හාල් වලට අපමණ අගයක්.. අලූත් අවුරුද්දේ කිලෝව 110-115යි..

December 16, 2016 at 4:40 pm | lanka C news
හාල් වලට අපමණ අගයක්.. අලූත් අවුරුද්දේ කිලෝව 110-115යි..

තවත් දෙසතියක් ඇතුලත නාඩු හා සම්බා සහල් කිලෝවක් ස්ථිර වශයෙන්ම රුපියල් 110-115 පමණ මිලක් දක්වා ඉහළ යනු ඇති බව මරඳගහමුල එක්සත් සහල් වෙළෙඳ සංගමය පවසයි.

උප සභාපති ටී. රණසිංහ මහතා සදහන් කරන්නේ මේ වන විට සහල් නිපදවීමට උවමනා වී තොග නැති වීම, මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් වී තොග සගවාගෙන සිටීම නිසා මෙම තත්වය උදාවන බවයි.

දැනටමත් නාඩු හා සම්බා කිලෝවක සිල්ලට මිල රුපියල් 90 ඉක්මවා ඇතැයිද ඔහු සදහන් කරයි.

586 views
Main News