හැමදාම බදු ගහනවා කියා මට චෝදනා කලත් මේ බදු තව ටික කාලයයි..

January 29, 2017 at 6:48 pm | lanka C news
හැමදාම බදු ගහනවා කියා මට චෝදනා කලත් මේ බදු තව ටික කාලයයි..

හැමදාම බදු ගහනවා කියා තමනට චෝදනා කලත් මේ බදු පවතින්නේ තවත් ටික කාලක් පමණක් බව මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මන්නාරම නානාට්ටාන් හි සහල් මෙට්‍රික් ටොන් 10,000ක් ගබඩා කළ හැකි වී ගබඩාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ රවී කරුණානායක ඇමතිවරයා මෙසේ කීවේය.

‘‘මට චෝදනා කරනවා හැමදාම බදු ගහනවා කියා. මේ බදු තියෙන්නේ ටික කාලයයි. ඒවා හැමදාම නෑ, ඉතා ඉක්මණින් අපි ජනතාවට අවශ්‍ය සහන ලබා දෙනවා. අපි රජය බාරගන්නා විට ආදායමට වඩා වියදම් වැඩිවෙලා තිබුණේ. නමුත් දැන් අපි පුණරාවර්ථන වියදම් ගෙවනවා. ආර්ථිකය සකස් වෙමින් තිබෙනවා. ඉතා ඉක්මණින් එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙනවා. ඒ අතර තමයි අපි මේ වගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ. රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් කෘෂිකර්මාන්තයේ දායකත්වය සියයට 10ක් වුවත් රටේ ජනතාවගෙන් සියයට 35ක් නිරත වෙලා ඉන්නේ කෘෂිකර්මාන්තයේ. මෙය ගැටලු සහගත තත්ත්වයක් ගොවීන්ට තමන් කරන මෙහෙවර වෙනුවෙන් ප්‍රමාණවත් ආදායමක් නැහැ. මේ තත්ත්වය අපි හඳුනාගෙන එය වළක්වාගත යුතුයි.

මේ වගේ වී ගබඩා 35ක් අපි රට පුරා ඉදිකරනවා. මෙයින් සෘජුව ම ගොවීන් දහස් ගණනක් සහ වක්‍රව තවත් පවුල් දහස් ගණනක් තම අතමිට සරුකර ගන්නවා. මන්නාරම කියන්නේ සියලු ජාතීන් ජීවත්වන ප්‍රදේශයක්. ජාතික සමගිය මෙහි මනාව පිළිබිඹු වෙනවා. අපි මේ වගේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙනුත් ජාතික සංහිදියාව අපේක්ෂා කරනවා.

රිෂාඩ් බදුයිදීන් ඇමතිතුමා නිතරම අපෙන් විවිධ දේ ඉල්ලනවා. මන්නාරමේ ජනතාව වෙනුවෙන් උතුරේ ජනතාව වෙනුවෙන් එතුමා නිතරම කතා කරනවා. සංවර්ධන යෝජනා ක්‍රමවලට මුදල් අවශ්‍ය බව කියනවා. අදත් දිසාපතිතුමා සමග මගෙන් බස් නැවතුම්පොළක් ඉල්ලා සිටියා. මම එතුමාට කියන්න කැමතියි අවශ්‍ය යෝජනාව සකස්කරලා දෙන්න. අපි සූදානම් මන්නාරමට නවීන පහසුකම් සහිත නව බස් නැවතුම්පොළක් ලබා දෙන්න. අපි සියලු ජාතීන් වෙනුවෙන් සියලු ජාතීන් සිටින ප්‍රදේශ සංවර්ධනය කරනවා. ජාතික සමගියෙන් රටේ සමබර සංවර්ධනයක් ඇති කරමින් සිටිනවා.

– සජීව විජේවීර

0 views

6 Comments to “හැමදාම බදු ගහනවා කියා මට චෝදනා කලත් මේ බදු තව ටික කාලයයි..”

  1. ඉරාන් says:

    ඔව් ඔව්..කල්දාලා කල්දාල කවදහරි ඡන්දයක් තියන්න වෙනවනෙ..අන්න ඊට මා….සෙකට විතර කලින් බදු ඔක්කොම අයින් කරන්ට..පුන්නක්කුවල බදුත් අයින් කරන්ට අනිවාර්යයෙන්ම..එතකොට ඉතිරිවෙලා ඉන්න බත් භක්ෂක ගව මහේක්ෂාධීන්ට ආ…පහු පුළුවන් නෙවැ උඹලට කතිරෙ ගහන්න…

  2. Dr. know says:

    තාමත් ඉතුරු වෙලා ඉන්න මෝඩ යුඑන්පී පොන්න සෙට් එකට චූන් වෙන්න මේව මේ කියන්නෙ.

    • sunil perera says:

      ඇයි මෙයාව අස්කරනව කියල පඹයා කිව්ව නේද.

  3. samayan kolamaa says:

    Ane nari nayde තියෙන්නේ ටික කාලයයි. ඒවා හැමදාම නෑ, ඉතා ඉක්මණින් අපි ජනතාවට දෙනවා. haa..haa..athi athi. nawaththaa gaththaa nam purasaarama. awurudu 5 kata passe ජනතාව සෘජුව ම දෙනවා. duwannama.

  4. Sunil Fonseka says:

    You idots can tel anythig now. But your pre election releaf packages can’t earn votes. Already we have decided what to do. You crabs dance untill election.

  5. Sunil Fonseka says:

    You idots can tel anythig now. But your pre election releaf packagers can’t earn votes. Already we have decided what to do. You crabs dance untill election.

Main News