හිටපු ජනපති සිරගත කිරීමේ උත්සාහයක්..

January 12, 2022 at 12:03 am | lanka C news
හිටපු ජනපති සිරගත කිරීමේ උත්සාහයක්..

පාස්කු බෝම්බ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා තමන්ට එල්ල කිරීමට උත්සාහයක් ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

පාස්කු කොමිසම ගැන කතා කරන්නේ තමන්ව හිරේ දමන්න වුවමනා පිරිසක් බවත් පැවසූ ඔහු එම කොමිසම ගැන යම්කිසි දවසක තමන්ටද කියන්නට අවස්ථාව එනු ඇති බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පැල්මඩුල්ල ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩල අමතමිනි.

“ආණ්ඩු පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා, විපක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ. ඔක්කෝම ගහනවා මට. ආණ්ඩු පක්ෂයත් ගහනවා. විපක්ෂයත් ගහනවා පාර්ලිමේන්තුවේ අගමැතිත් ගහනවා, මැති ඇමතිවරුත් ගහනවා. මම අවුරුදු 5කට මාස එක හමාරයි අඩු ජනාධිපති ධූරයට.

මට බනින එක නෙමෙයි මට සල්ලි දෙන්න ඕනේ තමුන්නාන්සේලා එකතු කරලා තෑගි ටිකක් දෙන්න ඕනේ මම තනියම ආණ්ඩුවක් ගෙනිච්චාට මේ වගේ හිඟමනයට වැටෙන්නේ නැතුව. මෙහෙම ගෑස් ප්‍රශ්නයි, තෙල් ප්‍රශ්නයි, පොහොර ප්‍රශ්නයි මේවා රටේ මිනිස්සු හදපු ප්‍රශ්න නෙමෙයි නේ.

මේවා ඔක්කෝම ආණ්ඩුව හදාගත්ත ප්‍රශ්න. ඒවා ගැන අපි කතා කරාම කෝප වෙනවා. මේ කොහේවත් යන පාස්කු බෝම්බයක් පුපුරලා, ඒක මගේ ඇඟේ දාන්න හැදුවට මම පත්කරපු කොමිසම.

හැබැයි එක මිනිහෙක්වත් කතා කරන්නේ නෑ වංචා දූෂණ පිළිබඳ මම පත් කරපු කොමිසම් 4 ගැන. ඒ ඔක්කෝම කොමිසම් හමස් පෙට්ටියට. මාව හිරේ දා ගන්න ඕන කට්ටිය තමයි පාස්කු කොමිසම ගැන කතා කරන්නේ. පාස්කු කොමිසම ගැනත් මං යම් කිසි දවසක මට කියන්න අවස්ථාව එයි. මං එදාට කියන්නම්.”

35,001 views

17 Comments to “හිටපු ජනපති සිරගත කිරීමේ උත්සාහයක්..”

  1. Sahan says:

    ඔලුව හොඳ නෑ මෙයාගෙ..

  2. magatta says:

    ara issara madu walige wageda

  3. sam says:

    මේ ලංකාවේ එක දේසපාලන හොර තඩියෙක්, නුගත් දුෂකයෙක් හිරේ යන්නේ නෑ. එලොවටත් නැති මෙල්වටත් නැති මේ වගේ එවුන් හිරේ ගියත් එකී නැතත් එකයි

  4. පරිප්පුවා says:

    ඒ කාලයේදී හිටපු ආරක්ෂක ඇමති මේ පාස්කු ප්‍රහාරයට වග කියන්නේ නැතිනම් වෙන කවුරු වග කියන්නද? හාමුදුරුවනේ හිරේ දාලා බුද්ධි නිලධාරින් හිර කරමින් නටාපු නාඩගම මොකක්ද? දැන දැනම සිංගප්පූරු ගිහින් හිටිය කියන චෝදනාවට උත්තර දෙන්න වේවි.

  5. සිරා says:

    Pissek.

  6. Saleem says:

    බයිලවලින් වැඩක් නැහැ. පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු ලැබිලත් නොලැබුනා වගේ ඉදල ඒ ප්‍රහාර මාලාව සිදු වන්නට තමුසේ ඉඩ දුන්නේ ඇයි කියල කියනව ඉස්සෙල්ලා

  7. Kalu Albot says:

    Moowa Hire Daanaa ona thamayi. Eth thawath un Aanduwema innawane!

  8. LalithM says:

    යහපාලනය භාරගෙන ජනපති වූ පසුව ශ්‍රීලනිප නායක වූ ශාපයට ඔහු වගකිව යුතුයි. ඒ නිසාම යහපාලනය ගැන මිනිස්සුන්ට කලකිරීම ඇතිවුනා. නැවත එවැනි සභාග රජයකට ලංකාව සූදානම් නැති බවට එම සිද්ධිය හේතුවක් වුනා. 69 ,ලක්ෂයේ මෝඩයන් බිහිවීමට පෙර මග තැනුනේ එයින්.

  9. ඒ ,කාලයේ අද මෙන් භයානක කොරොනා වාසන්ගතයක් එහෙම තිබුණේ නැති බව මෙතුමාට අමතක වී ඇත .

  10. සකු says:

    ඊයේ රවී කරුණානායක කරපු චෝදනා වලට උත්තර දීලා හිරේ ගියා නම් හොඳ යි.
    සරල ජනපති මෙහෙම නම් අනිත් දේශපාලකයන් ගෙන කවර කතාද.