හිටපු කොටි පිරිසක් පරණ පක්ෂය අතහැර අලුත් පක්ෂයක් හදයි.. දෙමළ සන්ධානයටත් දෙහි කපයි…
November 6, 2017 at 5:30 pm | lanka C news
එලඹෙන සියලු මැතවරණ සඳහා පුනරුත්තාපන වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් දෙමළ ජාතික ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂය නමින් උතුරු නැනෙහිර පලාත්වලට ඉදිරිපත් වන බවට එම පක්ෂයේ සභාපති සුන්දරපිල්ලෙ සිවකුමාර් කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටයේ හිටලු කොටි සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පක්ෂයක් වූ ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂය අතහැර දෙමළ ජාතික ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂය නමින් පක්ෂයෙන් එලඹෙන මැතිවරණ වෙනුවෙන් තරග වැදීම සම්බන්ධයෙන් සාකච්ඡාවන් කිහිපයක් කිලිනොච්චියේ පසුගිය දිනවල පැවති අවස්ථාවන් වලදීය.
නඩේසුපිල්ලේ විද්‍යාධරන් නැමති හිටපු කොටි සාමාජිකයාගේ සභාපතීත්වයෙන් යුත් ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂයට විදෙස් රටවලින් ලැබුනු මුදල් හා අනෙකුත් අධාර පක්ෂයේ සහ පුනරුත්තාපනය වූ සාමාජිකයින්ගේ අභිවෘද්ධිය සඳහා යොමු නොකොට පෞද්ගලික අවහ්‍යතා සඳහා යෙදවීම හේතුවෙන් එම පක්ෂය අතහැර එහි සිටි බොහෝ සාමාජිකයින් පිරිසක් මෙසේ දෙමළ ජාතික ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂය නමින් පක්ෂයකින් උතුරු නැගෙනහිර පලාත් වලට ඉදිරිපත් වීමට තීරණය කොට ඇත.
කිලිනොච්චියේදී පැවති දෙමළ ජාතික ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂය නමින් පක්ෂ සාකච්ඡාවලදී එහි නව සභාපති සුන්දරපිල්ලේ සිව කුමාර් කියා සිටියේ,
‘මේ මාසයේ මහවිරු දිනය සැමරීමට නියමිතයි නමුත් දෙමළ ජාතික සන්ධාන නායකයෝ කියා ගත් පිරිස් කරන්නේ මහවිරු දිනයට පමණක් මහවිරු සොහනක් ලගට ඇවිත් ජනතාව මුලා කරන එක විතරයි අද දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා කියලා ඒ අයගෙන් ඡන්දය අරගෙන බලය ලැබුනට පස්සේ ඒ අය මොනවද කරල තියෙන්නේ රැවටීම විතරයයි ඒ නිසා ඉදිරියේදී දෙමළ ජනතාව වෙනුවෙන් අපි පෙනී සිටින්නේ ඒ අයගේ සෑම ගැටලුවකටම විසඳුම් ලබා දීමට අප කැප වෙනවා . යනුවෙනි.
කෙසේ වෙතත් හිටපු කොටි සාමාජිකයින් නව පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටියද පැරණි පක්ෂයේ ක්රියාකාරීත්වයද තවමත් පවතින අතර එම පක්ෂයද එලඹෙන පලාත් පාලන මැතිවරණයට සූදානමින් සිටින බවට වාර්ථා වෙයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මුන්ට පිස්සු, මුනුයි සිංහල බූරුවෝයි දෙගොල්ලම එකයි. බේද බින්න වෙවී බලය තන්හාවෙන් දඟලනවා පක්ෂ හද හදා, හම්බය ලස්සනට රට අල්ලාගෙන යමින් පවතිනවා. ඔක්කොටම තේරෙයි වැඩි කල් නොගොස්ම.