හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක අවසන් ගමන් යයි..
December 27, 2016 at 1:20 pm | lanka C news
හිටපු අගමැතිවරයෙකු වන රත්නසිරි වික්‍රමනායක මහතා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය.
දැනට දින කිහිපයක සිට අසනීප තත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබියදී ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 83 වන වියේ පසුවිය.
වසර කිහිපයක්ම මෙරට අගමැති ධුරය හොබවා ඇති ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකුද වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා රත්නසිරි වික්‍රමසිංහ මහතාගේ පුත්‍රයායි.
නිවන්සුව පතන්නෙමු.