හිටපු ජනපති සිරගත කිරීමේ උත්සාහයක්..

January 12, 2022 at 12:03 am | lanka C news
හිටපු ජනපති සිරගත කිරීමේ උත්සාහයක්..

පාස්කු බෝම්බ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා තමන්ට එල්ල කිරීමට උත්සාහයක් ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

පාස්කු කොමිසම ගැන කතා කරන්නේ තමන්ව හිරේ දමන්න වුවමනා පිරිසක් බවත් පැවසූ ඔහු එම කොමිසම ගැන යම්කිසි දවසක තමන්ටද කියන්නට අවස්ථාව එනු ඇති බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පැල්මඩුල්ල ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩල අමතමිනි.

“ආණ්ඩු පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා, විපක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ. ඔක්කෝම ගහනවා මට. ආණ්ඩු පක්ෂයත් ගහනවා. විපක්ෂයත් ගහනවා පාර්ලිමේන්තුවේ අගමැතිත් ගහනවා, මැති ඇමතිවරුත් ගහනවා. මම අවුරුදු 5කට මාස එක හමාරයි අඩු ජනාධිපති ධූරයට.

මට බනින එක නෙමෙයි මට සල්ලි දෙන්න ඕනේ තමුන්නාන්සේලා එකතු කරලා තෑගි ටිකක් දෙන්න ඕනේ මම තනියම ආණ්ඩුවක් ගෙනිච්චාට මේ වගේ හිඟමනයට වැටෙන්නේ නැතුව. මෙහෙම ගෑස් ප්‍රශ්නයි, තෙල් ප්‍රශ්නයි, පොහොර ප්‍රශ්නයි මේවා රටේ මිනිස්සු හදපු ප්‍රශ්න නෙමෙයි නේ.

මේවා ඔක්කෝම ආණ්ඩුව හදාගත්ත ප්‍රශ්න. ඒවා ගැන අපි කතා කරාම කෝප වෙනවා. මේ කොහේවත් යන පාස්කු බෝම්බයක් පුපුරලා, ඒක මගේ ඇඟේ දාන්න හැදුවට මම පත්කරපු කොමිසම.

හැබැයි එක මිනිහෙක්වත් කතා කරන්නේ නෑ වංචා දූෂණ පිළිබඳ මම පත් කරපු කොමිසම් 4 ගැන. ඒ ඔක්කෝම කොමිසම් හමස් පෙට්ටියට. මාව හිරේ දා ගන්න ඕන කට්ටිය තමයි පාස්කු කොමිසම ගැන කතා කරන්නේ. පාස්කු කොමිසම ගැනත් මං යම් කිසි දවසක මට කියන්න අවස්ථාව එයි. මං එදාට කියන්නම්.”

34,700 views

17 Comments to “හිටපු ජනපති සිරගත කිරීමේ උත්සාහයක්..”

  1. මොහුගෙ කාලයේ කොරොනා වසන්ගතයක් රටෙ නොතිබුණු බවක් අමතක වි ඇත .

  2. බයිසන් says:

    මේ යකා කියන්නෙ යහපාලන ආණ්ඩුව කෙරුවෙ මිනිහ විතරක් තනියම කියලා. රනිලුයි ආණ්ඩු පක්ෂයයි මහින්ද යි විපක්ෂයයි ඔක්කොම මිනිහගෙ ආණ්ඩුවට විරුද්ධව ලු වැඩ කලේ. ආණ්ඩුව කරපු හොඳ වැඩ ඔක්කොම කලේ මිනිහ ලු ඒවුනාට පාස්කු ප්‍රහාරයේ වගකීම බාරගන්න මිනිහට බැහැලු. තනියම රට කෙරුවා නම් හැම එකක්ම වගකීම මිනිහ බාරගන්න ඕනැ. මූ මහ වසලයෙක්.

  3. බබා says:

    රටේ පාලකයා හැටියට බකන් නිලාගෙන ඉදලා, අන්තවාදීන්ට පිස්සු නටන්න රටේ ජාතික ආරක්ෂාව බල්ලට ඇරපු මෙයා අනිවාර්යෙන්ම හිරේ යන්න ඕන. ඒකට දේශපාලනය අදාල නැහැ. අනික හිරේ දාලා තියන්න තරම් බය හිතෙන ජාතික නායකයෙක්ද මෙයා.

  4. හසිත says:

    තමුසෙගේ කාලෙ රටේ වසංගත රෝගයක් තිබුනද මිනිහෝ ?තමුන් නිකම්ම,නිකම් තුට්ටු දෙකේ දෙශපාලුවෙක් බල ලෝභියෙක්බව මේ ප්‍රකාශයෙන් බොහොම පෙහෙදිලියි .අනෙක් කාරනාව තමයි මේ ඔනාම වෙබ් පිටුවක තමුසෙට පක්ශ විපක්ශ හෙමෝගෙන්ම ලෙබෙන ප්‍රතිචාර .ඒ අනුවනම් මොලයක් තියෙන කිසිම කෙනෙක් බුද්දිමත් පක්ශයක් තමුසෙව ගාවා ගන්නෙ නේ කිසිම දේකට .තමුසෙ ඉන්නව කියන්නෙ ඒ පක්ශය ලක්ශගානක් චන්ද අඩුකර ගන්නවා කියන එකයි

  5. 0.00069 BIYYO says:

    ඊයේ රවී කරුණානායක කරපු චෝදනා වලට උත්තර දීලා හිරේ ගියා නම් හොඳ යි.
    සරල ජනපති මෙහෙම නම් අනිත් දේශපාලකයන් ගෙන කවර කතාද.
    මේ ලංකාවේ එක දේසපාලන හොර තඩියෙක්, නුගත් දුෂකයෙක් හිරේ යන්නේ නෑ. එලොවටත් නැති මෙල්වටත් නැති මේ වගේ එවුන් හිරේ ගියත් නැතත් එකයි

  6. බන්ඩා says:

    ⁣ආරක්ෂක ලේඛම් හේමසිරි රිමාන්ඩ් කලා නම් ආරක්ෂක ඇමතිට සිරිසේනට ගැලවෙන එක ඉලොජිකල්..

  7. Pronto says:

    The last two sentences of his version talks of something that has to be unearthed.

Main News