හිටපු අගවිනිසුරු නඩු තීන්දු කැමති විදිහට ලබාදෙන්නම් කියා හිටපු ජනපතිට කිවුවා..

January 27, 2021 at 2:10 pm | lanka C news
හිටපු අගවිනිසුරු නඩු තීන්දු කැමති විදිහට ලබාදෙන්නම් කියා හිටපු ජනපතිට කිවුවා..

‘හිටපු අග‍්‍රවිනිශ්චයකාර මොහාන් පිරීස් මහතා, මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවෙලා කිව්වා ඕන නඩු තීන්දුවක් ලබාදෙන්නම් මගේ් අග‍්‍රවිනිශ්චයකාර ධූරය ඉවත් කරන්න එපා කියලා. එවැනි අය පිළිබදවයි රන්ජන් රාමනායක මහතා කථා කෙරුවේ. රන්ජන් රාමනායක මහතාට ලබාදුන් නඩු තීන්දුව සැර තීන්දුවක්. නඩු තීන්දුවක් පාර්ලිමේන්තුව ඇතුලතදීත්, පිටතදීත්, විවේචනය කරන්න පුළුවන්’ යයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

නඩු තින්දුවක් පාර්ලිමේන්තුව ඇතුලෙදිත්, පිටතදිත් විවේචනය කරන්න පුළුවන්. මට මතකයි එස්.බි. දිසානායක මහතාට විරුද්දව නඩු තින්දුවක් දිපු වෙලාවේ අපි රුපවාහිණි වැඩසටහන් වල ඒ පිළිබඳ කථා කෙරුවා. නමුත් විනිශ්චයකාරවරු අල්ලස් ගන්නවා, පගා ගන්නවා කියන්න බෑ. ඒ උනත් නඩු තින්දුව ගැන කථා කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් රන්ජන් රාමනායක මහතාට ලබාදුන් නඩු තින්දුව සැර තින්දුවක්. එතුමා කරපු වරදට සමබර තින්දුවක් නෙවේ. මම තව උදාහරණයක් කියන්නම් මිට මාස 03 කට පෙර ඉන්දියාවේ විනිශ්චයකාරවරයෙක් අග‍්‍රවිනිශ්චයකාරවරයාට අපහාස කෙරුවා ඔහු දුෂිතයි කියලා. නමුත් මොකක්ද ඊට ලැබුණ තීන්දුව? රුපියලක දඩයක්. ඒ රුපියල ගෙවන්නත් ඔහු බෑ කිව්වා දැන් ඉන්දියාවේ එම තින්දුව කල් දමලා තිබෙනවා මොන තින්දුවක් දෙයිද දන්නේ නෑ.

අද මේ අධිකරණයට අපහාස කිරිම, කථා කිරිමේ අයිතිය හා සමබරව යන්නේ. ඒ කාලේ අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් දැඩි තිරණ ගත්තා. නමුත් අද ලෝකයේ ඒ සංකල්පය නෑ. අද අධිකරණය විවේචනය කිරිමයි, කථා කිරිමේ අයිතියයි සමබරවයි යන්නේ, අන්න ඒක තේරුම් ගන්න ඕනේ.

උසාවිය වැරදි තිරණ ලබාදෙනවානම් ජනාධිපතිතුමාට පුළුවන් එය නිවැරදි කරන්න. මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා ඥාණසාර හිමියන්ට සමාවක් ලබාදුන්නෙත් ඒ නිසයි. ඥාණසාර හිමියන්ට දුන්න තින්දුව දැඩි තින්දුවක් කියලා එතුමාට එදා තේරුම් ගියා. අධිකරණයේ ඉන්නේ අපි වගේම මිනිස්සු. ඇයි අධිකරණය තුල අභියාචනාධිකරණයක් තියෙන්නේ, මොකද වැරදි තින්දු දෙනවා. මම කියන්නේ රන්ජන් රාමනායක මහතාට ලබාදුන් නඩු තීන්දුව සැර වැඩියි. ඔහු මොකක්ද කිව්වේ, රටේ ඉන්න විනිශ්චයකාරවරු, නිතිඥ මහත්වරු බහුතරයක් ¥ෂිතයි කියලා.

මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙතන ඉන්නවා. හිටපු අග‍්‍රවිනිශ්චයකාර මොහාන් පීරිස් මැතිතුමා ඔබතුමා හමුවෙලා කිව්වා ඕන නඩු තීන්දුවක් ලබාදෙන්නම් මගේ අග‍්‍රවිනිශ්චයකාර ධූරය අයින් කරන්න එපා කියලා. එහෙම කිව්වා. අන්න ඒකයි රන්ජන් රාමනායක මහතා කිව්වේ, මේ කාරණය අපි තේරුම්ගන්න ඕනේ. අපි අධිකරණයට ගරුත්වය ලබාදෙන්න ඕනේ. නමුත්, අතරින් පතර නොහොබිනා වැඩ කරන අය ඉන්නවා. නඩු තීන්දුවක් පාර්ලිමේන්තුව තුලදීත් පිටතදීත් විවේචනය කරන්න පුළුවන්.

– මාධ්‍ය ඒකකය

41,284 views

28 Comments to “හිටපු අගවිනිසුරු නඩු තීන්දු කැමති විදිහට ලබාදෙන්නම් කියා හිටපු ජනපතිට කිවුවා..”

  1. sana says:

    ranjan kiwwe adhikaranaya saha winisueuwaru dhushithai….paga gannawa kiyala hamoma ekata thiyala..
    adala ayage nam kiyanna thibbane….anika eka wenas karanneth na kiyala hama thanama kiwwa…
    na kiyanna puluwanda??

  2. සත්‍යය says:

    රංජා කිව්වේ ඇත්තනේ , ඇයි නීතීඤයෝ බිලක් දෙන් නැත්තේ ගන්න මුදලට. පල් හොර කමනේ. රංජා කිව්වේ සම්පූර්ණ ඇත්ත.

  3. Osmand says:

    සිරා පත්වෙලා පැයක් ගියෙ නැහැ අගවිනිසුරු ඉවත්කලේ. මුං තාමත් මිනිස්සු අන්දන්න හදනවා.

    • harsha says:

      සිරා පත්වුනේ ජනවාරි 8. අගවිනිසුරු ඉවත් කළේ ජනවාරි 28.

  4. කුවේට් පොඩි එකා says:

    ඇයි එක්කෙනෙක් මිනිස්සුන්ගෙන් සමාව ඉල්ලුවෙ සුනාමි නඩුවෙදි වැරදී තීරනයක් දීල හොරෙක් නිදහස් කලා කියල…

  5. මෛතී‍්‍රපාල සිරිසේනව මුං ජංගිය ඔලුවෙන් අංඳා ආංන්ඩුව පෙරලා බලයට ආවා ඇවිත් මුංගේ ලොක්කයි ගෝලයන් සෙට් එකයි මුලු රටම කාලා දැම්මා .
    නැවතත් සක්කිලි රැන බේගල් කෙලගෙන මහජනයා මුලා කොරන්න එනවා??????

Main News