හැමෝම එක්ක සාකච්චා කර තීරණ ගත්තානම් පොහොර ප‍්‍රශ්ණය මෙහෙම වෙන්නෙ නෑ…

November 11, 2021 at 12:00 pm | lanka C news
හැමෝම එක්ක සාකච්චා කර තීරණ ගත්තානම් පොහොර ප‍්‍රශ්ණය මෙහෙම වෙන්නෙ නෑ…

පොහොර ප්‍රශ්නය පිළිබඳව විපක්ෂය ඇතුළු සියලු අංශ සමඟ සාකච්ඡා මාර්ගයට යාම වඩා වැදගත් බවත් මුලින් සාකච්ඡාවකට ගියේ නම් වර්තමාන ප්‍රශ්න ඇති නොවන බව තම පෞද්ගලික විශ්වාසය බවත් වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

හරිත කෘෂිකර්මාන්තයට අවතීර්ණ වූයේ යහපත් චේතනාවෙන් මිස කිසිවෙකුට රිදවීමට නොවන බවත් පැවසූ ඔහු රජය රටේ කෘෂිකර්මාන්තය කඩා වැට්ටීමට කිසිම විටක සූදානම් නැතැයි ද පැවසීය.

ජනතාවගේ යහපත සුභසිද්ධිය සැලකිල්ල ගෙන ආණ්ඩුව සහ විපක්ෂය මේ ප්‍රශ්නය සම්බන්ධ සාකච්ඡා කර සම්මුතියෙන් කටයුතු කිරීම වඩා වැදගත් බවත් දේශපාලන පටු චේතනාවෙන් කටයුතු කරන අයට වඩා එසේ කිරීම සුදුසු බවත් ඔහු සඳහන් කළේය.

බොහෝ දෙනෙකුට ආණ්ඩු කරන්න දේවල් මතක් වෙන්නෙ විපක්ෂයට ගිය විට යයිද පැවසූ අමාත්‍යවරයා රටේ අනාගතය සඳහා සාකච්ඡාවට එකතු වෙන්නයි විපක්ෂයට ආරාධනා කරන බවද කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

37,162 views

11 Comments to “හැමෝම එක්ක සාකච්චා කර තීරණ ගත්තානම් පොහොර ප‍්‍රශ්ණය මෙහෙම වෙන්නෙ නෑ…”

  1. 0.00069 BIYYO says:

    ඔය කොමඩි මැදමූලන ගිහින් දාගනිල්ලා. රටක් පාලනය කරන්න ඔය වගේ මෝඩ කොමඩි පාර්ලිමෙින්තුවෙි දාල බෑ…….

  2. LalithM says:

    මම පොල් පොහොර හොයනව අවුරුදු දෙකක ඉඳල. ඉන්නේ ගම්පහ. ඒත් කාබනික හෝ රසායනික නිර්දේශිත කිසිම දෙයක් නෑ. එක එක දේ දාන්න කියනව. කුකුල් පොහොර, කොම්පෝස්ට් වගේ. ඒත් කුකුල් පොහොර දැන් නෑ. මොනව කරන්නත් සැලසුමක් නැතිව බෑ. රජයට නැත්තේත් ඒකම තමා. පිස්සන් කොටුවට යන්න ඕන උන් පාර්ලිමේන්තුවේ සහ වෙනත් පුටුවල….

  3. Citizen says:

    Absolutely correct. Governance has to be more democratic and inclusive and NOT a “One Man Show”.

  4. A Sri Lankan says:

    You should have thought about it when you supported 20 A.

  5. SL says:

    දැන් වත් ඕක කරන්න බැරිද. ගොමයි , ගඳයි විතරයි කිරි නැති හරක් පට්ටියේ 225 ම හැමදාම රැස් වෙනවා නේ ,

  6. Gamarala says:

    මුන් සේරම එක වල්ලේ පොල් අමතක ක‍රන්න එපා මෙය තමයි චීනුන්ට වැවක් හදන්න කැලෑව කපන්න පටන් ගත්තේ.

  7. KUMARA says:

    Aka hills putuatai mallitai kiyanna

  8. J.K Dadallage says:

    පාර්ලිමේන්තුව තියෙන්නේ ඒකට තමයි රනිල් මතක් කරලා දුන්නේ පාර්ලිමේන්තුවට බලතල රැගෙන සාකච්ඡා කරලා විසඳුම් සොයන්න ඒත් ඔතන ඉන්න නූගත් වැඩි පිරිසට ඕක තේරුම් ගන්න මොළයක් නැහැ .

    • MD says:

      ඔය කොලේ රනිල්ගේ මහ ලොකු මෝලේ අවුරුදු හතර හමාරෙන් ඵක ෂීට් ඵකක්වත් නැතිවෙන්න.මෝඩ චූන් ඕවා

  9. Dengu Nona says:

    Adu ganane Gnaanakkaagen wath upades ganna thibuna!! Gnaane thiyenne undage redda assene!!

  10. අනුර ජිනදාස says:

    මල්ලි එක්ක එකට බත් කනගමන් (මල්ලි තවම කන්නය බත්නම්) එයාගෙ කනට කරල කියන්න ඕනෙ දේවල් ඇයි දන්නෙ නෑ ලෝකෙටම ඇහෙන්න කියන්නෙ

Main News