හැටන් කොටගල යුධ හමුදා ඒකකයට විරෝධය..

August 19, 2020 at 8:02 am | lanka C news
හැටන් කොටගල යුධ හමුදා ඒකකයට විරෝධය..

සුදු අධිරාජ්‍යවාදින් විසින් තේ වතු ආශ්‍රිත තේ කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සුත්‍ර අලුත්වැඩියා කිරිම, තේ නිෂ්පාදනය සදහා නව යන්ත්‍ර හදුන්වා දිම සදහා 1876 දි හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ ඉදි කරන ලද කාර්මික වැඩ පොලක යුධ හමුදා ආපදා ඒකකයක් ස්ථාපනය කිරිමට යාම පිලිබදව එහි සේවකයින් සිය විරෝධය පල කරනු ලබයි.

එංගලන්ත ජාතික ජොන් බ්‍රවුන් නම් ඉංජිනේරුවරයෙකු විසින් ස්ථාපනය කරන ලද එම කාර්මික වැඩපොලේ අංග සම්පුර්ණ කාර්මික වැඩ පොලක් , ඉංජිනේරු නිල නිවාඩ කිහිපයක් සහ සේවක නිල නිවාස කිහිපයකින් සමන්විත බවයි එම වැඩපොල දැනට භාරව කටයුතු කරන කලමණාකරු වන චමිත් ගුණවර්ධන මහතා කියා සිටින්නේ.

රු මිලියන 105 කට වඩා වැටිනා ඉපැරණි දැනට භාවිතයට ගත හැකි යන්ත්‍ර සුත්‍ර ගණනාවක් එම වැඩපොලේ ඇති බවත් , දැනටත් දිවයිනේ පිහිටි තේ කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සුත්‍ර අලුත්වැඩියා කිරිමේ කටයුතු, තේ නිෂ්පාදනය සදහා නව යන්ත්‍ර සුත්‍ර හදුන්වාදිම ඇතුළු සේවාවන් ගණනාවක් සිදු කරන බවත්, එම වැඩපොලේ දැනට සේවකයින් 25 දෙනෙකු පමණ සේවයේ නිරතව සිටින බවයි චමිත් ගුණවර්ධන මහතා කියා සිටින්නේ.

නව ඉසුරු ඉංජිනේරුවන් සමාගම විසින් වසර 35 ක බදු පදනමක් මත මෙම වැඩ පොල ලබාගෙන ඇති බවත් , එම සමාගමේ කොටගල කොමර්ෂල් වැඩපොල භාර ඉංජිනේරුවරයා වශයෙන් තමන් කටයුතු කරන බවයි චමිත් ගුණවර්ධන මහතා කියා සිටියේ.

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග මාස තුනකට අධික කාලයක් රජයේ නියෝගයක් මත තාවකාලිකව නතර කර තිබු අවස්තාවේ එම වැඩපොල භුමියට පැමිණි යුධ හමුදා නිලධාරින් පිරිසක් එම වැඩපොල නිරික්ෂණය කර ගොස් මේ වන විට එම වැඩපොලේ ගොඩනැගිලි කිහිපයක් කිසිදු ලිඛිත අවසරයකින් තොරව අත්පත් කර ගනිමින් මේ වන විට යුධ හමුදා බලැණියක් බවට පත් කිරිමට අවශ්‍යය කටයුතු කර ඇති බවයි චමිත් ගුණවර්ධන මහතා කියා සිටින්නේ.

තමන් යුධ හමුදා කදවුරත් ස්ථාපනය කිරිමට විරුද්ධ නොවන බවත් , එම වැඩ පොලේ හිස්ව තිබු සේවක නිල නිවාස සහ ගොඩනැගිලි කිහිපයක් යුධ හමුදා භට පිරිස් විසින් මේ වන විට අත්පත් කර ගනිමින් දැනට කාර්මික අංශයේ වැඩ කරන වැඩපොල සහ ඉංජිනේරු නිල නිවාසද යුධ හමුදාව වෙත භාර දි සේවා ස්ථානවලින් බැහැර වන ලෙස යුධ හමුදාවේ උසස් නිලධාරියෙකු කමන්ට දැනුම් දුන් බවද චමිත් ගුණවර්ධන මහතා කියා සිටියි.

එම වැඩපොල සම්පුර්ණයෙන්ම වසා දැමුවහොත් සේවකයින් 25 දෙනෙකුගේ පමණ රැකියා නැති වි යන බවත් , එම වැඩපොලේ ඇති වටිනා යන්ත්‍ර සුත්‍ර ද විනාශ වි යාමේ අවධානමකට ලක් වි ඇති බවයි චමිත් ගුණවර්ධන මහතා කියා සිටින්නේ.

මෙම ගැටළුව සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දි ඇති බවයි චමිත් ගුණවර්ධන මහතා කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් අප යුධ හමුදාවේ උසස් නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ මෙම වැඩපොලේ මුල් අයිතිකරුගේ ලිඛිත අවසරයක් මත යුධ හමුදා ආපදා බලැණියක් එම වැඩපොල භුමියේ ස්ථාපනය කිරිමට කටයුතු කරමින් සිටින බවයි.

මේ තුලින් එම වැඩපොලේ සේවකයන්ගේ රැකියා වලට හෝ එහි තිබෙන දේපල වලට කිසිදු හානියක් සිදු නොවන බවද යුධ හමුදා නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.

– හැටන් රංජිත් රාජපක්ෂ

46,807 views

3 Comments to “හැටන් කොටගල යුධ හමුදා ඒකකයට විරෝධය..”

  1. බන්ඩා says:

    වසර 35ක දිගු කාලයක් කරගෙන ව්‍යාපාරයක් වසංගතය ප්‍රයෝජනයට ගෙන අවස්ථාවාදීව පන්නා දැමීම අපේ යුධ හමුදාවට තරම් නොවේ.

  2. Dilshan says:

    There’s nothing wrong in having Army technical unit in this premises. If Government assurance given for the workers why worry? Army is part of this society they are not aliens they are our own relatives, friends Only NGO s hates them

  3. Rana says:

    This is government owned property and I think previous government gave it to this company for a dime. It’s good that army took over it. Army engineering division can give any kind of engineering service to tea factories.