හිටපු කොටි සාමාජිකයාගේ දියණියට උතුරු ආණ්ඩුකාරවරගෙන් අතහිත…

April 23, 2018 at 6:34 am | lanka C news
හිටපු කොටි සාමාජිකයාගේ දියණියට උතුරු ආණ්ඩුකාරවරගෙන් අතහිත…

කොළඹ දී බෝම්බ පිපිරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වී සිටින කිළිනොච්චියේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වූ ආනන්දන් සුදාකරන්ගේ දියණියට අධ්‍යාපන කටයුතු කරගෙන යාම පිණිස මුදල් ආධාරයක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් පිරිනමනු ලැබීය.

නව අවුරුදු වෙනුවෙන් උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති උත්සව අවස්ථාවකදී හිටපු කොටි සාමාජිකයාගේ දියණියට මෙම මුදල් ආධාරය පිරිනමුනු ලැබීය.

දරුවන් දෙදෙනෙකුගේ පියකු වන ආනන්ද සුදාකරන් බන්ධනාගාර ගතව සිටියදී මීට මාස දෙකකට ඉහතදී  ඔහුගේ බිරිද පිලිකා රෝගයෙන් මිය ගිය අතර ඇගේ අවසන් කටයුතු සඳහා සුදාකරන් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද  බන්ධනාගාර බස් රථයකින් පැමිණ ආපසු යාමට සූදානම් වූ අවස්ථාවේදී කුඩා දියණියද පියා සමඟ යාමට අවශ්‍ය බව කියමින් බස් රථයට නැගීමත් සමගම එම අවස්ථාව සියල්ලන්ටම ඉතා සංවේදී විය.

පියාත් මවත් දෙදෙනාම අහිමි වී සිටින මේ දරුවන් දෙදෙනා මේ වන විට ඔවුන්ගේ ආච්චි සහ සීයා සමග හැදී වැඩෙන අතර ඔවුන්ගේ අනාගතය දෙස සානුකම්පිතව බලා සුදාකරන්ට පොදු සමාවක් ලබා දෙන ලෙස කිළිනොච්චියේ වැසියෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අතර තුර සුදාකරන්ගේ දරුවන් උතුරු  පළාත් ආණ්ඩුකාරවරයා හමුවටද ගිය අවස්ථාවේදී එතුමා විසින් මේම පරිත්‍යාගය ලබා දී තිබේ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

26 views

13 Comments to “හිටපු කොටි සාමාජිකයාගේ දියණියට උතුරු ආණ්ඩුකාරවරගෙන් අතහිත…”

  1. අබරං says:

    කොටි බස් බෝම්, කෝච්චි බෝම්බ, මරාගෙන මැරෙන බෝම්බ, වාහන බෝම්බ, හදිසි ප්‍රහාර ආදියෙන් මැරුණු දකුණෙ මිනිස්සුන්ටත් දරුවො ඉන්ඩ ඇති නේද.

    • Gobrial says:

      That is the pathetic situation in this country.

      Cursed is a nation where the good Samaritan gets punished for helping someone in need. Cursed is the nation where the killer becomes the victim!

      • කනිෂක මහසෙන් says:

        දකුණේ කොටියන්ගේ බෝම්බ වලින් මැරුණු මිනිසුන්ගේ දරුවන්ට ඔබ කල ප්‍රධානයන් මොනවද ?

        මේක අලුත් සෙල්ලමක් භිසුනු කොටියන් එකා එකා නිදහස් කරගැනීමේ මෙහෙයවුමක් .
        තමුන්ගේ ඥාතීන් මරා දැමුව මිනීමරුවන්ට දඩුවම් නියම කලේ ඒ මරණ වලට හිලවුවක් ලෙසට .එකට එක එක්කෙනා ලවුවා පොදු සමා දෙන්න පුළුවන් කමක් නෑ .එහෙම දෙනවා කියන්නේ අර මැරුණු මිනිසුන්ට සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට කරන ලොකු අසාධාරණයක් .එකට කිසිසේත්ම ඉඩදෙන්න බෑ .
        සහජීවනය කියන්නේ මිනි මරපු එවුනට සමාව දීම නෙවෙයි .
        නිදහස් කරපු කොටි කීදෙනෙක් දැන් අපරාද වලට යොමු වෙලාද ?මහජන ප්‍රසාදය නැති ආණ්ඩුවකට සහ තනතුරු වලට එවැනි තීරණ ගන්න තියෙන අයිතිය කුමක්ද ?

      • නිලුපුල් says:

        රෙජිනොල්ඩ් කුරේ කියන්නේ චන්ද්‍රිකාගේ හෙන්චයියෙක් ඔහු උග්‍ර බෞද්ද විරෝදියෙක් වියවස්ථාවෙන් බුදුදහම නැතිකරන්න ඕනා කියන කෙනෙක් ඒවගේම ලංකාව ෆෙඩරල් කරන්න ඕනා කියන පිලේ ඉන්න බටහිර මතවදියෙක් .මේවගේ මිනිහෙක් බෝම්බවලින් මැරුණු අයගේ දරුවන්ට නොව බෝම්බ තබල අපේ මිනිස්සු මරපු කොටින්ගේ දරුවන්ට අපේ මුදලින් ආධාර දීම පුදුමයක් නෙවෙයි .මම මොහුගෙන් ටෝයුෂන් ගත්ත ඒ කාලෙදිත් මොහු හය හතර නොදන්නා අපිට කිව්වේ සිංහල බෞද්දයට විරුද්ද මත බොහොම සියුම් විදියට අපේ මොළ සෝදන්න

  2. suranga says:

    මුත් කොටියනෙ

  3. saman says:

    ඒ නිසා තමා නුවරින් එලවල දැම්මේ

  4. Kamal Qatar says:

    Sunil Rathnayaka

  5. Ananada says:

    All the criminals get the facilities where the innocent sits watch this..Shame on you Reginold..Well this guy will do anything because the governor post he got was due to he lost the election and couldn’t come to parliament

  6. hari says:

    what about our war heroes who in jailed according to the Tamil diaspora.

  7. Lalith says:

    How would the families specially the children of the loss ones from that bomb in Colombo feel when the daughter of the person who helped to kill their loved ones are getting a donation for her education from the government money and this government money is earned through the taxes of the children and others relatives of the loss ones from that bomb.This reginold guy should be cursed for using public money for these things.This is the problem with this govt which runs with the LTTE support

  8. mali says:

    What about children and people who were killed by LTTE basters last 30 years esp who lived in so called boarder villages .They are still in pathetic situation. This guy has no right to use public money to treat these terrorist he can use his salary to give them whatever he wants. People should sue him doing these things using public money.

  9. Mali says:

    If think like Devaka then ISIS also should be treated same because wairayen wairaya nosanside why America killed Osama Bin Laden and his family members why they bombed ISIS targets.You can preach this bull shit to us but not to western powers,

  10. සුජාතා says:

    අනේ උඹව කොටි බෝම්බෙකට අහුවෙලා කෑලි කෑලි උනේ නෑනෙ. කමක්නෑ පාරෙ යනකොට බස් එකකට හරි ටිපර් එකකට හරි අහුවෙයන්.

Main News