හිගුරක්ගොඩ සිවිල් ආරක්‍ෂක බලකා කදවුරු 500ක් කොරෝනා පරීක්‍ෂාවට..

August 4, 2020 at 12:02 am | lanka C news
හිගුරක්ගොඩ සිවිල් ආරක්‍ෂක බලකා කදවුරු 500ක් කොරෝනා පරීක්‍ෂාවට..

හිඟුරක්ගොඩ පාළුවැව පිහිටා ඇති සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ රාජකාරි කරන 500 දෙනෙකු කොරෝනා පරීක්ෂණයට ලක්කර තිබේ.

එම කඳවුරේ සේවය කල සිවිල් ආරක්ෂක ආරක්‍ෂක භටයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙසේ පරීක්ෂණ කළ බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා සදහන් කරයි.

අදාල ආසාදිත සිවිල් ආරක්ෂක භටයා තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා එම කඳවුරට ගිය බව හෙලි වීම නිසා මෙසේ පරීක්ෂාවට පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම ආසාදිතයාගේ සෙසු ආශ්‍රිතයන් පිළිබඳව තවදුරටත් සොයා බලමින් සිටින බව ද ඔහු තව දුරටත් පැවසීය.

162 views

2 Comments to “හිගුරක්ගොඩ සිවිල් ආරක්‍ෂක බලකා කදවුරු 500ක් කොරෝනා පරීක්‍ෂාවට..”

  1. Saradiel says:

    සිවිල් ආරක්‍ෂක බලකායට බුදු පිහිටයි

  2. SL MAN says:

    White Elephant project.

Main News