හිටපු ජනපතිගේ ගැසට්ටුවෙන් සිංහරාජය තුන් ගුණයක් ලොකු වෙයි.. සමාජ ජාලයේ සුබ පැතුම් වැසි වසී.. තවත් ගැසට් 65ක් මග එයි..
November 16, 2020 at 2:12 pm | lanka C news
හෙක්ටයාර 11000 ක සීමාවේ තිබූ සිංහරාජ වනාන්තරය හේකටයාර 36000 ඉක්මවූ සීමාවකට නීතිගත කර තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක් බලාත්මක වීමත් සමග මෙම තත්ත්වය උදාවී ඇත.
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.
සමාජ ජාල පරිශීලකයන් විසින් ඒම සටහනට මහත් ප්‍රසාදය දක්වමින් ප්‍රතිචාර දක්වා තිබේ.
එම සටහන මෙසේය.
පළමුව උතුම් පරිසරය සුරැකීම වෙනුවෙන් පෙනී සිටින පරිසරවේදීන් සහ පරිසරයට ආදරය කරන සියලු දෙනාටම මාගේ ගෞරවය සහ උපහාරය…..
මතු උපදින දරුවන් වෙනුවෙන් මේ උතුම් මිහිතලය මතු අනාගතය වෙනුවෙන් ආරක්ෂා කිරීම අප සැමගේ යුතුකම සහ වගකීම වන්නෙමු.
අද දිනය මිහිතලයට ආදරය කරන මා මෙන්ම උතුම් හදවත් ඇති මිනිසුන් සැමට සතුටු විය හැකියි දවසකි.
මීට වසරකට ඉහත දි මා ජනාධිපති ධුරයෙන් නික්මයාමට දින කිහිපයකට ප්‍රථම මුළු මහත් විශ්වයේම පැවැත්මට ජීවය ගෙන දුන් ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය නම් කළ තෙත් සදාහරිත වැසි වනාන්තරයක් වන සිංහරාජ වනාන්තරයේ වපසරිය තුන්ගුණයකින් පුළුල් කොට අති විශේෂ ගැසට් නිවේදනයකින් සිංහරාජ අවට වන පද්ධතිය සිංහරාජ වනාන්තරයට එක් කරන ලදී.
හෙක්ටෙයාර් 11000 සීමාවී තිබූ සිංහරාජ වනාන්තරය හෙක්ටයාර 36474.93 ක ප්‍රමාණයකට මා විසින් වැඩි කරන ලදී.මෙම තීරණය උතුම් මාතෘභූමියේ දිවි පැවැත්මටත් මුළු මහත් ලෝකයේ මානව,සත්ව සහ තුරු ලතා ස්වභාව ධර්මයේ පැවැත්ම උදෙසා මා එක සිතින් ගත් තීරණයකි.
මීට වසරකට ඉහතදී මා මෙම විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තැබුවත් එය මුද්‍රණය ප්‍රමාද වූ හේතුවෙන් ජනතාවට දැකබලා ගැනීමට සහ පරිශීලනය කිරීමට නොහැකිවිය.
එම ප්‍රමාද වීම පිළිබඳව අවස්ථා ගණනාවක දී බලධාරීන් සමග මා දුරකථනයෙන් විමසු අතර හැකි ඉක්මනින් එය ඉටු කර දෙන බව මා වෙතට කාරුණිකව ප්‍රකාශ කරන ලදී.
වසරකට පසු එම ගැසට් පත්‍රය මුද්‍රණය කොට ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයෙන් කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙමි.
අදටත් ලෝව විශාලතම තෙත් සදාහරිත වැසි වනාන්තර 10ය තුළට ඇතුළත් සිංහරාජ වනාන්තරය සංරක්ෂණය කොට එහි ප්‍රමාණය වර්ධනය කිරීමට නිරන්තරයෙන් මා සමග අදහස් බෙදා ගත් සියලුම පරිසරවේදීන්ට සහ පරිසරයට ආදරය කරන දෙස් විදෙස් සියලුම මානව හිතවාදී මිනිසුන්ට මේ මොහොතේ මා ස්තුතිවන්ත වෙමි.
මීට අමතරව පරිසරය වෙනුවෙන් මා අත්සන් තැබූ (මුද්‍රණය කොට නොමැති) තවත් විශේෂ ගැසට් පත්‍ර 65 නුදුරේ දී ජනතාවට දැකබලාගැනීමට ප්‍රසිද්ධ කරනු ඇතැයි මා විශ්වාස කරමි.
– Maithripala Sirisena FB
පරිසරවේදීන් සහ පරිසරයට ආදරය කරන සියලු දෙනාටම ගෞරවය සහ උපහාරය…..!!
මිහිතලය.මාතෟහූමිය මතු අනාගතය වෙනුවෙන් ආරක්ෂා කිරීම අප සැමගේ යුතුකම සහ වගකීම වන්නෙමු.!!!
හිස්බුල්ලාට ෂාරියා විශ්ව විද්‍යාලයක් සෑදීමට අක්කර 35 ක භූමියක් මහවැලියෙන් දී හිස්බුල්ලා නැගෙනහිර පලාත් ආන්ඩුකාර කමට පත්කලේ මේ ජඩයාමය!
This is very good action taken by My3. We all must thank him for this irrespective of our political ideas
Great work but what kind of a country is this where it takes ONE YEAR to print a law?? Just at least post the PDF for heavens sake.
කෝටි ගණන් වලින් අල්ලස් ගත්තා යයි කියන නොම්මර එකේ දුෂිතයින්ට සුදුහුණු ගෑම මාධ්‍ය සදාචාරය දැයි අසමි. කැමති නම් පිට කොන්දක් තිබේ නම් මේ කොමෙන්ටුව පල කරන්න.
ලංකාවේ පරිසරය වෙනුවෙන් මෛත්‍රිය කරප වැඩත් එක්ක හැරෙන්නවත් බැරි වෙයි ලංකාවේ කිසිම ජනාධිපති කෙනෙකුට ,ඉදිරියේදී වත් එහෙම කෙනෙක් බිහි වෙන්නේ නැහැ (පරිසරය සම්බන්ධයෙන් පමණයි )
කරපු එක හොඳ වැඩක්. ඔච්චරමද කොහේදෝ
Search Google as “land area of sigharaja forest in hectare”
Sinharaja Forest Reserve – Wikipediaen.wikipedia.org › wiki › Sinharaja_Forest_Reserve
This forest encompasses a span of 36,000 hectares (88,960 acres/360 km²). The reserve is only 21 km (13 mi) from east to west, and a maximum of 7 km (4.3 mi) from north to south, but it is a treasure trove of endemic species, including trees, insects, amphibians, reptiles, birds, and mammals.