හිගාකන්න දුන් දේව වරමට ඉඩ නොදුන්නැයි කතරගම දේවාලයේ දොලොස්මහේ පහනින් ගිනි තියාගනී..

March 3, 2019 at 6:48 pm | lanka C news
හිගාකන්න දුන් දේව වරමට ඉඩ නොදුන්නැයි කතරගම දේවාලයේ දොලොස්මහේ පහනින් ගිනි තියාගනී..

කතරගම ඓතිහාසික රැහුණු මහා දේවාලය පරිශ්‍රයේදී අද (03) දහවල් පුද්ගලයෙක් සිරුරට ගිනි තබාගෙන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර තිබේ.

ගින්නෙන් බරපතල පිලිස්සුම් තුවාල අය එම මෙහොතේම කතරගම රොහලට ඇතුලත් කිරීමට කතරගම පොලීසිය පියවර ගෙන තිබේ. තුවාල කරුගේ තත්ත්වය තරමක් අසාද්‍ය බැවින් තුවාලකරු දෙබරවැව රෝහලටත් එතනික් හම්බන්තොට මහ රෝහලටත් මාරු කර යැවූ බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙසේ පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ නො. 287, රන්මිනිතැන්න, තිස්සමහාරාමය ලිපිනයේ පදිංචි අබේසිංහ ආරච්චිගේ සුමනසිරි (57) නැමැති අයයි.

අද (03) දහවල් කතරගම දේවාල භූමියේ තිබෙන කිරි විහාරයට මොහු පැමිණ ඇත. ඔහු කිරි විහාරය වැදපුදා ගෙන තමන්ට දේව වරමක් ලැබී තිබෙන බව අසල සිටියවුන්ට ප්‍රකාශ කර තිබේ. එම දේව වරමින් තමන්ට දෙවියන් ප්‍රකාශ කර ඇත්ත් දේවාල භූමියේ සිගා කමින් ජීවත් වන ලෙස යැයිද එයට තමන් අකමැති යැයිද අසල සිටිවුන්ට ප්‍රකාශ කර තිබෙන බව පොලිස් පරික්ෂණ වලදී තහවුරු වී තිබේ.

එයට පසුව මොහු කිරි විහාරය තුලදී තමන් සතුව තිබූ රෙදි කඩක් ඉනේ ඔතා ගෙන එයට බෝතලයක තිබූ ප්‍රැට්‍ට්‍රල් වත්කර කිරි විහාරයේ දොලොස් මහේ පහනින් ගින්දර ලබාගෙන සිරුරට ගිනි අවුලුවා ගෙන තිබෙන බවද කතරගම පොලීසිය කියයි. මෙම ගින්න යම් ප්‍රමාණයක් පැතිරී ඇති අතර එයින් කිරි විහාරයේ තිබෙන පිළිම වහන්සේට හැර අනෙක් දේ වලට බරපතල හානී සිදු ව තිබේ. බුද්ධ ප්‍රතිමාව ආවරණයට යොදා තිබෙන රෙදි තිරයට ගින්න ඇවිලී පැතිරී තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වි තිබේ.

ගින්නෙන් කිරි විහාරයේ සිවිලිමට මෙන්ම ඇතුලත තිබූ දෑ වලට හානි සිදු ව තිබේ. කිරි විහාරයේ ලියවැල් ගොමුවටද ගින්නෙන් හානි සිදුව තිබේ. කිරි විහාරයට යාබදව තිබෙන්නේ කතරගම මහා දේවාලයයි. ඒ දක්වා ගින්න පැගිරුණේ නම් කතරගම දේවාලයේ අතු පන්දලම ගිනි ගැනීමට ඉඩ තිබූ බවත් එසේ වූයේ නම් මහා විනාශයක් සිදු වන බවත් ගින්න නිවීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවන බවත් කතරගම කිරිවෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියෝ ප්‍රකාශ කළේය. කතරගම මහා දේවාලයට යෑමට පෙර බුදුන් වැද පුදා ගැනීම සදහා කතරගම දේවාලයට යාබදව කිරි විහාරය පිහිටුවා තිබෙන බවද ධම්මින්ද හිමියෝ වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

පසුව කතරගම මහ දේවාලයට අයත් ගිනි නිවීමේ යන්ත්‍ර හා වතුර බවුසර යොදා ගනිමින් ගින්න නිවා දැමීමට ආරක්ෂක අංශ හා කතරගම දේවාලයේ ගිනි නිවීමේ අංශය සමග එක්ම කතරගම පොලීසිය කටයුතු කර තිබේ. කතරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

– ජයකාන්ත ලියනගේ

645 views
Main News