හිටපු කොටි නායකයෙක් මිලියන ගණනක් වියදම් කර වෛත්‍යයයක් ඉදි කරයි…
January 13, 2021 at 3:50 pm | lanka C news
කොටි සංවිධානයේ හිටපු ප්‍රධාන නායකයෙකු වන යෝගරාසා තිරුණාකරන් විසින් මුලතිව් වැලිඔය ශ්‍රී දේවගිරි විහාරස්ථානයට රුපියල් මිලියන හතරක් පරිත්‍යාග කර චෛත්‍ය ඉදිකර දී තිබේ.
කොටා සංවිධානයේ නායකයෙකු වන ඔහු හමුදාවට බාර වීමෙන් පසු පුනරුත්ථාපනය වී මේ වන විට කොන්ත්‍රාත් කරුවකු ලෙස කටයුතු කරන බව විහාරස්ථානයේ විහාරාධිපති හිමියෝ සඳහන් කළහ.
මෙම ධන පරිත්‍යාගයෙන් ඉදිකරන චෛත්‍යයේ කටයුතු දැනටමත් සිදු කරමින් ඇතැයි ද විහාරාධිපති හිමියෝ කියා සිටියහ.
යුද සමයේ දී ඇති වූ ගැටුම් හේතුවෙන් ඔහුගේ එක් පාදයක් ද අහිමි වී ගොස් ඇත.
Strange but must be true showing he is really rehabilitated!
කොටින්ට වඩා මිනී මරපු ජෙප්පෝ ටිකත් පුනරුත්ථාපනය කරලා ගමු.
එතකොට ජෙප්පන්ගේ පක්ෂ ගිණුමේ තියන ලක්ෂ 72000න් කීයක් හරි වියදම් කරලා මොනවා හරි හදල දෙයි. අඩු ගානේ කාල් මාක්ස්ගේ ප්‍රථිමාවක් වත් හදයි.
කාල් ලාන්තත් හිතාන ඉන්නෙ ඌත් කාල් මාක්ස් කෙනෙක් කියල තමයි.ඒත් අපි කියවල තියෙන කාල් මාක්ස් චප්ප වෙන්න ගහන්නෙ නැහැ.
සාධු ! සාධු !! සාධු !!!
අනේ සාදු සාදු කරපු පවි ටිකක් හරි ගෙවිලා සසර කෙටි කරගන්න
Honda deyak… Pin aithi weva!
Not only he’s constructing this with his own money but he is now a good Buddhist. Hindus and Buddhists and Christians can coexist with harmony
ඔහොම හදලා පස්සේ පොඩි ගණදෙවි ප්රතිමාවකටත් තැනක් ඉල්ලගනී, ඊටපස්සේ එකට වහලක් එහෙම තියලා ඔතන අහිංසක පොඩි කෝවිලක් හදයි, තව අවුරුදු ගානකිං කතරගම කිරිවෙහෙරේ වගේ කෝවිල් සංකීර්ණයක් වෙයි… අන්තිමට එදාට ඉන්න හාමුදුරුවන්ටත් බඩුවක් සෙට්කරලා හින්දු උරුමයක් කරයි…. ඉතිහාසය පොඩ්ඩක් දැනගෙන ඉමු ආ….
හීනෙකින් වත් නොහිතපු ප්‍රවෘත්තියක් ඒක. යෝගරාසා, ඔබ සිදු කරගෙන ඇත්තේ මහා විශාල පුන්‍ය කර්මයක්. එක් කාන්තාවක් චෛත්යකට වැටකොලු මල් තුනක් පූජා කරලා දිව්‍ය සැප ලබා මතුව සෝවාන් ඵලය ලැබුවා. ලකුණ්ඨක භද්ධිය අසූ මහා ශ්‍රාවකයෙක් වුනේ චෛත්‍යයක් ඉදි කරන කොන්ත්‍රාත්කරු වෙලා ඉඳලා. ඔබ ගැන කවර කතාද.