හිටපු ජනපතිගේ උපන් දින දා නව පක්‍ෂයේ ආරම්භක උලෙලක් නෑ..

November 7, 2016 at 12:00 pm | lanka C news
හිටපු ජනපතිගේ උපන් දින දා නව පක්‍ෂයේ ආරම්භක උලෙලක් නෑ..

මේ මස 18 වැනිදාට යෙදන මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ උපසන් දිනයදා ශ්‍රී ලංකා පොදුජන පක්‍ෂයේ සමාරම්භක උත්සවයක් සංවිධානය කර නැති බව එම පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා පවසයි.

අනුරාධපුර ජයසිරිමහා බෝධිය ඉදිරිපිටදී නොවැම්බර් 19 වැනිදා හිටපු ජනපතිගේ උපන්දිනය සමරා ආගමික වැඩසටහනක් සූදානම් කර ඇතත් එහිදී පක්‍ෂයට සාමාජිකයින් බදවා ගැනීමක් සිදු නොකරන බවද සදහන් කලේය.

15 views
Main News