හැමදාම දුප්පත් වී ඉන්න බෑ.. ආධාර දෙන රටවල සමුළුවක් තියලා ආධාර ඉල්ලා ගන්නවා..- සජිත්

October 31, 2019 at 12:40 pm | lanka C news
හැමදාම දුප්පත් වී ඉන්න බෑ.. ආධාර දෙන රටවල සමුළුවක් තියලා ආධාර ඉල්ලා ගන්නවා..- සජිත්

උතුරත් නැගෙනහිරත් සංවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර ආධාරක සමලුවක් පවත්වා එම පලාත්හි ඓතිහාසික සංවර්ධනයක් සිදු කිරීමට තමන් බලාපොරොත්තුවන බවට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ එලඹෙන ජනාධිපතිවරනය වෙනුවෙන් වවුනියාව යන්ස්ටාර් ක්‍රිඩාංගනයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් ජනතාව අමතිමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ,

‘අපි ජාතික සංවර්ධනය වෙනුවෙන් ජනාධිපතියි ජනතාවයි අතර සමබන්ධතාවයක් තියෙන්න ඕන ඒ වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම ඒ තුලින් උතුරු සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවනවා නැගෙනහිරටත් එහෙමයි එලෙසින් රටේ සියලු පලාත්වල පිහුටුවනවා ඒ වගේම අපි ජනාධිපති ඒකක හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම පිහිටුවනවා.

හැමදාම දුප්පත්කම මෙහෙම තියෙන්න බැහැ ඒකෙන් මිදෙන්න ඕන අනිවාර්යෙන්ම සමෘද්ධි වැඩසටහනට අමතරව රණසිංහ ප්‍රෙමදාස ජනාධිපතිතුමන් ක්‍රියාත්මක කරපු ජනසවිය වැඩසටහනත් ක්‍රියාත්මක කරනවා .

මගේ පියාණන් තමයි මේ රටේ පාසල් යන දූ දරුවන්ට නිල ඇඳුමයි දිවා ආහාරයයි ලබා දුන්නේ මගේ ප්‍රතිවාදි අපේක්ෂකයා නියෝජනය කරන දේශපාලන කණ්ඩායම තමයි ඒ දිවා ආහාරය කපා දැමුවේ මම විශේෂයෙන්ම කියන්න ඕන මගේ පියානන්ට අවසන් කරන්නට බැරිවුන වැඩක් තියනවා මේ පාසල් දූදරුවන්ට ඒක මම ඊෂ්ඨ කරනවා.

16 වනදා ජයග්‍රහනයත් එක්ක මම පොරොන්දු වෙනවා පාසල් යන දූදරුවන්ට පාසල් නිලඇඳුම් කට්ටල දෙකයි සපත්තු කුට්ටමයි දිවා ආහාරයයි ඒ වගේම රටේම තියන පෙරපාසල් අධ්‍යාපනය නොමිලේ අධ්‍යාපනයක් බවට පත් කරලා ඒ පාලිකාවන්ට ගුරුතුමියන්ට සහය පාලිකාවන්ට රජයේ අරමුදලකින් වේතන ගෙවලා පෙරපාසල් පද්දතියත් ශක්තිමත් කරලා පෙරපාසල් දරුවන්ටත් දිවා ආහාරය ලබා දී දැවන්තම සංවර්ධයක් සිදු කරනවා කියලා මම පොරොන්දු වෙනවා.

ජනරැලිය වෙනුවෙන් අමාත්‍යවරුන් වූ රිෂාඩ් බදියුදීන්, පී.හැරිසන්, රවුෆ් හකීම්, විජයකලා මහෙස්වරන්, මනොගනේෂණ්, පාරිලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, ඩී.එම් ස්වාමිනදන් යන අය සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

39 views

16 Comments to “හැමදාම දුප්පත් වී ඉන්න බෑ.. ආධාර දෙන රටවල සමුළුවක් තියලා ආධාර ඉල්ලා ගන්නවා..- සජිත්”

  1. හිගාකන්න උපන් හපන් හිඟන්නෝ- කතිරෙ ගැහුවොත් මේ හිඟන්නාට මුලු රටම යා හැක හිඟමනට…

  2. Sandra says:

    🤣🤣🤣 Muu awoth apita loke minissunta muuna denna baruwa marennai wenne

  3. Lokke Mama says:

    අම්මට සිරි බොල බලපල්ලකො මෙයාගෙ සුපිරි මොලේ. මීට කලින් එකෙකුටවත් මෙහෙම සුපිරි අදහස් පහල වුණාද ?

    ඔන්න දැන් සජිත් ඔය සමුලුව කැඳවනව. රටවල් ටික පෝලිමේ එනව ඔන්න ආධාර දෙන්න.

    ඔන්න දැන් ඩිගි ඩිගි ගාල ආධාර වැටෙනව.

    ඔන්න දැන් ඔය ආධාර සඡියගෙ සුපිරි වයාපෘති වලට යොදවනව.

    ඔන්න දැන් ටික ටික මෙයාගෙම හෙන්චයියලා මඟින් රටේ ගම් නගර සීඝයෙන් සංවර්ධනය වෙනව.

    ඊටත් වඩා වැඩි වේගෙකින් මෙයයි මෙයාගෙ හෙන්චයියො ටිකයි සංවර්ධනය වෙනව.

    අයියෝ….යෝඕ මගදි ඇහැරුනානෙ මගෙ මුලු හීනෙම ඉවරෙටම ඉවරයි. අපරාධෙ…

    නොදකින්…..ඒකත් දැනටම බොඳවුණු මෙයාගෙ ඡනාධිපති හීන වගේමයි.

  4. Lokke Mama says:

    මේ වගේ පැණි ඛේරෙන රසවත් අදහස් තියෙන සුපිරි බුද්ධියකින් හෙබි තරුණ ඡවයක් රටේ ජනාධිපති කරගන්න යම් ජාතියක් අසමත් වේද ..

    ඔවුහු මහත් අභාගය සම්පන්න ජාතියකි..

  5. Nihal says:

    Aho kedayaki – Gota became president on 16th November.

Main News