හිටපු අැමතිවරියගේ මුදල් වංචාවන් සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරේ..
December 3, 2018 at 12:40 pm | lanka C news
උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ආනන්දි ශෂිදරන් මහත්මිය විසින් සිදුකළ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් ත්රීපුද්ගල කමිටුවක් පත් කර ඇත.
හිටපු කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය වරිය විසින් සිදු කලා යැයි පැවසෙන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සි.වි.කේ.ශිවඥානම් මහතා විසින් ලබා දුන් ලිඛිත පැමිණිල්ලක් තමන් වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.
අදාල ලිඛිත පැමිණිල්ල සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ත්රීපුද්ගල කමිටුවක් පත් කිරීමට පියවර ගත් බවටත් අදාල මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවේ වාර්ථාව ඉදිරි සති දෙක ඇතුලත ලැබීමට නියමිත බවටත් එම වාර්ථාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම හෝ නොගැනීම සිදු කරනු ලබන බවට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් නිවේදනය කොට සිටියේය.
ආනන්ද ශෂිදරන් හිටපු අමාත්‍යවරිය විසින් උතුරු පළාත තුළ වකුගඩු රෝගීන් සදහාත් හෘද රෝගීන් සඳහා සහන සැලසීමට පිහිටුවා ඇති අරමුදලෙන් අදාල මුදල් වංචා කර ඇති බවට මෙසේ චෝදනා එල්ල වී තිබේ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
හිටපු කොටි නායක එලිලන්ගේ බිරිඳ වන ආනන්ද ශෂිදරන් ට මුලතිව් හිදී විරෝධතාවක් එල්ල කර තිබුනා උතුරු පළාත් සභා මන්ති‍්‍ර ආනන්දි ශෂිදරන්ට විරෝධය පළකරමින් එල්ටීටීඊ සංවිධානය විසින් පැහැර ගනු ලැබූ දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් උද්ඝෝෂණය සිදු කර තිබුනා මෙය ගැනත් සොයා බැලිය යුතුය
පැහැරගත් දරුවන් යළි දියව්! ශෂිදරන්ට හා ටී.එන්.ඒ. එකට මුලතිව්හිදී දෙමළ ජනයාගේ විරෝධය