හැමදාම කිච වෙන්න බෑ.. තෙල් මිල සුත‍්‍රය අපට දියවු..- එජාප පසුපෙල ඇමති මංගලට විරුද්ද විරෝධතා..

October 7, 2018 at 3:50 pm | lanka C news
හැමදාම කිච වෙන්න බෑ.. තෙල් මිල සුත‍්‍රය අපට දියවු..- එජාප පසුපෙල ඇමති මංගලට විරුද්ද විරෝධතා..

ඉන්ධන මිල සුත‍්‍රය තමනට හෝ හෙලි නොකිරීම නිසා එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රිවරුන් දැඩි ලෙස නොසන්සුන් වී සිටින බව වාර්තා වෙයි.

යන යන තැන ඉන්ධන මිල සුත‍්‍රය කුමක්දැයි විමසද්දී තමනට කර කියා ගත හැකි දෙයක් නැති වන බව ඇතැම් මන්ත‍්‍රින් ජෙයෂ්ඨ ඇමතිවරුරන් හා සදහන් කර ඇත.

මෙම මිල සුත‍්‍රය ඉල්ලා මුදල් අමාත්‍යංශයට ලිපි යැවුවද එයටද මෙතෙක් පිලිතුරු නැතැයි ඇතැමුක් සදහන් කර ඇත.

මේ තත්වය පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දැන්වීමට පසුපෙල මන්ත‍්‍රී පිරිස තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

මිල සුත‍්‍රය නොලදහොත් මාධ්‍ය හමු මෙන්ම රූපවාහිනි විවාද වලටද සහභාගී නොවීමට ඇතැමුන් තීරණය කර ඇතැයිද වැඩි දුරටත් පැවසෙයි.

40 views
Main News