හාල් සිනි මිල සීඝ‍්‍රයෙන් ඉහලට… 140, 150, 160, 170

November 10, 2021 at 12:00 pm | lanka C news
හාල් සිනි මිල සීඝ‍්‍රයෙන් ඉහලට… 140, 150, 160, 170

හාල් සිනි ඇතුළු භාන්ඩවල පාලන මිල ඉවත දැමිමත් සමග හැටන් හා ආශ්‍රිත ප්‍රදේශ කිපයකම හාල් සිනි මිල දැඩි ලෙස ඉහල ගොස් ඇත.

මෙම තත්වයන් මත මේ වන විට මෙම ප්‍රදේශවල වෙලද පලේ නාඩු සහල් ක්‍රිලෝව 140ත් 150ත්, සුදු කැකුළු හාල් ක්‍රිලෝව රුපියල් 120ත් 140ත්, සමිබා හාල් ක්‍රිලෝව රුපියල් 160ත් 170ත් සිනි ක්‍රිලෝව රුපියල් 155ත් 160ත් අතර මිලකට අලෙවි වනු ඇත.

හාල් සිනිවලට අමතරව අල, බීළුනු, පරිප්පු,සැමන්, වැනි ද්‍රව්‍යවල මිල ගනන්ද දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසනුයේ මෙසේ හාල් සිනි ඇතුළු භාන්ඩ මිල මෙසේ ඉහල යාමේ තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

භාන්ඩ මිල මෙසේ ඉහල ගියද තම අදායම් තත්වයන් ඉහල ගොස් නොමැති බවත් එම තත්වයන් මත මේ වන විට තමන්ට ජිවත්විමද ප්‍රශ්නයක්ව පවතින බවද එම පිරිස් පවසති.

භාන්ඩ මිල මෙසේ ඉහල යාම් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ වෙලදුන් පවසනුයේ මේ වන විට හාල් සිනි ඇතුළු භාන්ඩ රාශියක තොග මිල ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

– මනුර සුදත් සෙල්ලහේවා

27,392 views

6 Comments to “හාල් සිනි මිල සීඝ‍්‍රයෙන් ඉහලට… 140, 150, 160, 170”

  1. දිනේෂ් ගයාන් ඩුබායි says:

    ආණ්ඩුවට කඩේ යන මීඩියා ටිකයි සමාජ මාධ්‍යවල කුලියට ලියන සට්ටැඹි ටිකයි පතුරනව ලෝකෙ අනිත් රටවලත් සාගතේය රාක්ක හිස්ය කියල.පිටරටවල ජීවත් වන අපිට ඒවට හිනා.මම ජීවත් වන රටට ඕන කරන කෑම බීම බඩු වලින් සීයට අසූවක් ආනයන ඒත් කවදාවත් භාණ්ඩ හිගයක් නම් ආවෙ නෑ.කොටින්ම මගේ ඉන්දියානු බන්ගලි පකිස්තාන් මිතුරන් පවා කියන්නෙ ඒ රටවල කෑම බීම බඩු ගිහයක් නෑ කිසිම .කොවිඩ් බලපෑම නිසා බඩු මිලේ යම් වැඩිවීමක් තියෙනව ඒත් අපේ රටේ වගේ බඩු පෝලිම් හිගකම් නෑ.

    • කැලණියේ නයා says:

      කොවිඩ් නිසා ලෝකෙ රටවල ආර්තිකේට යම් බලපෑමක් උනා ඒත් අපේ වගේ ආර්තික දේශපාලන හැම පැත්තෙන්ම පාලනේ ගිලිහිලා අයාලෙ ගියේ නෑ කොයි රටකවත් දැන් මුන් කෙලෝ ගන්න ඔක්කොම කොවිඩ් පිට දමනව.

  2. බයිසන් says:

    69 ලක්ෂෙ බයියන්ට ඕක දැනෙන්නෙ නැහැ. උන්ට දැනෙන්නෙ තණ කොළ නැති වුනොත් විතරයි.

  3. LalithM says:

    අරාබි වසන්තයේ ලාංකික කොපිය අත ලඟ වගේ… බෙන් අලි, ගඩාෆි ඔය කවුරුත් ඒකාධිපතිත්වය පාවිච්චි කලා…

  4. කුමාර says:

    මිල පාලනය කරන්න බැරි නම් ආණ්ඩුවක් ඔනද කිව්වා අයට හිනා, බන්දුල ගොයියව අනිවාර්ය නිවාඩු යවමු, මිනිහට දැන් කරන්න වැඩක් නැහැනේ.

  5. 0.00069 BIYYO says:

    කොවිඩ් නිසා ලෝකෙ රටවල ආර්තිකේට යම් බලපෑමක් උනා ඒත් අපේ වගේ ආර්තික දේශපාලන හැම පැත්තෙන්ම පාලනේ ගිලිහිලා අයාලෙ ගියේ නෑ කොයි රටකවත් දැන් මුන් කෙලෝ ගන්න ඔක්කොම කොවිඩ් පිට දමනව.
    ආණ්ඩුවට කඩේ යන මීඩියා ටිකයි සමාජ මාධ්‍යවල කුලියට ලියන සට්ටැඹි ටිකයි පතුරනව ලෝකෙ අනිත් රටවලත් සාගතේය රාක්ක හිස්ය කියල