හිටපු අමාත්‍යංශ ලේකම් රනිල් ඇතුළු යහපාලන ආණ්ඩුවේ රෙදි ගලවයි.. සියල්ල හෙලි කරමින් නිකුත් කල නිවේදනය මෙන්න..

February 8, 2020 at 10:32 pm | lanka C news
හිටපු අමාත්‍යංශ ලේකම් රනිල් ඇතුළු යහපාලන ආණ්ඩුවේ රෙදි ගලවයි.. සියල්ල හෙලි කරමින් නිකුත් කල නිවේදනය මෙන්න..

යහපාලන රජය සමයේ මැති ඇමතිවරුන් සඳහා ගෙන්වන ලද වාහන ප්‍රමාණය ගැන හෙළි වීමෙන් පසුව එකල ආණ්ඩුවේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ නිමල් බෝපගේ මහතා විසින් ශේෂ හෙළිදරව්වක් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ වාහන ලබා වාහන ගැනීම සම්බන්ධයෙන් වූ යෝජනාවකට තමන් විරෝධය පළ කළ විට එකල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට තර්ජණය කළ බවයි.

මේ බව සඳහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය.

යහපාලන” ආණ්ඩුවේ වාහන මිල දී ගැනීමේ ක‍්‍රියාවලිය පිළිබඳ විශේෂ හෙළිදරව්ව

රුපියල් බිලියන 2.8ක් හෙවත් රුපියල් කෝටි 280ක වටිනාකමින් යුත් අධිසුඛෝපභෝගී වාහන 78ක් පසුගිය “යහපාලන” ආණ්ඩුවේ කැබිනට්/රාජ්‍ය/නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් මිල දී ගෙන ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේ දී අනාවරණය වූ අතර එය මේ වන විට ඉමහත් ආන්දෝලනයකට ලක්වෙමින් තිබේ. එහෙත් එම අනාවරණයේම දිගුවක් ලෙස ඔවුන්ගේ විශේෂ අවධානයට ලක්විය යුතුව තිබූ එවැනිම සුවිශේෂ කරුණක් ඒ මොහොතේ ඔවුන්ට මගහැරුණු බැවින් ඒ පිළිබඳව ඔවුන්ගේ ද සමස්ත රටවැසියන්ගේ ද අවධානයට යොමු කරවීම සඳහා මෙම විශේෂ මාධ්‍ය නිවේදනය නිකුත් කරමි.

එනම් 2016 වසර අගභාගයේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 58 දෙනෙකුට ඉහත ආකාරයේ අධිසුඛෝපභෝගී වාහන 58ක් පෞද්ගලික සමාගමක් මගින් මාසික කුලියට ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමත කළ ගණුදෙනුවේ වටිනාකම ද රුපියල් බිලියන 2.43ක් හෙවත් රුපියල් කෝටි 243ක් විය. එහෙත් එම ගණුදෙනුවට අදාළ විෂයභාර අමාත්‍යංශය වූ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් ආරම්භයේ සිටම මා ඊට විරුද්ධ විය. සාමාන්‍යයෙන් ප‍්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් කැබිනට් තීරණයකට විරුද්ධ වීමට අමාත්‍යංශ ලේකම්වරයෙකුට නෛතික බලයක් නොමැති වුවද එම ගණුදෙනුව ආරම්භයේ සිටම මට නිරීක්ෂණය වූ අතිශය දූෂිත අරමුණ හා ක‍්‍රමවේදය මා දැඩිව ප‍්‍රතික්ෂේප කළ අතර එය ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියටද සම්පූර්ණයෙන්ම පටහැනිවූ බැවින් එකී පදනම  ඔස්සේ මා ඊට විරුද්ධ විය.

එහෙත් මාගේ එම විරෝධතාවය නොතකා කැබිනට් මණ්ඩලය එය අනුමත කළ අතර එම වාහන සපයන පෞද්ගලික සමාගම සමග අදාළ ගිවිසුමට අත්සන් කිරීමේ වගකීම මා වෙත පවරා තිබිණි. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ තර්කය වූයේ කැබිනට් මණ්ඩලය අනුමත කළ කරුණක් ප‍්‍රතික්ෂේප කිරීමට අමාත්‍යංශ ලේකම්වරයෙකුට නෛතික බලයක් නොමැති බැවින් විෂයභාර අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් මා ඊට වහා අත්සන් තැබිය යුතු බවයි. එහෙත් ආකාර පහකින්ම එම ගණුදෙනුව නීතියට පටහැනි බව පෙන්වා දෙමින් දිගින් දිගටම මා ඊට අත්සන් තැබීම ප‍්‍රතික්ෂේප කරමින් සිටි තත්වයක් තුළ හිටපු අග‍්‍රාමාත්‍යවරයාගෙන් සහ හිටපු මුදල් අමාත්‍යවරයාගෙන් මා වෙත එල්ල වූ බරපතල පීඩනය කොතෙක් දරාගත නොහැකි වුවද මා එම ස්ථාවරය වෙනස් කළේ නැත.

අවසානයේ හිටපු අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් එවකට ක‍්‍රියාත්මක වූ “ආර්ථික හා කළමණාකරණ කැබිනට් කමිටුව” වෙත මා කැඳවා  “Sign or Resign” යනුවෙන් හිටපු අගමැතිවරයා විසින් ප‍්‍රසිද්ධියේම මා හට තර්ජනය කරනු ලැබීය. කෙසේ වුවද එම තර්ජනයට ද මා කීකරු නොවූ අතර එවකට ඒ පිළිබඳව මාධ්‍ය ඔස්සේ ලැබුණු පුළුල් ප‍්‍රචාරය හමුවේ “යහපාලන” ආණ්ඩුවේ පිරිහීම ආරම්භ වූ බැවින් හිටපු ජනාධිපතිවරයා විසින් එම ගණුදෙනුව යළි සමාලෝචනය කිරීම සඳහා සිව්පුද්ගල කමිටුවක් පත් කොට එතෙක් එය ක‍්‍රියාත්මක කිරීම අත්හිටවනු ලැබීය. එහෙත් ඒ වන විට විපක්ෂ මන්ත‍්‍රීවරුන්ද, පෞද්ගලික මාධ්‍ය හා සමාජ මාධ්‍ය ද ඒ සම්බන්ධයෙන් සෘජුව පෙනීසිටිම හේතුවෙන්  ආණ්ඩුවට එරෙහිව නැගී ආ බරපතළ මහජන විරෝධය හමුවේ එම ව්‍යාපෘතිය ක‍්‍රියත්මක කිරීමට නොහැකි වූ අතර එමගින් රුපියල් කෝටි 243ක් ඉතිරි කරගැනීමට හැකිවිය. එහෙත් ඒ සමගම මා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා මුදල් අමාත්‍යංශය හා ජනමාධ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධ කරමින් නව අමාත්‍යංශයක් නිර්මාණය කොට හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්වරයා එම නව අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කරමින් නීති විරෝධීව මාගේ තනතුර අහිමි කරනු ලැබීය. එහිදී මගේ තනතුර අහිමි වුවද රුපියල් කෝටි 243ක් රටට ඉතිරි කරදීමට මට හැකිවිය.

මේ සම්බන්ධයෙන් නව ජනාධිපතිවරයා බලයට පත් වූ සැණින් නව රජයේ ජනාධිපති ලේකම්වරයාටද එම තොරතුරු ලබා දීමට මා ක්‍රියාකළ අතර මේ කරුණ සම්බන්ධයෙන් හා පසුගිය “යහපාලන” ආණ්ඩුව සමයේ රජයට වාහන මිල දී ගැනීමේ දී භාවිතා කළ “මෙහෙයුම් කල්බදු ක‍්‍රමය” ආශ‍්‍රිතව සිදුකළ වාහන මිල දී ගැනීම් පිළිබඳවද විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කරමි.

නීතිඥ නිමල් බෝපගේ
හිටපු ලේකම්
පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය

59,865 Viewers

14 Comments to “හිටපු අමාත්‍යංශ ලේකම් රනිල් ඇතුළු යහපාලන ආණ්ඩුවේ රෙදි ගලවයි.. සියල්ල හෙලි කරමින් නිකුත් කල නිවේදනය මෙන්න..”

  1. Bakaladasa says:

    Mr. Clean seems to be the most unclean chap in Yahapaalaney!

  2. Ajith says:

    UNP ආණ්ඩුව කාලයේ මහාමාර්ග අමෙතිට ගෙනාපු බෙන්ස් 600 Maybach ථයට මොකද වුනේ ? ජෝනියා ලඟත් මේක නැහැ. ලක්ෂ 2000ක් වෙනවලු.

  3. Raj says:

    Ranil W had no idea about this country and the people. He acted like a slave owner and thought he could use even President’s powers to achieve his goal of disestablishing Sri Lanka so that Sri Lanka would be a slave in front of the US.
    He might be rewarded for his hideous efforts by the American administration in the near future! It looks like an appointment in an international organization awaits for him!

  4. Gangster says:

    වෝහාරික විගනනයෙන් මුන් දෙගොල්ලන්ගෙම රෙදි ගැලවුනා..හොර කල්ලි දෙකක් මාරැවෙන් මාරැවට රට කොල්ල කනවා.වියත්මග දෙකොන මූට්ටු වෙලා කසාය බිපු ගොළුවෝ වගේ.
    වෙනදා හැම එකටම උපදෙස් දෙන ජනාධිපතිත් සද්ද නෑ.

    • Viyathmagavenuwen says:

      එහෙම නම් ගැන්ස්ටරයගේ රතු මිනීමරුවන්ට රට බාරදෙමු….
      රතු කිව්වාට රතු ම නෙමේ. රතු+කොල.

      මුන් දැන්ම ජනාධිපති ට වැඩේ
      දෙන්න පටන් අරගෙන වගේ….

      • Kasun says:

        ඒ ගොල්ලෝ (අලි, පොහොට්ටු, හංසයෝ, සීනු, පතෝල, මෑකරල්) ඔක්කොම හොදම හොද යාලුවෝ, මල්ලි. ඒ ගොල්ලෝ දෙන මෝඩ චුන් වලට කඩේ යන්න එපා, මල්ලි (වන් ෂොට්).

    • ඇලෝසියස් says:

      මෙන්න ජප්පෙක්, ලපයගෙන් හරි ඇගිලි කොටා ගෙන් අහල බලපන් 2005 සිට 2015 වෙනලක් මහා බැංකුවේ ලාබය ඉස්සෙලා පාඩුව විතරක් කියවන්නේ,

    • CB Club says:

      මුං ඔක්කොම “ගඳ මිතුරෝ”
      කබ්රාල හා ඇලෝෂියස් යන දෙදෙනාම බේබිගේ හොඳම යාළුවෝ.

  5. Sun says:

    What is the purpose of buying so many luxury cars for the people even for the cabinet ministers. They all want to show the people the low level of mentality. In developed countries ministers catch the train from the station. Why our fellows want to spend money for these type of cars. Show examples of simple life rather than spending tax payers money for unnecessary things. There are people without food and shelter. First developed the country and think of cars. The foolishness of the ministers of the country.

  6. UDAYANA CHAMINDA says:

    In 2014 Mr Nimal Bopage was with Mr. Mahinda Rajapaksha and was a leading character of the Presidential campaign but immediate after the victory of Mr. Maithreepala Sirisena he moved to his side and obtained the said post of secretary.
    He had threaten media for not using the word of “Joint Opposition” and did lot of things against Mr. Rajapaksha and his movement.
    How he is trying to become a hero and obtain another post from this Government.
    I think this is part of his continuous shameless attitude.

  7. ඒ් කාලේ ඒ්කාබද්දය පිලිගන්න බැහැ කියලා මෙි මොකටද ඒන්න හදන්නේ

Main News