හැටන් රක්ෂිතයේ ගින්නක්.. සීඝ්‍රයෙන් පැතිරේ.. ජල මුලාශ සිදි යයි.. පාලනයට හමුදා සහය ඉල්ලයි..

January 30, 2019 at 12:40 pm | lanka C news
හැටන් රක්ෂිතයේ ගින්නක්.. සීඝ්‍රයෙන් පැතිරේ.. ජල මුලාශ සිදි යයි.. පාලනයට හමුදා සහය ඉල්ලයි..

හැටන් වන සංරක්ෂණ කාර්යයාලය යටතේ පාලනය හැටන් රුවන්පුර ජනපදයේ වන වගා රක්ෂිතයේ හට ගත් ගින්න තව දුරටත් පැතිර යමින් පවති.

ඊයේ (29) පස්වරු 4 ට පමණ හටගත් ගින්නෙන් මේ වන විට රක්ෂිතය පුරා සිඝ්‍රයෙන් පැතිර යමින් පවතින අතර ගින්නෙන් වන වගා රක්ෂිතය අසල තිබු තේ වගාවද පිලිස්සි ඇත.

ගින්නෙන් අකක්ර 40 ක පමණ රක්ෂිතයේ කොටසක්  මේ වන විට ගිනිගෙන විනාශ  ඇති අතර ගින්න ෆයිනස්  වගා රක්ෂිතය පැතිර ගොස් ඇති බව හැටන් වන සංරක්ෂණ කාර්යයාලයේ නිලධාරියෙකු කියා සිටි.

ගින්න පාලනය කිරිමට යුධ හමුදාවේ සහය ඉල්ලා ඇති බව එම නිලධාරියා කියා සිටියේය.

ගින්න හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුමාරයක්ද පැතිර ඇති අතර ගින්න හේතුවෙන් රුවන්පුර ජනපදයේ පානිය ජලය ලබා ගන්නා ජල මුලාශද සිදියාමේ අවධානමකට ලක් වි ඇත.

කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව ප්‍රදේශවාසින් පවසයි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිවන පවතින වියළි කාලගුණ තත්ත්වය මත මෙම රක්ෂියට කිසියම් පිරිසක් ගිනි තබන්නට ඇති බව ප්‍රදේශවාසින් කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ                       

141 views
Main News