හැකිනම් කර පෙන්වනු…- එජාපයෙන් ජනපති මෛත‍්‍රිට අභියෝගයක්..

January 21, 2018 at 6:25 am | lanka C news
හැකිනම් කර පෙන්වනු…- එජාපයෙන් ජනපති මෛත‍්‍රිට අභියෝගයක්..

චාමර සම්පත් දසනායක ඌව පළාත් මහ ඇමතිවරයා විදුහල්පතිනියක ලවා තමනට වන්දවා ගැනීමෙන් මුළු යහපාලනයටම එක් කලේ කළු පැල්ලමක් යයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

එම සිදුවීම සම්බන්ධයෙන් වහා නීතිය ක‍්‍රියාත්මක කල යුතු යයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

එමෙන්ම මහ ඇමතිවරයාට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගෙන ඔහු තනතුරෙන් නෙරපා දමන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටින බවත් ඔහු සදහන් කරයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කඩුව ඒ පැත්තටත් කැපෙනු ඇති බවද කී මන්ත‍්‍රීවරයා එය සාමුහික වගකීමක් යයිද කියා සිටියේය.

62 views

9 Comments to “හැකිනම් කර පෙන්වනු…- එජාපයෙන් ජනපති මෛත‍්‍රිට අභියෝගයක්..”

  1. rajapathi says:

    අනේ මහතයෝ ඔය දෙපැත්ත කැපෙන කඩුව පවිච්හි කරන්න ඕනේ හරිම ප්‍රවේසමෙන්. අනෙක කඩුව වන්න පෙර හොදටෝම හිතන්න වෙනවා නැත්නම් වෙන්නේ තමාගේම බෙල්ල ගහල යන එක බව හොඳට මතක තියාගන්න

    • kamalasirikuruwita says:

      මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  2. Upali says:

    ඔබලාට මහින්ද පරද්දන්න බැරි නිසා එක කර දෙන කොට ඔහු හො දයි. දැන් හොරකමට කොමිසන් දාන කොට ඔහු නරකයි. ඔබලාගේ ඉල්ලීම වන්නේ ” අපි පත් කරගත් ජනපතිට , අපේ හොරකම් අල්ලන්න බෑ” කියලනේ.

  3. Lapaya says:

    කුණු දතා කිව්වා වගේ අයියෝ කාවින්ද මේක ලුණු බිකක් නේ. රටටම බොරු කියල හිටන් එක්ක එකතුවෙලා කිරි කළය දොවල ගොම බෙට්ටක්ම දමා ගත්තේ මහා බැංකුවට මහ එකා ගේම දුන්න දවස නේද.? කල්පනා කරල බලන්න. බොරුද හා.

  4. පිටකොන්ඳ තියනවනම් ඉස්සෙල්ලා මහ බැංකු හොරාව අයින් කරව්. මේ මූසල හවුල් ආන්ඩුව අපේ රට විනාශ කලා මේ හවුල් ආන්ඩුවේ සිටින සියලු වවුලන් ජනතාව ප්‍රතක්ශේප කල යතුය දේශපාලනයෙන් අතුගා දමන්න.මහින්ද සමග පොහොට්ටුව නැවත බලයට ගෙනෙන්න පොහොට්ටුවට අපේ වටිනා කතිරය ගසමු.

  5. බන්ඩා says:

    රටේ අාර්තිකය විනාස කල බැඳුන්කර මගඩිය යට ගහන්න එජාප හොරු රැල ඔින පඩික්කමක් උලුප්පය්.
    නැවත තක්කඩි යහපාලකයන්ට රැවටෙන්න එපා! හොරු පරාජය කරමු!

  6. hitan gedara appuhami says:

    ජනාධිපති සිරිසේනට කොන්දක් තියෙනවා නම් ලංකාවේ විශාලම හොරකම වන මහා බැංකු හොරකමේ නායකයා වන රනිල්ව අගමැති කමින් ඉවත් කරලා දඩුවම් කරලා පෙන්වන්න. හැබැයි පෙබරවාරි 10 චන්දෙට ඉස්සෙල්ල. දෙන්නම් කාසි හරියන්නේ නැහැ. චන්දෙන් පස්සේ කරාවි කියල පිළිගන්න තරම් ඔබ කියන දේ කරන කෙනෙක් නෙවෙයි. ඔබ කටින් බතල කොළ හිටුවන බොරු කයිවාරු කාරයෙක්. බොරු කාරයෙක්. ඔබ කියන දේ නොකරන බව කීපවතාවක්ම ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා හැකිනම් බැදුම්කර හොරුන්ට දඩුවම් කරන්න. එතකොට අපි ඔබට චන්දය දෙන්නම්.

    • නයා says:

      කලබල වෙන්න එපා.
      මැතිවරණ ප්‍රචාරක කටයුතු ඉවර වූ වහාම මැතිවරණ යට පෙරදින රාත්‍රියේ තමන් අගමැතිව තනතුරින් ඉවත් කිරීමට තීරනය කල බව ප්‍රකාශ කරන්න ඉඩ තියෙනවා
      හැබැයි ඒ තීරනය මේ සම්මජ්ජාතියේ ක්‍රියාවටනම් නැගෙන්නෙ නෑ

  7. Rupa says:

    ජනපති තුමනි, කවුද හොරා කියමින් පිස්සු නටන අගමැති ඉවත් කරන්න ඔබට පිට කොන්දක් නැතිනම්, කරුනාකර අර පිස්සු නටපු කෙල්ලෙකුට ගහන්න ගෙනා මඩු වලිගෙන් වත් පාරක් ගහන්න.

Main News