හිගන පාත්තරේට හෙනහුරා වැටේ.. බංකොලොත් ගුවන් විදුලියේ ඉඩම චම්පිකගේ අමාත්‍යංශයෙන් පවරා ගනී..
February 9, 2017 at 5:30 pm | lanka C news
දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු ඒකල ප්‍රදේශයේ පිහිටි අක්කර 72ක විශාල, රුපියල් බිලියන 57කට වැඩි වටිනාකමකින් යුත් ඉඩම බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය වෙත පවරා ගෙන තිබේ.
ගුවන් විදුලි සංස්ථාවට අයත් මෙම ඉඩම ජා ඇළ මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටා ඇති මෙම ඉඩම පවරා ගෙන ඇත්තේ අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත ජා ඇළ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වන අතර ඒ සඳහා වන ගැසට් පත්‍රය පෙබරවාරි මස 02 වැනි දා නිකුත් කර ඇත.
අක්කර 72ක් හෙවත් පර්චස් 11,520ක ප්‍රමාණයකින් යුත් මෙම ඉඩම ජා ඇළ ප්‍රදේශයේ වර්තමාන ඉඩම් වටිනාකම අනුව රුපියල් බිලියන 57කට අධික වටිනාකමකින් යුක්ත වුවත් සත පහකවත් වන්දි මුදලක් නොගෙවා ඉඩම පවරා ගෙන ඇති බවට ගුවන් විදුලි සංස්ථාවේ සේවක සේවිකාවෝ චෝදනා කරති.
මාසික වැටුප් ගෙවා ගත නොහැකි තරමට බංකොළොත්භාවයකට පත් ව සිටින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කරන සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය මසකට රුපියල් මිලියන 17 බැගින් සංස්ථාවට ප්රදානය කරයි.
එවන් තත්ත්වයක් තිබිය දී සංස්ථාව සතු මෙම වටිනා ඉඩම මංකොල්ල කෑමට ඉඩ හැරීම සම්බන්ධයෙන් සංස්ථාවේ සේවක සේවිකාවන් අතර බරපතළ නොසන්සුන්තාවක් හට ගෙන ඇති අතර සභාපතිවරයා සහ ඉහළ බලධාරීන් මේ සම්බන්ධයෙන් මුණිවත රැකීමත් ප්‍රබල ගැටලුවක් ව තිබේ.
– කුමාර
1 perch is 5 million????