හැටදාහක් ගෙවා ගත් හෝටල් කාමරය දැඩි අපිරිසිදුයි.. දුර්ඝන්ධයි..- සංචාරයකයන් පොලීසියට පැමිණිලි කරති…

December 26, 2019 at 12:00 pm | lanka C news
හැටදාහක් ගෙවා ගත් හෝටල් කාමරය දැඩි අපිරිසිදුයි.. දුර්ඝන්ධයි..- සංචාරයකයන් පොලීසියට පැමිණිලි කරති…

තමන් නැවතුණු හෝටලය ඉතාමත් අපිරිසිදු බවත් දුර්ඝන්ධයෙන් පිරී තිබූ බවත් පවසමින් නෙදර්ලන්ත සංචාරකයන් තිදෙනෙකු විසින් දඹුල්ල පොලිසියට පැමිණිලි කර ඇත.

නෙදර්ලන්ත ජාතික වෛද්‍යවරියක්, නීතිඥවරියක් ඇතුළු තිදෙනෙකු විසින් මෙම පැමිණිල්ල පොලිසියට කර තිබේ.

දින තුනක් සදහා රුපියල් හැටදහසක මුදලක් ගෙවා මෙම පිරිස හෝටලයේ නවාතැන් ගෙන ඇත.

නමුත් එය ඉතා අපිරිසුදු තත්ත්වයේ පැවති බව සංචාරයකන් විසින් පැමිණිලි කර ඇත.

වර්ෂාව හේතුවෙන් හෝටල් කාමරය තෙමුනු බවත් ඒ සමගම දැඩි දුර්ගන්ධයක් ඇතිවූ බවත් පැමිණිල්ලේ දැක්වෙයි.

224 views

38 Comments to “හැටදාහක් ගෙවා ගත් හෝටල් කාමරය දැඩි අපිරිසිදුයි.. දුර්ඝන්ධයි..- සංචාරයකයන් පොලීසියට පැමිණිලි කරති…”

  1. ඇලෝසියස් says:

    හෝටල් වර්ගී කරණය කරලා තියනවනේද තරු එකේ සිට තරු 6 දක්වා, සංචරක් අමාත්‍යංශයට තියෙන්නේ එක දවසක් වෙනුවෙන් අයකළ හැකි උපරිම මුදල ගැසට් කරන්න තරු වරිගිකරණය අනුව, ඊට වැඩියේ අය කරන තැන් වලට ලොකු දඩ මුදලක් ගැහුවම ඔය නැටිලි සේරම ඉවරයි, සංචාරක හෝටල් අතර හොද තරගයක් බල ගන්න පුළුවන් නිකම්ම අය කරන ගාස්තු අඩුවෙයි තරග කාරී තත්වය නිසා, උපරිම හොද සේවයකුත් බල පොරොතු වෙන්න පුළුවන්,
    මේවා ජනාධිපතිතුමා කල යුතු දේවල් නෙමෙයි ඒකට තමයි අවශ්‍ය කරන අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු පිහිටුවල තියෙන්නේ, බුරුවො වගේ හැම දේම ජනාධිපතිතුමාට කරන්න කියල ලියන එක නෙමෙයි ක්‍රමය,

    • MOHAMED says:

      hariyatama hari, man oman wala hotel ekaka wda, mehe ape hotel ekata maximum price limit ekak tiyenawa stars walata anuwa. law eka hariyata tibbanm hari

  2. චින්තක says:

    දවස් තුනකට තුන්දෙනෙක් නැවතිලා. කෑම එක්කද කියලා සඳහනකුත් නෑ. ට්‍රිපල් රූම් එකක් වෙලා තියෙන්නේ එක දවසකට විසි දහසයි. අසාධාරණ ගාණක් නම් නෙවෙයි. හොලිඩේ ක්ලේම් කරන්නෙ කොහොමද කියලා පිට රටවල පොතුත් තිබුනා ඉස්ස.ර දැන් web බ්ලොග් ඇති How to claim your hoilday කියලා. (නෙදර්ලන්ත ජාතික වෛද්‍යවරියක්, නීතිඥවරියක් ඇතුළු තිදෙනෙකු) ඔවා සාමාන්‍ය සීන්. නැති වැරරැද්දක හරි අල්ලං රිෆන්ඩ් එක ගන්න ට්රයි එක. සියයට අනූ පහක්ම බොරු පැමිණිළි තමයි.

  3. damian says:

    තායිලන්තයේ බහත් 1000 -1300ට කෑම සමග හොඳ 3-4 * කාමර තියෙනවා තට්ටු 30-40 උස හෝටල් වල. රුපියල් 6,000 – 7,500.

  4. Kim says:

    ලන්කාවෙ බොහොමයක් තරු 4 හොටල් වල තත්වය මේකයි. සමහර තරු 5 කියා ගන්නා තැන්වලත් ගදයි, අහුමුලු වල කුනු පිරිලා මේ ගැන සොයාබැලීම අතයාවශ්‍යයි.

  5. gamarala says:

    විදේසිකයන්ට හෝටල් වල නොමිලේ දෙන කුඩා වතුර බෝතල් පරික්ෂා කල යුතුය

Main News