හැටන් ගෑස් පිපිරීමක්..

November 29, 2021 at 12:40 pm | lanka C news
හැටන් ගෑස් පිපිරීමක්..

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවක ගැස් කාන්දුවක් හේතුවෙන් පිපිරිමක් සිදු වි වෙලදසැලට (29) දින හානි සිදුවිම සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත.

(29) දින උදැසන 8.30ට පමණ පිපිරිම සිදු වු බවයි එම ආපන ශාලාවේ හිමිකරු කියා සිටියේ.

තමන් කාලයක් තිස්සේ ආපන ශාලාව පවත්වාගෙන යන බවත්, (29) දින උදැසන ආහාර පිසිමින් සිටියදි ගැස් ටැංකිය සහ ගැස් ලිප අතර ගැස් බට නලය එකවරම පුපුරා ගොස් ගින්න ඇති වු බවයි එම ව්‍යාපාරිකයා කියා සිටියේ.

ගින්නෙන් වෙලදසැලට හානි සිදු වි ඇති බවත්, පිසමින් සිටි ආහාර පාන විනාශ වු බවයි එම ව්‍යාපාරිකයා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

36,870 views

13 Comments to “හැටන් ගෑස් පිපිරීමක්..”

  1. Silva says:

    ඇයි ගෑස් සිලින්ඩරය පුපුරන්නේ නැත්තේ ?

  2. කවුරු හරි කොත්තු කඩයක මුදලාලි කෙනෙක් කඩේ ඇතුලේ පොඩි ගින්නක් ගහලා කොල, පරන රබර්, කැඩුනු ප්ලාස්ටික් වගේ අබලි ද්රව්ය ගිනි තියාගෙන, ගෑස් සිලින්ඩරය පිපිරුනා කියලා කියන්න කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා නම් ප්රදේශයේ සජබ මන්ත්රීගෙන් රැපියල් විසි පන්දාහක් ගන්න පුලුවන්.

    • Silva says:

      උබට ගැලපෙන නම දාගෙන ඉන්නෙ. සේනාදිපතිගෙ රුපියල් 250 දවසෙ පඩියට ආත්මය පාවාදෙන එකෙක්නෙ උබ. 😀

    • iceberg slim says:

      චැ … අපි හරි ශ්‍රේෂ්ට ජාතියක් අප්පා .. ඒ කැත වැඩ අපේ නැහැ … , අපේ අතේ සල්ලි නැති උනත් … බැංකු පද්දතිය අවදානමේ උනත් … භාණ්ඩාගාරේ සල්ලි නැති උනත් …

      අතමාරුවක් කරගන්න , ever ready ජෝන්ස්ටා ඉන්නවා …. ඖලක් ම නැහැ ,

    • Pushpa Kumara says:

      No wonder of your name. It matches how you think and express your thoughts

  3. තණමල්විල අපි says:

    ඒ ගමන සිලින්ඩර් විතරක් නෙවේ බටත් පුපුරනවා…
    ප්‍රමිතියෙන් බාල බට​….
    දැන් මොකාද ඒකට වග කියන්නේ..

  4. බන්ඩා says:

    කාලයක් ග්‍රිස් යකා. දැන් ගෑස් පිපිරැම. පිපිරීම සහ ගිනි ගැනීමෙ වෙනස වත් නොදන්න හරක්.

  5. saman says:

    ගෑස් පිපිරිලා හරි ඉන්න රටක් ඉතුරු උනේ කවුරු හින්දද කියලා අමතක කරන්න එපා. අපි ඉස්සර කොච්චර බයෙන්ද හිටියේ කොලබ බොඅම්බ පුපුරයි කියලා, දැන් බොරුවට ගෑස් එකක් අල්ලගෙන නටනවා. ගෑස් වලට බයනම් කඩෙන් කාපල්ලා එහෙම හරි රටක් ඉතුරු කරපු නායකන්ට බනින් නැතුව.

  6. Manel says:

    There can be a gas leak but the owners must regulary check them. Even if you have petrol can at home and not taken proper care, it can cause fire. Before blaming gas itself, see if you are taking proper caution.

  7. Lahiru says:

    මිනිස්සු එකතුවෙන්න ඕනෙ මේවගෙ අවස්තාවලදි මේක මේ ආයතනය විසින් අදික ලාබ ඉපයීමේ අරමුනින් සැලසුම් සහගතව කරපුවැඩක්. ඔවුන් මිනිස් ජීවිතය තබදොයිතුවකට මායිම් නොකර කරපු මේ ක්‍රියාවන්වලට හරිනම් මේවෙද්දි මොවුන්ව අතඩන්ගුවට අරන්තියෙන්න ඕනෙ. ලස්සනම කතාව ජනමාධ්‍යවලින් හරි අපූරුවට මේ ආයතනය සුද්ද කරනව. ඔවුන් නිකමටවත් අහන්නෑ වෑල් එකෙන් ගෑස් ලීක්වෙන්නෙ කොහොමද.අනික සාමාන්‍යෙන් ගෑස්බටයක් පුපුරන්නෙ එහි නිශ්පාදකයා විසින් සදහන් කර ඇති උපරිම පීඩනය ඉක්මවා ගිය පසුයි. හිගන මාද්‍ය මුන්ගෙ කටුවෙ ඇති රස බලනවා විනා අඅහින්සක මිනිස් ජීවිත දේපල මොවුන්ට සතපහක වටිනාකමක් නැත.

  8. wijaya amithirigala says:

    ගෑස් පිපිරීම් වලට බ්‍රන්ත වී සිටින ජනතාවට තවත් මර උගුලක්! ඔබේ කුස්සියේ ගස් කන් ඳු වී ඇත්නම් එය ගිනි එව්ලීමට සමත් කිසිම ප්‍රමිති සහතිකයක් නැති මුදල් ඉපයීමම අරමුණ කර ගත සමාගම් විසින් දස දහස් ගණනකට උපකරණයක් ප්‍රවර්දනය කරමින් සිටිය. විවුර්ත වෙළඳ පොලේ ඩොලර් දෙක තුනකට මිලදී ගත හැකි (පරීක්ෂණ මට්ටමේ) සෙන්සරයක් යොදා ගෙන මොබයිල් app එකක හරහා ගස් කාන්දු වන්නේනම් ඔබට දුරසිට දැනුම් දියහැකි මෙම උපකරණය මහා සොයාගැනීමක් ලෙස අර්ථ දක්වය්. එහෙත් ප්‍රමිතියෙන් තොර පරිපත හා බැටරි ඇමුණුම ගෑස් කාන්දුවක් දුර සිට ගිනි එව්ළීමට හැකි මර උගුළකි. ගෑස් කාන්දුවක් ඇති බවට සැක නම් දොර ජනෙල් විවුර්ත කර තබා ටික වෙලාවකට පසු විදුලි උපකරණ භාවිත කරන්න. ස්විට්ච්යක එති සපාර්ක් එක ගිනි එව්ලීමට හැකිය. අනරක්ෂිත එලෙක්ත්රොනික් පරිපත හා battery සහිත උපකරනෙවලට නොරැවැටෙන්න .

  9. Edward J. says:

    Be careful! do not use (test level) gas detectors promoted by people with greed to earn money. I saw one company recently tarnished the name of local software trying to sell a detector for a very unreasonable price. Such cheap products can act as detonators! A small spark created inside the device when it communicates with a mobile device can be big enough to ignite the flame, Remember they try to exploit all opportunities to earn money by covering up with the word innovation! Poor guys, poor customers!
    Reply

Main News