හිටපු අගවිනිසුරු රන් අකුරින් ඉතිහාස ගතවන නඩුවක් පවරයි.. නීතීඥයා තමන්මයි.. පරමාධිපත්‍ය ඉල්ලයි..
September 28, 2017 at 2:10 pm | lanka C news
සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
ආණ්ඩවු විසින් පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්මත කර ගත් ආකාරය නිසා මැතිවරණයක් පැවැත්වීම සිදු නොවීමෙන් පුරවැසියෙක් ලෙස තම පරමාධිපත්‍ය අයිතිය උල්ලංඝණය වන්නේ යයි ඔහු පෙත්සම මගින් කියා සිටී.
මෙරට හිටපු අගවිනිසුරුවරයෙක් ශ්‍රේෂඨාධිකරණයේ නඩුවක් ගොනු කරන්නේ ඉතිහාසයේ මුල් වතාවට වන අතර පරමාධිපත්‍ය අරඹයා වන පැමිණිල්ලක් වන නිසා හදිසි කටයුත්තක් සේ සලකා මෙම නඩුව විබාගයට ගැනෙනු ඇත.
වාර්තා වන ආකාරයට මෙම නඩුව සදහා පැමිණිල්ල වෙනුවෙන් කිසිදු නීතීඥයෙක් නියෝජනය නොකරමින් හිටපු අගවිනිසුරුවරයාම පෙනී සිටිනු ඇත. ඒ සදහා ඔහුට ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන හිමිය.
පළාත් සභා මැතිවණය කල් දැමීම සදහා ගෙන එන ලද 20 වැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විමසුමකට යොමු කල යුතු යයි දැන්වුවත් පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට අදාල නොවන සංශෝධන විශාල ප්‍රමාණයක් එක් කර සම්මත කර ගනිමින් ජනමත විචාරණයකට නොයා පළාත් සභා මැතිවරණය කල් දමා ඇතැයි විපක්ෂයෙන් ප්‍රබල විවේචනයක් වෙයි.