හිගුරාණ පාඩුයි.. ඈවර කරන්න දාල තියෙන්නේ..- ඇමති වක්කුඹුර

December 30, 2020 at 4:40 pm | lanka C news
හිගුරාණ පාඩුයි.. ඈවර කරන්න දාල තියෙන්නේ..- ඇමති වක්කුඹුර

හිගුරාණ සීනි කම්හල ලාබ පිට ලාබ ලබනවායයි මාධ්‍ය වාර්තා පලවීම සම්බන්දයෙන් එම විෂය භාර අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මාධ්‍යෙවදීන් හමුවේ මෙසේ අදහස් පල කලේය.

හිගුරාණ සීනි කර්මාන්ත ශාලාව තියල පුවත්පත්වල පලවූ වාර්තා වැරදියි. හෙඩ් ලයින් දෙකමත් වැරදියි. හගුරාණ කර්මාන්ත ශාලාව මගේ අමාත්‍යාංශය යටතේ ගැසට් වෙලා තියෙන් වෙනම කර්මාන්ත ශාලාවක්. එම කර්මාන්ත ශාලාව මේ වන විට ඈවර කිරීමට ලක් කරල තියෙන කර්මාන්ත ශාලාවක්.  මේ පත්තර වලට කියල තියෙන්නේ බොරු. බොරු කියන්නේ හිගුරාණ කියල මේ වන විට කර්මාන්ත ශාලාවක් නැහැ. ඒ කර්මාන්ත ශාලාව ඈවර කරන්න තියෙන කර්මාන්ත ශාලාවක්.

මේ ලාබ පිට ලාබ ලබනවයි කියල කියන ආයතනය මේ වනවිට බිලියන 11ක් ණයයි. හේ ගල්ඔය සීනි කර්මාන්ත ශාලාව ලාබ පිට ලාබ ලබනවයි කියන්නේ මොන හේතුවක් උඩ දැයි මම දන්නේ නැහැ. මම  වාර්තාවක් කැදෙව්වාම ගිය අවුරුද්දේ මිලියන 1400ක් පාඩුයි. මේ වන විට සම්පූර්ණ වෙලා තියෙන ණය ප්‍රමාණය බිලියන එකොලහයි. බිලියන 11ක් ණය වුන ආයතනය පෞද්ගලික බැංකුවලින් අධි පොලියට ණය අරගෙන තමයි මේ ආයතනය පාඩු කරල තියෙන්නේ. ඔය හිටපු සියලුදෙනාම මේ පාඩුවට වග කියන්න ඕන.

ගොවීන්ට හරියට සාධාරණය ඉෂ්ඨ කරල නැහැ. ගොවීන්ට සේවකයන්ට සාධාරණය ඉෂ්ඨකරන්න ඕන.

මේ අය මේ කියන්නේ ගල් ඔය සීනි කර්මාන්ත ශාලාව. හේක ගැසට් එකේ කර්මාන්ත ශාලා දෙකක්. ගල් ඔය කියන්නේ ආණ්ඩුවට වැඩි අයිතියක් තියෙන සියයට 51ක් තියෙන සීනි කර්මාන්ත ශාලාව ගැනයි ඔය කියන්නේ.

මේ සීනි කර්මාන්ත ශාලාව පසුගිය වසර 13කටම පාඩු පිට පාඩු ලබපු ආයතනයක්.2020.මාර්තු 31 වන විට එක අවුරුද්දක පාඩුව මිලියන 1400යි. හැබැයි මම ඇමති වුනාට පස්සේ  අතිගරු ජනාධිපති තුමාගේ උපදෙස් මත  වෙනම සභාපතිවරයෙක් පත්කලා. අපි මේක ලාබ ලබන තත්වයකට පත් කරන්න සෑම කටයුතුතක්ම කරනවා. මේකට අවශ්‍ය කරන නීති සියල්ලම අපි හදනවා.මෙතෙක් කල් පාඩු ලබපු ආයතනය ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට අපි කටයුතු කරනවා.

පැල්වත්ත සහ සෙවනගල පාඩු ලබපු ආයතන අපි ලාබ ලබල, ගොවීන්ට අපි සාධාරණට ඉෂ්ඨ කලා සේවකයන්ට සාධාරණය ඉෂ්ඨ කලා. බොනස් දුන්නා සේවකයින් ස්ථිර කලා. අපි ඒ ආයතන එහෙම කලානම් මේකත් අපේ අමාත්‍යශයේ යටතේ තියෙන  රජයේ  සියයට 51ක් තියෙන ආයතනයක්.

පැල්වත්තේ තියෙන වරප්‍රසාද සෙවනගල තියෙන වරප්‍රසාද මේ ගල්ඔය සේවකයින්ටත් ගොවීන්ටත් අපි ලබාදිය යුතුයි.

පසුගිය රජය කාලේ  පාඩු ලබපු ආයතනය මේ ආකාරයෙන් වාර්තා දමන්නේ කොහොමද කියල අපි සොයමින් යනව. අපි අධ්‍යක්ෂක මණ්ඩලයක්  පත් කලා.

මේ අවුරුදු 13ක් පාඩු කරපු අය තමයි මේ එකපාරටම ලාබ ලබනව කියන්නේ මේක සම්පූර්ණ බොරුවක්. මේ කට පසුගිය කාලේ පාලන අධිකාරය සම්පූර්ණ වග කිව යුතුයි. පසුගිය කාලයේම අදි පොලියට සියයට විසි අටට ණය අරන් මේ අය තමයි මේ සීනි කර්මාන්ත ශාලාව පාඩු කලේ.

ගල්ඔය සීනි සමාගමේ සභාපති ගයාන් මේනුක දිසානායක මහතා මේ සම්බන්ධයෙන් මේ ආකාරයෙන් අදහස් දැක්වීය.

මේ ආයතනය 2007 දී ගල්ඔය වැවිලි සමාගම නමින් නැවත ඇති කරනවා. ගල්ඔය සීනි සමාගම අද වන විට ලක්ෂ 900000 (අනූදාහකට වඩා ණය ගෙවාගන්න බැරිව බන්න ආයතනයක්) මේ ලබ ලබනවයි කියල දාන මාධය වාර්තා සම්පූර්ණ බොරු මම සභාපති වරයා හැටියට මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දැනුවත් කර සොයා බලනවා. රටේ තියෙන ගොවි ජනතාවගේ අයිතීන් තමයි මේ තුලින් නැති වෙන්නේ. ගල්ඔය ලාබ ලබනවය කියන එක සම්පූර්ණ අසත්‍ය කතාවක් ඉදිරියේදී අපි අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ ආයතනය ලාබ ලබන තත්වයකට පත් කරනවා යයි කීය.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

57,557 views

10 Comments to “හිගුරාණ පාඩුයි.. ඈවර කරන්න දාල තියෙන්නේ..- ඇමති වක්කුඹුර”

  1. අසංක says:

    අපි නම් කොහොමත් දන්නවා පාඩු පිට දුවන බව.ඒත් මෝඩ බයියොනෙ ඔය බොරැ පෝස්ට් ශෙයාර් කරන්නෙ.උන්ගෙ මොලේ ඉදන් ගු.

  2. අසංක says:

    අපි නම් කොහොමත් දන්නවා පාඩු පිට දුවන බව.ඒත් මෝඩ බයියොනෙ ඔය බොරැ පෝස්ට් ශෙයාර් කරන්නෙ.උන්ගෙ මොලේ ඉදන් ගු.පිස්සු …

  3. ගොන් බයියා says:

    හෆොයි ස. දේශීය කර්මාන්ත නගා හිටුවන හැටිද මේ.

  4. thajudeen avatar says:

    Oya dey karanna thowa ona da wesige putho? Nodakin gon naambage heti. Thuk😳😳😳☹☹☹🥵🥵

  5. Pro criminal says:

    How earth they get profit when this type of ministers (even without ordinary level pass) run them.
    Attention of viyathmaga please.
    Idiots..

  6. සරත් රත්නායක, ඇලපාත says:

    මෙි ඇමතිවරයා දන්න මෙලෝ මගුලක් නෑ. හරියට අපොස (සාමාන්‍ය පෙළ) වත් පාස්නෑ. ගණිතය අසමත්. ඊට හපං අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කරල තියෙන අය. මෙලෝ දැනුමක්, පලපුරුද්දක් නැති හරක් රැළක්. සමහර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැත් අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කරලා. නෑයින්ගෙ තවාන්වලින් රජයේ සල්ලි දීලා ගන්න කුරැඳුපැල තමන්ගෙ පාක්ෂිකයින්ට බෙදාගෙන නමි යන බව පේනවා.

  7. saman says:

    දැන් දේශීය කර්මාන්ත නගා සිටුවන කාලෙ නෙවෙයි. ඒ කාලෙ ඉවරයි. ටික දවසයි එහෙම ආතල් දෙන්නේ, දැන් වෙන මොකක් හරි ඇති. මන් හිතන්නේ පුච්චනවද? වලලනවද? නැත්නම් පැණි බොනවද නැද්ද?

  8. නිලන්ත says:

    වියත් මගේ කියා රට ගොඩ ගන්න ආපු උන්ට මේවා නොවිකුණා දියුණු කරන්න හැඳි මිටේ නුවණක් වත් නැද්ද?

  9. Patakaya says:

    Newspapers are reporting complete lies. Watch the Sinhala film “Newspaper” to understand how editors create news.

Main News