හිටපු ජනපතිට තවත් මරාලයක් පාත්වේ.. පාස්කු බෝම්බයට වගකිව යුතු යයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව කියයි..

March 8, 2020 at 10:45 pm | lanka C news
හිටපු ජනපතිට තවත් මරාලයක් පාත්වේ.. පාස්කු බෝම්බයට වගකිව යුතු යයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව කියයි..

පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධාන වගකිවයුත්තෙක් බව එම ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සදහන් කර ඇත.

එහි සභාපති ලෙස කටයුතු කරන හිටපු නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් ආරක්ෂක ඇමතිවරයා ලෙස කටයුතු කරන ලද හිටපු ජනාධිපතිවරයා ඊට සෘජුව වගකිව යුතු බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් ද ඊට වග කිව යුතු යයි හෙලි වී ඇති බවද ඔහු පැවසීය.

විශාල පිරිසකගෙන් සාක්ෂි ලබාගෙන එකී වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද ඔහු පැවසීය.

එවකට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කල හිටපු ජනාධිපතිවරයාගෙන් අඩුපාඩු රාශියක් සිදුවී ඇති බවද එම වාර්තාවේ සටහන් කළ බවද ඔහු කියා සිටී.

එමෙන්ම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ආරක්‍ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක මණ්ඩල නොකැදවූ බව ඔවුන්ගේ සාක්‍ෂි සහිතව වාර්තාවේ සඳහන් වී ඇතැයි ඔහු පැවසීය.

මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් කරන ලද ප්‍රශ්න කිරීමේදී ඔහු මේ බව සඳහන් කරන ලදී.

23,528 Viewers

8 Comments to “හිටපු ජනපතිට තවත් මරාලයක් පාත්වේ.. පාස්කු බෝම්බයට වගකිව යුතු යයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව කියයි..”

  1. දොරටුපාල says:

    පහුගිය කාලෙ රට කරවූ රිලා රැලගේ කෙරුවාව පෙනේ ද?

    • සිංහල බන්ඩා says:

      ගෝටා උන්ව ඇතුලට දායි කියල නේද බලන් හිටියෙ? 😀

      • දොරටුපාල says:

        අපොයි නෑ බංඩො!
        මම බලං උන්නෙ පුතානෝ එනකනං!
        ආවනං බැංකු හොරු එල්ලල මෙලහකටත්.

  2. sajitha says:

    pambaya uu “sir” yayi amanthranayakale kapati nariya okawa oya vidiyata amaruwe daanabawa mamanam 2014 november masema daenagena hitiya.

  3. Bnv says:

    M3 wanted to get revenge from ranil and he let bomb blast happened. That is the pure true. All must be punished in the name of who sacrificed their lives in this blast. Cardinal must take the action as he did in last election otherwise we can not expect impartial investigation in this government too. Now rajapakse has deal with him.

  4. kawinda says:

    me handaya den mehema kiuwata edaa ohoma kiuwe nehe. deke panthiye lamai sellam karanakota wage mun kathaa karanne. thuh.. nedakin. api edath kiuwa hitan wagena lonthayath wagakiwa yuthui kiyala.

  5. Parakum says:

    DIVINE forces will intervene to give the right PUNISHMENT for this, also for abusing the CONSTITUTION.

    • Wijebahu says:

      Yes, specially for the establishment of the 19th AMENDMENT to the Constitution which is the national bane.

Main News