හිටපු ඇමැති කබීර් හෂීම් ජාතික ධනය වැනසූ හැටි හෙලිවෙයි..
December 13, 2019 at 8:40 am | lanka C news
හිටපු අමාත්‍ය කබිර් හෂිම් මහතාගේ කාලයේ රන් මාවත් වැඩසටහන වෙනුවෙන් ශ්‍රී නිග්‍රෝධාරාම කන්දේ මහා විහාරයට ඇතුලූ විමට නව පාලමක් සකස් කිරිමට රුපියල් කෝටියක මුදලක් වෙන් කර ඇති අතර එහි වැඩ තවමත් සිදු වෙන අතර එම ස්ථානයට සවි කිරිමට දිරා ගිය යකඩ පාලමක කොටස් ගෙනවිත් දැමිම නිසා ප්‍රදේශයේ ජනතාවගේ විරෝධතාවය මත මේ වන විට පාලමේ වැඩ තාවකාලිකව නවතා තිබෙන අයුරු දැක ගැනිමට හැකි විය.
හදවත යා කෙරෙන රන් මාවත් වැඩසහන යටතේ ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ මාවනැල්ල, උඩමුල්ල, රුවන්පුර ශ්‍රී නිග්‍රෝධාරාම කන්දේ විහාරස්ථානයට ඇතුලූ විමට පැරණි සපත්තු පාලම වෙනුවට රුපියල් කෝටියක වියදමින් ගඩාතිස්ස ඔය හරහා මෙම පාලම ඉදි කර ඇත්තේ මෙම පාලම සැදිමට කෝටියක මුදලට අමතරව තවත් ලක්ෂ 10 ක මුදලක් මෙම කටයුතු වලට අමාත්‍යවරයා විසින් ප්‍රතිපාදන වෙන් කරගෙනයි.
නමුත් මේ වන විට පාලම සවි කිරිමට ඔය දෙපස කණු සිටුවා දැනට දින දෙකට කලින් මෙම පැරණි පාලමක යකඩ කොටස් මෙහි ගෙනවිත් දමා ඇත්තේ මෙම පාලම වෙනුවෙන් ජනතා විරෝධතාවයක් එල්ල නොවෙයැයි සිතාය.
කබිර් හෂිම් මහතාගේ උපදෙස් අනුව මේ සඳහා වෙන් කරන ලද මුදල් නාස්ති කොට මේ සිදු කරන මහජන රැුවටිල්ලට නිතීය ක්‍රියාත්මක කර යුතුව පවතින බව ප්‍රදේශවාසින් පෙන්වා දෙන ලදි.
එම ස්ථානයට පැමිණි මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ එම ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රී නිලංජන් හදකුඹුර මන්ත්‍රීවරයා පැවසුයේ හිටපු අමාත්‍ය කබිර් හෂිම් මහතා ඇතුලූ එතුමාගේ හිතවතුන් අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ මුදල් භාවිතා කරමින් විශාල වචනික ලෙස සංවර්ධනය කරන බව පවසා අඩුපාඩු සහිතව මාර්ග සහ අනිකුත් පොදු වැඩ කටයුතු සිදු කර ඇති බවයි.
මෙම ස්ථානයේ තව දින කිහිපයකින් සවි කිරිමට සුදානම් වු දිරා ගිය යකඩ පාලම නිරික්ෂණයට මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක පොදුජන පෙරමුණ මන්ත්‍රී කේ.ජි පියතිස්ස මහතා මාවනැල්ල පොදුජන පෙරමුණ ප්‍රධාන සංවිධායක ඉදුනිල් ශාන්ත ගුණසේන මහතාද පැමිණ පසුගිය රජය මහජන මුදල් නාස්ති කොට සිදු කරන ලද අලූත් සංවර්ධනය මාධ්‍යට පෙන්වමින් එම කටයුත්ත හෙළා දකින ලදි.
ඔවුන් පැවසුයේ ජන්ද නිතී උල්ලංඝනය කරමින් කොන්ක්‍රීට් කරන ලද මාර්ග වලට පවා කබිර් හෂිම් අමාත්‍යවරයාගේ අමාත්‍යංශය යටතේ කාපට් අතුරා මේ වන විට මාර්ග ගැලවි යන අතර බොහෝමයක් මාර්ග ඉදි කිරිමදි ප්‍රමිතියකින් තොරව ඉදි කිරිම නිසා විශාල මුදලක් රටේ ජාතික ආර්ථිකයෙන් විනාශ වි ගොස් ඇති බව පැවසිය.
– කෑගල්ල සමන් විජය බණ්ඩාර
ලෝක ධර්මතා තියෙනවා එය වෙනස් වෙන්නෙ නැ. හැමදාම ගිහියාට වඩා පැවිද්දා ශ්‍රේෂ්ඨයි. නමුත් ඒ ශ්‍රෙෂ්ඨත්වය නැති වෙන්නෙ නැත්තෙ එකම එක මනුස්යත්වයක් නිසා ඒ තමයි කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි උන් වහන්සේ තමයි සිවුපිලියාපත් රහතන් වහන්සේ මම නෙවෙයි මම වෙන්නෙ ෂඩ් අභිඤ්ඤලාභි විතරයි. මෙම ධර්මතාවය පිලිගන්නෙ නැති අය කුල දුෂණය කරන අය ගිහියන්ගේ ශ්‍රද්ධාව නැති කරන අය ලෙස මම සලකනවා.කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි තමයි ෂඩ් අභිඤ්ඤාලාභි හෝ සිවුපිලයාපත් රහතන් වහන්සේ කෙනෙක් ලෙස පිලිනොගන්න කෙනෙක් මට හමු නොවේවා
Kabir hasim is a fraud to do this kind of work. Probably his friends and relatives stole this money