඟයක් නැහැ කියල කිලෝව රු.50/- රටින් ගෙනත් රු. 70/- ට විකුනනවා. ඔහොම යං.
අයියලා මල්ලිලා දුවලා පුතාල අපේ රටේ සියලු සම්පත් සූරාකනවා. මුන් පොඩි මිනිහාගේ බත් පතටත් කෙලියා.
අයියලා මල්ලිලා දුවලා පුතාල අපේ රටේ සියලු සම්පත් සූරාකනවා.
appa theoriya,,,,
මෙන්න නියම ගසා කෑම, වැට් සහ ආනයන බදු වලට අමතරව ජනතාවගේ එදිනෙදා බඩට ගැසීම සදහා සහෝදර සංග්‍රහය. ආනයන වියදම 50 විකිණීමේදී කිලෝ එකට ලාබය 30. කිලෝ ලක්ෂයකට ලාබය රුපියල් 3,000,000.
kawuda ban mu? Mu kohomada Madhya kendawala talks denne?
Mun enna kiyanakota yana madhya karayoth gon harak
ma ape janadipathi thumage malli. Dadli Sirisena yuwa raja thuma
Our next president !!!
අඉ යා වලට ඇදල දාන්න මල්ලි වැඩ පටන් අරගෙන ..මිනිස්සු මොනවා ඉවසුවත් බඩගින්න ඉවසන්නේ නැහැ කියලා මේ පොරිසදයන්ට අමතක වෙලා
දුප්පත් මිනිහගේ බඩගින්න තමන්ගේ මඩිය තර කර ගන්න යොදා නැගීම සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. ෂික්, ලැජ්ජයි.
හාල් මෝල් කාරයෝ රට පාලනය කරනවා නම් මේ රටට පාලකයෝ මොකොටද? ඉස්සෙල්ල ප්‍රයිවට් බස් කාරයෝ රට පාලනය කරන්න හැදුවා. පිරිමි nurse ලා රට පාලනය කරන්න හැදුවා.
හාල් පිටරටින් ගෙන්වීම සම්පූර්ණයෙන්ම රජය අතට ගන්න ඕනේ. වහාම පෞද්ගලික මෝල් හිමියන්ට හාල් පිටරටින් ගෙන්වීම සම්පූරනයෙන්ම තහනම් කරන්න ඕනේ. මෝල්ලු ගෙන්වපු හාල් තියෙනවා නම්, ඒවා සියල්ල රජය මිලදී ගන්න ඕනේ. අරගෙන සතොස මගින් පාලන මිලට ජාරිභෝගිකයන්ට දෙන්න ඕනේ.
මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, හමුදාව යොදා ගෙන මේ වැඩ පිළිවෙල ක්‍රමවත් කරන්න ඕනේ. අර්බුදයක් තියෙන කොට හමුදාව සුබ සාධන වැඩ වලට යොදා ගැනීම ලෝකේ හැම රටක්ම කරන සාමාන්‍ය දෙයක්.
වෙන්න බැහැමය්. මගෙ අැස් දෙකෙන්ම දැක්කනෙ හාල් පටවපු අරලිය ලොරි පොලිමේ යනව.