හිටපු කොටි සාමාජිකයිනුත් අලුත් අවුරුදු සමරති…

April 15, 2018 at 2:04 am | lanka C news
හිටපු කොටි සාමාජිකයිනුත් අලුත් අවුරුදු සමරති…

එලඹුනු සිංහල දෙමළ අතුල් අවුරුදු උදාව වෙනුන් උතුරේ සිංහල දෙමළ සියලු වැසියන් 14 උදෑෂන සිට ආගමික සිද්ධස්ථාන වෙතට ගොස් නව අවුරුදු උදාව සමරනු ලැබූහ.

මේ අතර වව්නියාව පූන්තොට්ටම් පුනරුත්තාපන කඳවුරේ පුනරුත්තාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ද අද උදෑසන අහාර පිසීම හා වැඩ ඇල්ලීම ඇතුලු අවුරුදු චාරිත්‍ර සිදු කරනු ලැබුවේ පුනරුත්තාපන කඳවුරේ අධ්‍යක්ෂඛ කර්නල් චමින්ද පැස්කුවල් මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඊට අමතරව සෑම වසරකම නව අවුරුදු උදාව වෙනුවෙන් දෙමළ වැසියන් සමරන තේරු උත්සව පූජාවද අද උදෑසන වව්නියාවේ වීදි පුරා සංචාරය කරමින් සියලු වැසියන්ට ආශිර්වාද පැතීමේ ආගමික චාරිත්‍රය සිදු කරනු ලැබූහ.

තවද උතුරේ සියලුම සිංහල වැසියන්ද නවඅවුරුදු උදාව වෙනුවෙන් පැවති සියලු ආගමික වතාවත් හා අවුරුදු චාරිත්‍ර ඉටු කරනු ලැබූවේ නව වසරට නව බලාපොරොත්තු සමගය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

97 views
Main News