හිටපු ජනපති සිරිසේනගේ කාර්ය මණ්ඩල ලොක්කා නීලමදන හොරෙක් බව තහවුරුයි.. වසර 20ක් සිර දඬුවම් නියම කෙරේ..

December 19, 2019 at 2:10 pm | lanka C news
හිටපු ජනපති සිරිසේනගේ කාර්ය මණ්ඩල ලොක්කා නීලමදන හොරෙක් බව තහවුරුයි.. වසර 20ක් සිර දඬුවම් නියම කෙරේ..

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කරන ලද අයි.එච්.කේ. මහානාම සහ එවකට රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ  හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංගගේ පුද්ගලික ලේකම් පියදාස දිසානායක යන දෙදෙනා විසින් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගත්තේ යැයි චෝදනාවට වරදකරු කරමින් අද දිනයේ දඬුවම් නියම කර ඇත.

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඔවුන්ට දඬුවම් නියම කර ඇති අතර ඒ අනුව අයි.එච්.කේ. මහානාමට වසර 20 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද, පියදාස දිසානායකට වසර 12 ක සිරදඬුවමක් ද නියම කර තිබේ.

එමෙන්ම අල්ලස් ගත් කෝටි දෙකක මුදල රජයට ගෙවන ලෙසද නියෝග කර ඇත.

මෙම අල්ලස් ලබාගෙන ඇත්තේ කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය තොගයක් විකිණීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකු ගෙනි.

179 views

13 Comments to “හිටපු ජනපති සිරිසේනගේ කාර්ය මණ්ඩල ලොක්කා නීලමදන හොරෙක් බව තහවුරුයි.. වසර 20ක් සිර දඬුවම් නියම කෙරේ..”

  1. lotus says:

    GOTA working. Withing 2 month jail to 20 years.

Main News