හිගුරානෙන් කොරෝනා ආසාදිතයෙක්.. ආශ‍්‍රිතයන් නිරෝධායනයට.. ජන රාශීන් නවතයි..

July 29, 2020 at 3:00 pm | lanka C news
හිගුරානෙන් කොරෝනා ආසාදිතයෙක්.. ආශ‍්‍රිතයන් නිරෝධායනයට.. ජන රාශීන් නවතයි..

හිඟුරාණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය උපදේශකයෙකුට කොරෝනා ආසාදිත යයි හෙලිවී තිබේ.

ඔහු ආසාදිත බව හෙළි වී ඇත්තේ දෙවැනි වරට කරන ලද කොරෝනා පරීක්ෂණයේ දී ය.

මේ හේතුවෙන් ඔහුගේ ආශ‍්‍රිතයන් ලෙස සැලකෙන හිඟුරාණ ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසක් නිරෝධායන කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම ඔවුන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදු කිරීමටද නියමිතව තිබේ.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ එම ප‍්‍රදේශයන් හුදකලා කිරීමට මෙතෙක් අවශ්‍යතාවයක් ඇති වී නොමැති බවයි.

නමුත් එම ආසන්න ප්‍රදේශයන්හි දේශපාලන රැස්වීම්, උපකාරක පන්ති, උත්සව ඇතුළු ජනතාව ඒකරාශීන් නතර කිරීමට පියවර ගෙන තිබේ.

348 views
Main News