වටවල ආසාදිතයන් 232ක්..

December 29, 2020 at 12:00 pm | lanka C news

වටවල ඇගලුම් කම්හලින් හමුවු කොවිඩ් ආසාදිතයන් සමග 29වන දින උදැසන වන විට අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් 232 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක්ෂකවරයකු පවසන ලදි.

මෙසේ හමුවු කොවිඩ් ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බවත් එම කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් දහාසක් පමන ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගෙන ඇති අතර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු පවසන ලදි.

වටවල ඇගලුම් කම්හලින් වාර්ථාවන කොවිඩ් ආසාදිතයන් වැඩි විමත් සමග එම ඇගලුම් කම්හල තව දුරටත් වසා දැමිමට පියවර ගන්නා ලෙස එහි පාලක මණ්ඩලය වෙත උපදෙස්දි ඇති බවත් එම උපදෙස් මත එම ඇගලුම් කම්හල මේ වන විට වසා දමා ඇති බවද ඔහු පවසන ලදි.

වටවල ඇගලුම් කම්හලේ සේවය කරන සියලුම දෙනා පි. සි. ආර්. හා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු තව දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා

4,909 views

2 Comments to “වටවල ආසාදිතයන් 232ක්..”

  1. ක්‍රිමිනල් says:

    පකනිල් බිවුව නම් ඉවරයිනේ.

  2. Madushanka says:

    පැණි නෑ විස්ව සක්ති මුට්ටි නෑ ආතල් නෑ එන්නත් ගන්න සල්ලි නෑ හතර වටින් කොරෝනා ලෙඩ්ඩු මිනිස්සුන්ට කන්න බොන්න නෑ මොකද්ද තියෙන විසදුම ජාතිවාදෙ අවුලල ගොන් බයි ලේ කෝප කරල සැබෑ ප්‍රශ්න අමතක කරන එක.ආණ්ඩුව හාමුදුරුවො ටිකක් තම්බි ටිකක් ෆෝම් කරල ඒක ලස්සනට කරනව.

Main News