හිටපු කොටි නායකයෙකු සමරා යාපනේ උත්සවයක්.. ඇමතිවරියක, මන්ත‍්‍රීවරුන්ද එක්වෙයි…

September 26, 2017 at 3:00 pm | lanka C news
හිටපු කොටි නායකයෙකු සමරා යාපනේ උත්සවයක්.. ඇමතිවරියක, මන්ත‍්‍රීවරුන්ද එක්වෙයි…

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකු වන දිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නැමත්තාගේ 30 වන ගුණ සැමරුම අද (26) යාපනය නල්ලූර් කෝවිල පිටුපස ඇති ස්ථානයකදී දේශපාලන නියෝජිතයින් පිරිසකගේ සහ සාමාන්‍ය වැසියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්විණි.

යාපනය නල්ලූර් කොවිල පිටුපස පිහිටි දිලීපන්ගේ ස්මාර්කය තිබූ ස්ථානයේ (වර්ථමානයේ එය ඉවත්කොට ඇත) දිලීපන්ගේ ඡායාරූපයක් තබා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා , ඊ.සර්වනබවන් පලාත් සභා සභාපති සී.වී.කේ සිවඥානම් අමත්‍ය ආනන්දි ශෂිධරන් හා දෙමළ ජාතික ජනතා පෙරමුනේ නියෝජිතයින් පිරිසකගේ ප්‍රධානත්වයෙන් දිලීපන්ගේ ගුණ සැමරුම ආරම්භ කෙරුණු අතර එම අවස්ථාවට යාපනය මෙන්ම කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවලින්ද සාමාන්‍ය වැසියන් පැමිණියහ.

1987 සැප්තැම්බර් මස 15 වනදා දිලීපන් නොහාත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කොවිල පිටුපස මාරාන්තික උපවාසයකක් ආරම්භ කරනු ලැබුවේ ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන තුරු සිය උපවාසය අත්නොහරින බවටයි එම උපවාසය අතරතුරදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද පැමිණ අදාල උපවාසය නවත්වන ලෙසට ඉල්ලා සිටියද උපවාසය අත් නොහැරීමෙන් සැප්තැම්බර් 26 වනදා ඔහු උපවාසය අතරතුරදී නිරාහාරව සිටීම නිසා මිය ගියේය.

මිය යන විටත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඔහුට ලුතිනන් කර්නල් තනතුරක් ලබා දී ඇති අතර ඔහුව එවකට හැඳින්වූවේ ලුතිනන් කර්නල් දිලීපන් ලෙසින්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

372 views
Main News