හිටපු ජනපති සහ ඥාණසාර හිමි එක්ව වේදිකාවේ.. ඇමරිකාවටත් බින්ලාඩන්ගේ ප‍්‍රහාරය වලකාගත නොහැකි වූ බව කියයි..

March 7, 2021 at 12:02 am | lanka C news
හිටපු ජනපති සහ ඥාණසාර හිමි එක්ව වේදිකාවේ.. ඇමරිකාවටත් බින්ලාඩන්ගේ ප‍්‍රහාරය වලකාගත නොහැකි වූ බව කියයි..

ලොව බලවත්ම රටවල ඇමෙරිකාවේ පෙන්ටගනයට එල්ල වූ ප්‍රහාරයන් පවා වළක්වා ගැනීමට නොහැකි වූ බවත් බින්ලාඩන් එම ප්‍රහාරය එල්ල කරන බව ඇමරිකානු බුද්ධි අංශ විසින් දන්වා තිබූ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

අද ඉස්ලාම් අන්තවාදය සමස්ත ලෝකයම මුහුණ දෙන ප්‍රශ්නයක් බවත් එය සමස්ත ලෝකයටම අභියෝගයක් බවත් ඒ මහතා පැවසීය.

කොළඹ අතුරුගිරියේදී පැවති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙම උත්සවය සංවිධානය කර තිබුනේ මෙරට විශාලතම බෞද්ධ පුස්තකාලය සදහා මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීම සදහාය.

45,744 views

12 Comments to “හිටපු ජනපති සහ ඥාණසාර හිමි එක්ව වේදිකාවේ.. ඇමරිකාවටත් බින්ලාඩන්ගේ ප‍්‍රහාරය වලකාගත නොහැකි වූ බව කියයි..”

  1. බ්ල්ලා says:

    බින්ලාඩන් ප්‍රහාරය එල්ලකරනබව 93 පාරක් නොවේ එකපාරක්වත් ඔත්තු සේවා විසින් කලින් ප්‍රකාශ කලේ නැහැ. එහෙම විදේශීය ඔත්තු සේවකයක් කලින් එලිකරල තියෙද්දිත් ඒ ඔත්තුව නොසලකා පුතාගෙ මගුලට ශොපින් යන්න තරම් අමන ජනාධිපති කෙනෙක් කිසිම රටක හිටියේ නැහැ මේ රටේ වගේ.

Main News