හැමදාම විරෝධතා උද්ඝෝෂණ.. ආණ්ඩුව ගෙනියන්න බෑ වගේ.. ආණ්ඩුව රැක නොගතහොත් කෑලිවලට කැඩී යයි..
July 28, 2017 at 3:00 pm | lanka C news
අද මේ ආණ්ඩුව ගැන ගමේ ජනතාවට විශාල ප්‍රශ්නයක් ඇති බවත් ජනාධිපතිතුමන් ආණ්ඩුව රැක නොගතහොත් කෑලිවලට කැඩී යනු ඇති බවත් නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
රට පුරා දිනපතා පවතින විරෝධතා උද්ඝෝෂන දෙස බැලූ විට පෙනී යන්නේ ආණ්ඩුව ගෙන යන්න බැරි තත්වයක් බවත පෙන්වා දෙන ඔහු මෙම විරෝධතා රැල්ල බොහෝ නරක විදිහට පෙනෙන බවද සදහන් කරයි.
ඔහු මේ අදහස් පල කලේ ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.