හාල් 70යි.. උතුරට ආහාර අහේනියක් නෑ.. බෝට්ටුවෙන් ගෙනැත් ඉන්දියාවේ මිලටම විකුණයි..

July 2, 2022 at 4:40 pm | lanka C news
හාල් 70යි.. උතුරට ආහාර අහේනියක් නෑ.. බෝට්ටුවෙන් ගෙනැත් ඉන්දියාවේ මිලටම විකුණයි..

උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ බොහෝ ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය හිඟයක් තිබුණත් උතුරු පළාතේ හාල්, පරිප්පු, කහ වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉන්දියානු මිලට ඕනෑතරම් මිලදී ගැනීමට ඇති බව එම ප්‍රදේශයේ ආරංචි මාර්ග පවසයි.

සහල් කිලෝවක් රුපියල් 70 ත් 100 ත් අතර මිලකටත්, පරිප්පු කිලෝවක් රුපියල් 350ත් 400ත් අතර මිලකටත්

කහ කිලෝවක් රුපියල් 1200 ත් 2000 ත් අතර මිලකටත් යාපනය හා මන්නාරම කේන්ද්‍රගතව අලෙවි වන බවද ආරක්ෂක අංශ විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

උතුරේ ධීවරයින් විසින් එම ආහාර ද්‍රව්‍ය මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයන්ගෙන් මිලදී ගන්නා බවත් ඒවා සූක්ෂම ලෙස ගෙනවිත් තැරවුකරුවන් හා ව්‍යාපාරිකයින් වෙත අලෙවි කරන බවටත් තොරතුරු ලැබී තිබේ.

ඉන්දීය ධීවරයින් ට්‍රෝලර් යාත්‍රා 1500 කින් පමණ සතියේ සඳුදා, බදාදා සහ සෙනසුරාදා දිනවල මෙරට මුහුදු සීමාවට සහ ආසන්න සීමාවට පැමිණෙන බවත් එම යාත්‍රා මගින් තොග පිටින් ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය වන බවත් වාර්තා වේ.

– අරුණ

103,149 views

17 Comments to “හාල් 70යි.. උතුරට ආහාර අහේනියක් නෑ.. බෝට්ටුවෙන් ගෙනැත් ඉන්දියාවේ මිලටම විකුණයි..”

  1. සිව් හෙළයා says:

    සිංහලයට තියෙන්නෙ මේ රට විතරමයි.. එම නිසා රට වෙනුවෙන් ජාතියක් ලෙස එකමුතුව නැඟී සිටිය යුතුයි.

  2. Sarasi says:

    අදානි එනකල් ඉන්න මේ පැත්තට එයා දෙයි. දැන් මේ රට කෑලි කෑලි විකුනලා තියෙන්නේ .

Main News