හැමෝටම දෙන්න රජයේ රැකියා නෑ…- WDJ

December 30, 2019 at 8:02 am | lanka C news
හැමෝටම දෙන්න රජයේ රැකියා නෑ…- WDJ

වර්තමානයේ සියළු දෙනාම  රජයේ රැකියා බලාපොරොත්තු වුවත් එසේ ලබා දීමට රජයේ රැකියා නොමැති බවත්, රැකියා අභියෝග ජය ගැනීමට  විධිමත් වෘත්තීය පුහුණුව අද අත්‍යවශ්‍ය සාධකයක් වී ඇති බවත්  ආර් ථික සහ ප්‍රතිපත්ති සංවර් ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න පවසයි.

ඒ මහතා මෙම අදහස් පළකලේ පැල්මඩුල්ල සිල්වරේ හෝටලයේ පැවති ජාතික වෘත්තීය සුදුසුකම් සහතික පත්‍ර ලබා දීමේ උත්සවයකට එක්වෙමිනි.රත්නපුර අයි.පී.සී.එස් පරිගනක ආයතනයේ පාඨමාල හැදෑරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200 දෙනෙක් සඳහා එහිදී වෘත්තීය සුදුසුකම් සහතික පත්‍ර ලබා දෙන ලදී.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,අපි සංවර්ධනය වෙමින්  පවතින රටක් ලෙස මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් තමයි රැකියා වෙළඳ පොලට අවශ්‍ය විධිමත් පුහුණුවක් ලැබු පිරිස් නොමැතිකම.උපාධිදාරීන් සඳහා කෙසේ හෝ අමාරුවෙන් රජයේ රැකියා ලබා දුන්නත් එයත් අඛන්ඩව සිදු කිරීම රජයට විශාල අභියෝගයක්.පසුගිය මහින්ද රාජපක්ෂ රජය කාලයේ එකවර උපාධිදාරීන් 52,000කට රැකියා ලබා දුන්නා.අද තවත් උපාධිදාරීන් 40,000ක් පමණ රජයේ රැකියා බලාපොරොත්තු වෙමින් සිටිනවා.ඔවුනට කෙසේ හෝ රජයේ රැකියා ලබා දීමට වත්මන් ජනාධිපතිතුමා අවශ්‍ය වැඩපිළිවෙල සකස්කරන බවට ප්‍රකාශ කර තිබෙනවා.නමුත් සාමන්‍ය පෙළ සමත්වන අයට උසස්පෙළ සමත්වෙන අයට රජයේ රැකියා දීමට හැකියාවක් නෑ.ඔවුන් අනිවාර්යයෙන් රැකියා ඉල්ලුමට සරිලන වෘත්තීය පුහුණුවක් ලබා ගෙන රැකියා සොයාගත යුතුයි.විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ විශාල රැකියා ඉල්ලුමක් දේශීය හා විදේශීය වශයෙන් තිබෙනවා.ඉංදියාව අද තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ ශ්‍රම වෙළඳපලට අවශ්‍ය මානව සම්පත ලබා දෙන ප්‍රධානතම රටක් බවට පත්වෙලා.එවැනි වැඩපිළිවෙලකට අපි ගමන් කළ යුතුයි.විද්‍යාව හා තාක්ෂණය මුසුවූ වෘත්තීය පුහුණුවක් අවශ්‍යයි.

අතිගරු ජනාධිපතිතුමත් මෙම විෂය සම්බන්ධව හසල දැනුමක් ඇති පුද්ගලයෙක් නිසා එම ඉලක්ක අපිට සපුරාගත හැකියි.සෙනෙවිරත්න මහතා පැවසීය.

අපනයන කෘෂිකර් ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා

2020 වසරේ තරුණ තරුණියන් ලක්ෂයකට රජයේ රැකියා ලබා දීමට රජය සැලසුම් කර තිබෙනවා.අඩු අධ්‍යාපන මට්ටමක් ඇති අය වෙනුවෙන් එම රැකියා ලබා දීමට නියමිතයි.එම පිරිසටද විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා.තොරතුරු තාක්ෂණය අද හැමෝටම අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්වෙලා. රාජ්‍ය ආයතනවල කටයුතු ජනතාවට වඩාත් පහසු  ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට තමයි ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව වී තිබෙන්නේ. අමාත්‍යවරයා පැවසීය.

– ධම්මික තිලකරත්න

17,752 Viewers

2 Comments to “හැමෝටම දෙන්න රජයේ රැකියා නෑ…- WDJ”

  1. desta says:

    me wage ridirigamanak nethi deshapalakayo pension yawanna

  2. Aurora says:

    ගොන් කථා නොකිය ඉන්නවා බාස්උන්නැහේ, මිනිස්සුන්ට, තරුණයන්ට ඔය සොච්චම් ආණ්ඩුවේ පඩිය නොවෙයි පෞද්ගලික අංශයේ වැඩි වැටුප් ගන්න රැකියා සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් ක‍ර ඕන. කෙහෙල්මල් පෙන්ෂන් එක නෙමෙයි EPF එක පරම්පරා ගානකට ප්‍රථිපල දෙනවා. මේ වගේ මෝඩයන්ට චන්දෙ දීල පාර්ලිමේන්තු එවන්නේ පසුගාමී හනමිටි කාරයෝ. ඔවුන්ට ඉදිරි දැක්මක් නැහැ, ගෝඨාභයට ගැලපෙන දක්‍ෂ බුද්ධිමත් මන්ත්‍රීවරු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණෙන් පත්කරමු.

Main News