හෑන්ඩ් ෆ්රී කනේ ගහන් ගිය පාසල් සිසුවා දුම්රියේ හැපී මියයයි..
October 26, 2017 at 6:30 am | lanka C news
වවුනියාව අවුසදපිටිය ප්රදේශයේදී කොළඹ සිට යාපනය බලා ධාවනයවූ සීඝ්රගාමි දුම්රියේ අපරික්ෂාකාරීව දුම්රිය මාර්ගයේ යමින් සිටියදී දුම්රියේ ගැටීමෙන් පාසල් සිසුවකු (25) මියගොස් ඇතැයි ඊරට්ටපෙරියකුලම පොලිසිය පැවුසුවේය.
ජංගම දුරකතනයේ ශ්රව්ය උපකරණ භාවිතා කරමින් සිංදු අසමින් එම සිසුවා දුම්රිය මාර්ගයේ ගමන්කරන අවස්ථාවේදී පසුපසින් පැමිණි දුම්රියේ ගැටීමෙන් මෙම මරණය සිදුව ඇති බව පොලිසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ වවුනියාව අවුසද පිටිය පුබුදුගම ප්රදේශයේ පදිංචි උසස්පෙළ කලා අංශයෙන් ඉගෙනුම ලැබූ 17 හැවිරිදි අමිල සඳකැලුම් බංඩාර නැමති පාසල් සිසුවෙකි.
අනතුරින් පාසල් සිසුවා එම ස්ථානයේදීම මියගොස් සිටි අතර දුම්රිය සේවකයින් විසින් සිරුර වවුනියාව දුම්රිය ස්ථානයට රැගෙන එනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මේ විදියට ගියොත් මේ ජහපලනේ හෑන්ඩ්සෙටුත් තහනම් කරනව ලඟදීම
උතුරු. පලාතේ ඉන්නෙත් අතේ ඇගිලි ගානට අපේ එවුන්
හැබැයි කාලකන්නි විදිහට මැරෙන්නෙත් අපේ එවුන්.
ඉතින් යකෝ ඔය එන්ජින් පයිලට්ට බ්රේක් එක පාගන්න බැරිද. ඔකුන්ට කොච්චර ඈතකට පාර පේනවද. ප්රයිවෙට් බස් කාරයෝ වගේ හෝන් එක ගහ ගහ ඉන්නේ. මැරෙන තරමක් මැරෙන්නේ අපේ සින්හල එවුන්මනේ යකෝ.