හැම දෙනාටම රජයේ රැකියා ලබාදෙන්න බෑ…

May 11, 2018 at 8:02 am | lanka C news
හැම දෙනාටම රජයේ රැකියා ලබාදෙන්න බෑ…

රත්මලාන, ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකරන ලද නව පුහුණු ගොඩනැගිල්ල විවෘත කිරීම 10 පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ලලිත් ඇතුලත්මුදලි මැතිතුමන්ට උපහාර පිණිස දරු දැරියන්ගේ සුබ සිද්ධිය පිණිස ගොඩනංවන ලද මෙම ආයතනය පසුකාලීනව ජාතික තරුණ සේවා සභාවට ලබාදී ඇති අතර ඒ අනුව ලෝක බැංකු ආධාර යටතේ මෙම ගොඩනැගිල්ල නවීන තාක්ෂණයෙන් යුක්තව ඉදිකර ඇත.

දියුණු තාක්ෂණික සහ උසස් වෘත්තීය පාඨමාලා ඉගැන්වීමට සුදුසු අධ්‍යන පරිසරයක් සහිතව නිමවා ඇති මෙහි මෝටර් කාර්මික, තාරතුරු තාක්ෂණය, ත්‍රිමාණ මුද්‍රණය, පෙර පාසල් පාලිකාවන්, රූපලාවන්‍ය ශිල්පය ඇතුළු නවීන වැඩ ලෝකයට අවශ්‍යවන පාඨමාලා රැසක් පිළිගත් සහතික පත්‍ර යටතේ ඉගැන්වෙනු ඇත.

එහිදී උත්සව සභාව අමතමින් අමාත්‍ය සාගල රත්නායක මහතා කියා සිටියේ මෙලෙස ගොඩනැගිලි පහසුකම් සහ ඉහල කැපවීමක් සහිත මානව සම්පත් සිටින වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන රැකියා වෙළඳපොල තුල පවත්නා ඉල්ලුම හඳුනාගනිමින් ඊට සරිලන අභ්‍යාස ලාභීන් බිහිකළ යුතු බවත් එම ඉලක්ක ජයගැනීම සඳහා රජයේද නොමද සහයෝගය ලබාදෙන බවයි. එමගින් ඉහල වැටුප් සහිත වෘර්තීන් කෙරෙහි යොමුවීම අවස්ථාව හිමිවන බවත් අමාත්‍ය සාගල රත්නායක මහතා උත්සව සභාව අමතමින් සඳහන්කර සිටියා.

බිම දමන කොළ කෑල්ල බිම නොදමා නිසි අයුරින් බැහැර කිරීමට හුරුවීමේ සිට සෑම අංශයකටම අදාලව ආකල්පමය වෙනසක් තරුණ පරපුර තුල ඇතිවිය යුතු බවත් එයද මෙම වෘර්තිය අධ්‍යාපනයත් සමඟම ලබාදිය යුතු බවද එහිදී අමාත්‍යවරයා සඳහන්කර සිටියා. සියල්ලන්ටම රජයේ රැකියා ලබාදීමට රජයකට නොහැකි බවින් රජයේ රැකියාවකට වඩා ඉහල වැටුපක් වැඩ ලෝකයට සරිලන දැනුමක් ලබා එමගින් උපයාගත හැකි බවද සඳහන් කළේය.

එසේම ඉදිරියේදී කුඩා පරිමාණ ව්‍යවසායකයින් රැසක් අලුතින් බිහිකිරීම සඳහා විධිමත් වැඩසටහනක් දියත් කරන බවත් එහිදී තරුණ තරුණියන්ට ප්‍රමුඛතාවය ලබාදී තරුණ තරුණියන් ආර්ථික වශයෙන් බලගන්වා එමගින් ඔවුන් රටේ ආර්ථිකයේ කොටස්කරුවන් කරගැනීම තම රජයේ අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

මෙම අවස්ථාවට ජාතික තරුණසේවා සභාවේ සභාපති, එරන්ද වැලිඅන්ගේ මහතා ඇතුළු නිලධාරීන් සහ එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් රැසක් එක්ව සිටියහ.​

– SAGALA MEDIA UNIT

191 views

4 Comments to “හැම දෙනාටම රජයේ රැකියා ලබාදෙන්න බෑ…”

  1. Gayantha says:

    Jeppo thamai rajaye sewa attractive karala eke gini gediyath private sector eke waida karana janathawata daimme.
    2004 50k ta anduwai job set keruwa, gonpalanaya awama 10kin padi waidi kara. Dan mai okkoma bara ratai minissunta waitila thiyenne. Mai rata kaiwwe jeppo, koti, deshapaluwo saha niladarin.
    Mai ratata ona kelin edithara gota wage aluth nayakayek munwa mattu karala iwara karala danna.

  2. sathis says:

    barinam mona magulakatada anduwe inne gedara palayawu kalakanniyo

  3. Amda says:

    මොන අරමුනකින් කිව්වද දන්නෙ නෑ ඒත් කතාවෙ ඇත්තක් තියෙනව.
    අපේ උන් රජයේ සේවයටම රින්ගන්න හදන්නෙ නිකන් ඉඳලා පඩි ගන්න.
    මොකද පුද්ගලික අන්ශයේ නිකන් ඉන්න බෑ. පඩියට හරියන්න වැඩ ගන්නව.
    ටිකක් උත්සාහවන්ත වෙලා අමතර පන්තියකට ගිහින් ඉන්ග්‍රීසි ටිකක් ඉගෙන ගෙන පුද්ගලික අන්ශයේ රැකියාවක් ගන්න.
    වැඩ කරලා දියුනු වෙන්න පුලුවන්.

  4. Love nature says:

    එක්සත් ජාතික පක්ෂයේ අයට පමණයි

Main News