හැදුනුම්පත් කොමසාරිස් ජනරාල් ඉවත් කෙරේ..
November 26, 2016 at 12:40 pm | lanka C news
වහාම ක්‍රියාත්මක වන පරිදි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් සරත් කුමාර මහතා එම තනතුරින් ඉවත් කරන ලද බව වයඹ සංවර්ධන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්.බී නාවින්න මහතා පවසයි.
පුරප්පාඩු වූ තනතුර සදහා ආගමන විගමන පාලක ලියාන් ජයතිලක මහතා පත්කිරීමට අදාල කැබිනට් පත්‍රිකාවක් කැබිනට් අනුමැතියට යැවූ බව ඔහු පැවසීය.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හදුන්වාදීමට නියමිත විද්‍යුත් හැදුනුම්පත සදහා ඉදිරිපත්ව තිබූ එක හැදුනුම්පතකට රුපියල් 80ක් වූ ටෙන්ඩරය පිලිනොගෙන රුපියල් 40ක් වූ ටෙන්ඩරය පිලිගැනීම නිසා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ස්ථාන මාරුකිරීමේ සූදානමක් ඇති බව කැෆේ සංවිධානය මීට පෙර පවසා තිබින.