හැදල අමනුස්සයන්ට මනුස්සකම උගන්වයි.. ප‍්‍රකට හිමිනම තම පන්සලම කොරෝනා නිරෝධායනයට දෙයි..

March 7, 2020 at 10:40 am | lanka C news
හැදල අමනුස්සයන්ට මනුස්සකම උගන්වයි.. ප‍්‍රකට හිමිනම තම පන්සලම කොරෝනා නිරෝධායනයට දෙයි..

හැදල ලාදුරු රෝහල කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට තීරණය කිරීමට විරුද්දව ඇතිව තිබෙන විරෝධතා ගැන සිංහලේ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

“ යො මං උපට්ඨහෙය්‍ය සො ගිලානං උපට්ඨහෙය්‍ය …”

ඉතාලිය කොරියාව වැනි රටවල අප වෙනුවෙන් නොයෙකුත් දික් කම් කටලු විදිමින් , අනෙක විධ දුක්ගැහැට වලට ලක්වෙමින් පසුගිය දශක කිහිපයේම ශ්‍රී ලාංකික ආර්ථිකයට උපරිම සේවයක් සිදු කරන ලද්දේ අපගේ රට විරුවන්ය . මේ වනවිට ජාතියක් ලෙස කොරෝනා වයිරසය හේතුවෙන් ඔවුන් අසරණතාවයට පත්ව ඇත .

ඇත්ත වශයෙන්ම ඒ අසරනවන්නේ ඔවුන්ගේ ජිවිතමද රටක් ලෙස රට විරුවන් අප වෙනුවෙන් කරනා කල සේවය අමතක කිරීමට තරම් අප ගුනමකුවිම පිලිබදව ලැජ්ජාවට පත්විය යුතුය .

මේ වනවිට රටවිරුවන් ලංකාවට ගෙන්වාගෙන නිරෝධායනය කිරීම සදහා තාවකාලිකව රදවා ගැනීමට ස්ථානයක් නොමැතිකම හා එවැනි ස්ථානයක් සදහා මේ භුමිය තුල ඉඩකඩක් වෙන්කර දීමට යාමෙන් විවිධ ස්ථානවල ආගමික නායකයන් හා දේශපාලන නායකයන්ගේ විරෝධය දක්වන තත්වයට ප්‍රශ්නය උඩුදුවා ඇත .

රටවිරුවන්ගේ අගය පිලිබදව හොදින්ම දන්නා හිමිනමක් වන සිංහලේ සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිපානන් වහන්සේ තමන් වැඩවාසය කරන අංක 99 එදිරිසිංහ පාර මිරිහාන නුගේගෝ සමාධි විහාරයේ ගොඩනැගිල්ලෙන් කොටසක් මේ විරුවන් වෙනුවෙන් ලබාදීමට කැමැත්ත පළකර ඇත. ඒ තුන් ලෝකාග්‍ර බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කල ධර්මය අනුව යමිනි ,

“යො මං උපට්ඨහෙය්‍ය සො ගිලානං උපට්ඨහෙය්‍ය …” (මහාවග්ගපාලිය – චීවරක්ඛන්ධකය) යනාදී ලෙසින් යමෙක් ගිලනුන්ට උපස්ථාන කෙරේද හේ මට උපස්ථාන කිරීම හා සමාන වන්නේ යයි වදා ඇති බුද්ධ වචනය සරණ යමිනි .

“මහණෙනි, නුඹලාට උපස්ථාන කරන මව්පියෝ නැත්තාහ. නුඹලා අන්‍යොන්‍ය ලෙස උපස්ථාන නොකරන්නේ නම් කවුරු උපස්ථාන කෙරෙත් ද! යමෙක් මට උපස්ථාන කරයි ද හේ ගිලනුන්ට උපස්ථාන කරයි. රෝගි භික්ෂුවට ආචාර්ය වරයෙක් උපාධ්‍යවරයෙක් වේ නම් ඔහු දිවිහිමියෙන් රෝගියාට උපස්ථාන කළ යුතුය. රෝගියාගේ සුවය බලාපොරොත්තු විය යුතුය. කිසිවෙකු රෝගියාට නැත්නම් සංඝයා විසින් උපස්ථාන කළ යුතුය” යනාදී ලෙසින් භික්ෂූන් වහන්සේට රෝගී උපස්ථානය ගැන කරුණු වදාළහ.

බලධාරින් හා නිලධාරීන් අහිංසක රටවිරුවන්ගේ ජිවිත අවධානමකට ලක් නොකර නිරෝධායන කටයුතු ඉක්මනින් ආරම්භ කරන ලෙසට උන්වහන්සේ වැඩි දුරටත් අවධාරණය කර සිටියාය .

ප්‍රදීප් සංජිව
සිංහලේ සංවිධානය
ජාතික සංවිධායක

109,192 Viewers

19 Comments to “හැදල අමනුස්සයන්ට මනුස්සකම උගන්වයි.. ප‍්‍රකට හිමිනම තම පන්සලම කොරෝනා නිරෝධායනයට දෙයි..”

  1. puncha says:

    Budun wahanse men meth sithin anukampa karana oba weni sangaya wahansela keepa denek sitima gana adambarai.
    Parawal haras karagena rogin yaai saka kerena rata viruwan handalata genna epa yai redi ussagena ke gahana cheewaradarin kumatada me sasunata? Kumatada me siri lakata. Munge pansal walata yamath lajjawak. Sivuru arala gederata wela hitapan mee harak tika. Hama reddatama upawasa karanawa sasuna gena thamba doithuwak wath hithanne nethiwa.
    Budun deshana kala daahmata thawath agawurawa karanna epa mee hark cheewaradarin.

    • john the baptice says:

      මීගමුවෙ කුඩු බයියා වගේ ඔන්න නුගේගොඩ ගොන් බයියොත් පාරට බහී. තමන්ගෙ පන ගැන බයක් ඇති වුන ගමන් මුන්ගෙ දේසප්‍රෙමෙ කොහෙ ගියාද නෑ. කයිවාරුව ෆේස්බුක් එකේ විතරයි.

      • මලිත් says:

        නුගේගොඩ බයියො විතරක් නෙවෙයි ටොය්යොත් එලියට බහිවි..හැම එකටම ආන්ඩුවට බනින ගුඇන්පී රතුඅලි සෙට්‍එක පොහොට්‍ටුවක් අතට අරගෙන වැඩේට බහී චන්දෙත් ලඟයිනෙ .ගොඩේ ඉඳල ආපු ටොයියොන්ට කොළඹ ඉපදුන මිනිස්සුන් බයියොලු

        • අනේ කාලේ says:

          ඒක තමයි හිනා යන වැඩේ ටොයියො කියලා හිතන් ඉන්න වැඩි දෙනෙක් ඈත පළාත් වලින් කොලඹට ඇවිත් තමන් ගමෙන් ආ බව වහ ගන්න දඟලන අය.😁
          කොලඹ උපන් අයට ඔය ටොයි බයි ලෙඩේ නැහැ. බහුතරයක් ඉන්නෙ තමන්ගෙ රට ජාතියට ආදරේ අය.

          • සිංහල බන්ඩා says:

            ටොයියො කියල වචනයක් නෑ. බයියා කියන එක මහින්දම අය වැය ඉදිරිපත් කරද්දි තමන්ටම කියා ගත්ත එකක්.

        • Saman says:

          මෙන්න මීගමුවෙ කුඩ්ඩගෙ ගෝලයෙක් කමෙන්ට් කරල

          • මලිත් says:

            මීගමුවෙ කුඩ්‍ඩටත් එක්ක තමයි කිවුවෙ සමනො.උඹගෙයි ඒකගෙයි කිසි වෙනසක් නැහැ.පඩ ගඳයි උඹල ලඟ.අපි කොළඹ හරිද.හැමකෙනා සමඟම සහයෝගයෙන් ඉන්න මිනිස්සු අපිස

  2. Mother Theresa says:

    This really reflects the largeness of the heart!

    It was a very agonizing scene to observe that some Buddhist priests accompanied by Christian clergy protesting against Heitta quarantine centre.The scene of vociferous Buddhist monks shouting at the top of their voice against their own brethern and sistren reminds me of the Lord Buddha’s preaching on how to treat the sick people!

    Are the Buddhist and the Christian clergy who incites the uneducated people to protest against their own religious values really religious leaders? Blissful ignorance!

  3. පහන් says:

    නුගේගොඩ මිරිහානේ නිරෝධායන මධ්‍යස්ථානයක්…..

    • වෙරිසොරි says:

      අපි නුගේගොඩ. කිසි ප්‍රශ්නයක් අපට නෑ. ස්වාමින්වහන්සේ නිවැරදියි

      • දේවක says:

        උබට ප්‍රශ්නයක් නැති වුනාට පොහොට්ටුවෙ ලාන්සා වගේ මන්ත්‍රීලට ඒක ප්‍රශ්නයක්, නුගේගොඩ පොහොට්ටු කාරයොත් ලොකු කලබලයක් ඇති කරයි චන්ද වෙනුවෙන්.

      • අපිත් නුගේගොඩ.. කිසිම ප්‍රශ්නයක් නැහැ..
        නොමැරෙන මිනිස්සු, ලෙඩ නොහැදෙන මිනිස්සු වගේ උඩ පනින අයට තමන්ටත් ඒ වගේ ලෙඩක් හැදුනු දාට තේරෙයි..

  4. Niru says:

    Those who protests are neither Buddhists nor Christians

  5. Political Joker says:

    Ubaata Pisda NIRU, Bullers Road Ekke JR Hamba Mudiyanse ge walauwa ganna yanne.

  6. Aurora says:

    ගරු හිමියනි, මේ විරෝධතාවය ටයි එකක් දමාගෙන ළඟ එන මැතිවරණයේ නියත පරාජය නළලේ කොටගෙන ඉන්න පාදඩ දේශපාලකයකුගේ මනාප සටනේ කොටසක්. වෛරස් සඳහා හොඳම ප්‍රතිකර්මය වන කොත්තමල්ලි තම්බල බොන එක සුලභ මේ රටේ නිරෝධායනය කියන්නේ මොකක්ද කියල නොදන්න මෝඩයොත් ඉන්නවා. අසරණ මිනිස්සු කුලප්පු කරලා තමුන්ගේ මනාප හදාගන්න අපතයොත් ඉන්නවා. ලංකාවට කොරෝනා රෝගියෙක් ගොඩබැස්ස වහාම ඇතුල්කරණ මීගමු රෝහල පිහිටලා තියෙන්නේ මහාම ජනාකීර්ණ ප්‍රදේශයක. නමුත් රෝහල වටේ ඉන්න උගත් ජනතාව (බොහෝ අය වෛද්‍යවරු) කුලප්පු කරලා මනාප ගන්න බැරි අපතයෝ වත්තල අසරණ මිනිස්සුන් රවටනවා.

    • ON LOOKERS says:

      The people witnessed the fellow feeling of the Handala residents over the past few days,when the fellow citizens who bring much needed foreign exchange to the country are in trouble.

  7. නිරීක්ෂකයා says:

    හිරු ඇහුව්වොත් සල්ලි තමයි. 🙂
    තෙල්දෙනියේ හිරේ ගිය සිංහලයින් පෙන්නලා රු.ලක්ෂ 50ක් පිටරටින් ගත්තේ ඔය මිරිහානේ කෙනෙක්. ඒ පැමිණිල්ලත් මිරිහාන පොලීසියේ තිබෙනවා. කවුරු කවුරුත් පොකට් එක බලාගෙන.

  8. Love nature says:

    සැබවින්ම බුදුන්වහන්සේ දේශනා කළ පරිදි “ගිළනුන්ට උපස්ථාන කිරීම මට උපස්ථාන කිරීමක් හා සමානයැ”යි දේශනා කළේ උන්වහන්සේ විසින් ගිලන් බවට පත් වු පූතිගතතිස්ස තෙරුන්වහන්සේට රෝගී සත්කාර සේවා කළ අවස්ථාවේය.

  9. Sarath Bulathsinghala says:

    The Buddhist priest is a village idiot handled by the other Black Belts standing behind. Anything that happens in the Christian Belt there are protests. These are organized by the Christian Church. It is no surprise that they employ uninformed Buddhist priests as cat’s paws to get the maximum publicity and when necessary lay the blame at the feet of the Buddhist Establishment.

Main News