හිටපු ජනපති මහින්දගේ බාල සහෝදරයා අභාවප‍්‍රාප්ත වේ..

August 21, 2018 at 5:30 pm | lanka C news
හිටපු ජනපති මහින්දගේ බාල සහෝදරයා අභාවප‍්‍රාප්ත වේ..

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ බාල සහෝදරයෙකු වන ටියුඩර් චන්ද්‍ර රාජපක්ෂ මහතා අද දහවල් අභාවප්‍රාප්ත වී තිබේ.

ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ හා දන්දිනා දිසානායක සමරසිංහ මහත්මියගේ සිව්වන දරුවා ලෙස ජන්මලාභය ලැබ කීර්තිමත් වැවිලිකරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලු ඒ මහතා මිය යන විට 70 වන වියෙහි පසු විය.

අකුරැස්සේ රම්‍යා ගුණසේකර හෙට්ටිආරච්චි මහත්මියගේ ස්වාමියා වූද, චමින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් හිටපු කතානායක චමල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඩඩ්ලි රාජපක්ෂ, ප්‍රීති රාජපක්ෂ යන අයගේ සහ නැසිගිය ගාන්ධිණී රාජපක්ෂ හා ජයන්ති රාජපක්ෂ යන අයගේ සොහොයුරා විය.

චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහය තංගල්ල මැදමුලන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් කියයි.

226 views

9 Comments to “හිටපු ජනපති මහින්දගේ බාල සහෝදරයා අභාවප‍්‍රාප්ත වේ..”

  1. Krishantha says:

    Very down to earth person. I met him providing some important service to him when his elder brother was president and Gotabhaya was in the director board of that organization. Mr. Chandra was very humble and respectful to others.

    • Janaka says:

      Very true Keishantha .
      අද බලයේ ඉන්න දේශපාලුවන්ගේ දුපුතුන් සහ නෑයන් එක්ක බැලුවාම මෙතුමා මොනතරම් නිහතමානිද කියලා හිතෙනවා .කිසිම දවසක තමුන්ගේ නෑකම් දිගහැරගෙන කතා කලේ නෑ හැමෝටම ඉතාම ගවුරවනිය ලෙස සැලකුවා .දෙහ්සපාලන බලය අතට අරගෙන වැඩකරන්න ගියේ නෑ.මෙතුමා මොනතරම් නිහඬව ජිවත් වුවාද කියල කියන්න වෙන සාධකයක් ඕන නෑ එතුමා ගැන කිසිවෙක් අසා නැති බවම එකට හොඳම සාක්ෂියක් .අද ඉන්න වැලි මුදලාලිලා ගල් මුදලාලිලා හෝටල් මුදලාලිලා වගේ මෙතුමා තමුන්ගේ සොහොයුරන් ජනාදිපති.ආරක්ෂක ලේකම් ,ඇමති කියා නීති විරෝදී වැඩ කලේ නෑ.එතුමාට නිවන් සැප ප්‍රාර්ථනා කරමු

      • ටෙලිකොම් සුලු සේවක says:

        ඒකටත් එක්ක කුමාරසින්හ මලයා; රාජ්‍ය අංශයේ වැඩිම පඩියක් සහ දීමනා ලබන මෙරටේ සිටින එකම ආයතන ප්‍රධානි.

        • Alan Smith says:

          And the Araliya Vee Moll man….Bahirawa podi putha, marketing monkey gang gani hathurika…there are more non-english speaking monkeys from padaviya kolaniya polonnaruva

  2. Nim says:

    ” NIWAN SAPA LABEEWA “

  3. PULATHISI says:

    නිවන් සුව පතමු.

  4. Chandra mathiduni obata Niwansepa Labewa !

  5. Perera Kamal says:

    Met many od his brothers. We are amazed how humble, simple and down to earth they are.

    SL voters voted them out is the biggest catastropy nation faced after foreign rulers.
    (Including RW MY3)

  6. Gamini Abaya says:

    ” NIWAN SEPA LEBEWA “

Main News