හිටපු අගමැති රත්නසිරිගේ දේහයට පාර්ලිමේන්තුවේදී අවසන් ගෞරව.. ජනපතිත්-අගමැතිත් නෑ..

December 28, 2016 at 1:20 pm | lanka C news
හිටපු අගමැති රත්නසිරිගේ දේහයට පාර්ලිමේන්තුවේදී අවසන් ගෞරව.. ජනපතිත්-අගමැතිත් නෑ..

අභාවප්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහයට අවසන් අද පාර්ලිමේන්තු පරිශ‍්‍රයට ගෙන විත් අවසන් ගෞරවය පුද කරන ලදී.

කතානායක කරු ජයසුරිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, විපපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් ආදී පක්‍ෂ නායකයන් ඇතුළු මැති ඇමතිවරුන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

අගමැතිවරයා විදෙස්ගතව සිටීම හේතුවෙන් එම අවස්ථාවට සහභාගී නොවූ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද එම විශේෂ අවස්ථාවට එක්ව සිටියේ නැත.

18 views

5 Comments to “හිටපු අගමැති රත්නසිරිගේ දේහයට පාර්ලිමේන්තුවේදී අවසන් ගෞරව.. ජනපතිත්-අගමැතිත් නෑ..”

  1. ගම්බාරේ says:

    රටකට ඕන අපමණ අගයක් ඒකට ඕන මෛත්‍රී යුගයක්………. කොහොමද වෙනස.

  2. kaniya says:

    එක ගනන් ගන්න එපා කියල වික්‍රමනායක පවුලේ සැමගෙන් ඉල්ලා සිටිනවා .ඕක පුද්ගලික අමනාපයක් මත නොපමිනිමක් නෙවෙයි .මර බිය දැනුනු කවුරුත් මරණ ගෙවල්වල යන්න බයයි ඒවගේම සමහරු මරණයෙන් බේරෙන්න විවිද යාග හෝම කරනවා ඒවා කරලා මල ගෙවල් වල ගියාම කිල්ලට අහුවෙලා අර කරපු ආරක්ෂාව නැති වෙනවා

    • සුදු පරවියා says:

      ගරු හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායකට නිවන් සැප ලැබේවා !!!
      මරණය යනු සැබැවින්ම මිනිසාට නම් බිය ගෙනදෙන කරුණකි. එම වචනය පවා ඇසීමට ඇතැමුන් තුළ ඇත්තේ අකැමැත්තකි. “සබ්බේ භ යන්ති මච්චුනො” – සියල්ලෝම මරණයට බියවෙයි යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කරන ලද්දේ එහෙයිනි මරණාසන්න වූ ඕනෑම සත්ත්වයකු අපේක්‌ෂා කරනුයේ තවත් මොහොතක්‌ හෝ ජීවත්වන්නටය. ස්‌වභාවික මරණය හෝ අකාල මරණය යන අවස්‌ථාව දෙකෙන් එකකට සෑම සත්වයකුම මුහුණදිය යුතුය. මෙලොව ඉපදුනු සෑම සත්වයකුම රැගෙන එන එකම දායාදය නම් මරණය පමණි.කිසිදා නොමැරෙන මිනිසුන් සේ ජීවත්වන අපේ වත්මන් දේශපාලකයින් විශේෂයෙන් සිරිසේන -රනිල් වැනි අපේ රටට වින කරන දේශපාලකයින් දැන්වත් මේ බව සිතා කටයුතු කල යුතූ යි ජීවත්ව සිටින තාක්‌කල් සියලු යස ඉසුරු සම්පත් අනුභව කරමින් පංචකාම වස්‌තූන්ගේ ඇලී ගැලී වෙසෙන මිනිස්‌ සත්වයාට පරලොවක්‌ ඇතැයි සිහිපත් වන්නේ මිය යන්නට ආසන්නයේදීය …මරණයෙන් බේරෙන්න විවිධ යාග හෝම කිරීමෙන් සිදුකරන්නේ තමන්ගේ සිත රවටාගැනීමක් පමණි එහෙයින් සෑම මිනිසකුගේම පරම යුතුකම විය යුත්තේ ජීවත්ව සිටින කාලයේදී තමාද, කෙදිනක හෝ මියයනවා යන සිතුවිල්ල පෙරදැරිකොට ගෙන යහපත් ධාර්මික ජීවිතයක්‌ ගත කිරීමයි. මරණය යන පොදු අත්දැකීම කෙදිනක හෝ අපද අත්විඳිනු ඇත. එහෙයින් අද අද එයි මරු පින් කරගන්නේ. කුමටද කුසලට කම්මැලි වන්නේ.

  3. Sing says:

    සිංහ වෙස් ගත් හිවලෙක් සිංහයා ඉදිරියේ සිටගත් විට වෙනස කැපී පෙනෙන නිසා වෙන්න ඇති

  4. OLU says:

    ගරු රත්නසිරි වික්‍රමනායක මහතාට නිවන් සැප ලැබේවා

Main News