හිටපු ජනපති සිරිසේනට නඩු දමයි.. ව්‍යවස්ථාව බරපතල ලෙස කඩලා…

February 10, 2020 at 3:27 am | lanka C news
හිටපු ජනපති සිරිසේනට නඩු දමයි.. ව්‍යවස්ථාව බරපතල ලෙස කඩලා…

පොලිස්පතිවරයා නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ආකාරයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් තවත් නොබෝ දිනකින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ අන්තර්ජාතික සංවිධානය කියයි.

මෙම සංවිධානය ශ්‍රී ලංකා පොලිසියේ නිත්‍ය සේවාවේ සිට විවිධ දේශපාලන බලපෑම් මත අසාධාරණයට ලක්ව පොලිස් සේවයෙන් ඉවත් වී විදේශ ගතව සිටින පොලිස් නිලධාරීන් විශාල පිරිසකගෙන් සැදුම් ලත් සංවිධානයකි. මහා බ්‍රිතාන්‍ය මූලස්ථානය කර ගත් මෙම සංවිධානය ස්විස්ටර්ලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, ජපානය, ඉතාලිය, ආදී රටවල් රැසකින් ක්‍රියාත්මක වන සංවිධානයකි.

එහි කැඳවුම්කරු හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන දැනට මහා බ්‍රිතාන්‍යයේ පදිංචි අජිත් ධර්මපාල මහතා පවසා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රිපාල සිරිසේන මහතා දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කරමින් නීතිය හා සාමය අමාත්‍ය ධුරය සියතට ගනිමින් පාස්කු දින බෝම්බ ප්‍රහාරයට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වග කිව යුතු බව පවසමින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීති විරෝධී කටයුත්තක් බවයි.

එය පොලිස් දෙපාර්තමේන්තුවට කරන ලද බලවත් අවමානයක් බව පවසන ඒ මහතා මීට පෙර සැම්බියාව, සුඩානය වැනි රට වල පොලිස්පතිවරුන් ප්‍රශ්න කිරීමට ලක් කරත් ලොව කිසිම රටක පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත් කර නොමැති බවද කීය.

ශේන් සෙනෙවිරත්න
– ada

44,674 Viewers

11 Comments to “හිටපු ජනපති සිරිසේනට නඩු දමයි.. ව්‍යවස්ථාව බරපතල ලෙස කඩලා…”

  1. Nawodhi says:

    Yes finally at least we found one Sri Lankan with backbone. Yes MY3 must be penalized for the day time robbery he gave to Sri Lanka with his family. But talking and acting like a pure person and still cheating poor Sinhalese.

    • ඇත්ත නැත්ත says:

      19ය නීතියක් නෙමේ..බලත්කාරයෙන් පවත්වාගෙන යන්නක්….කුමන්ත්‍රණකාරීව ක්‍රියාත්මක කරන 19 යේ කලු සුදු කිරීම විජාතික රාජ්‍ය නොවන ඇම්බැට්ටයන්ගේ උත්සාහයයි.

  2. Angoda Buva says:

    මූ කියන විදිහට ඉතිං පොලිස්පති කියන්නෙ රටේ නීතියට යටත් නැති එකෙක් වෙන්න ඕනෑ මොන වැරැද්ද කලත් අත්අඩංගුවට ගන්න බැරි වෙන්න.

    අනික මූ තරම් පොලීසියට අපහාස කල එකෙක් තවත් ඉන්නවද ?

    පාස්කු පාහරයේ වගකීම දැරිය යුතු වීම කෙසේ වෙතත් මූ කරල තියෙන අනිත් ඒවට වගකියන්නෙ කවුද?

  3. kdtv says:

    ඒකියන්නේ පොලිස්පති වැරැද්දක් කරත් අත්ඩන්ගුවට ගන්න බැරිද?
    අනේ යකෝ පොලිස්පතිට මුක්තියක් තියනවද ඒකියන්නේ.
    බොරුනොකියා බොලාලගේ ගොන්තියරි තමයි රට කන්නේ.
    තව ඉන්නේසෙට් එකක් ඔය දේශපෞවෝ, උන්ගේ එකෙඛරි අතඩන්ගුවට ගත්තොත් ” ප්‍රජාතන්ත්‍රවාදයට එක්කකල දරුණුපහරක්. අද රටේ නීතියක් නෑ”
    ඕන්න උන්ගේ එකෙක් ඇතුලට දැම්මොත් තමයි රටේ නීතිය පිරිහෙන්නේ.
    උන් බලයට ආවම නිකම්ම නීතිය අකුරට උන්ට අනුව.

    මුන් ඔක්කොම කරන්නේ පොලිටික්ස්.උන්ට වාසිවෙන්න අලුත් ලොජික් හදලා නොදන්න උන්ව රවටනව

  4. Sam says:

    අපේ සහයෝගය. ඔහු සිංහල ඉතිහාසයේ විශාලතම ද්‍රෝහියාය

  5. Kevin says:

    මූව කොහොමත් අල්ලලා ඇතුලට දාන්න ඔන. ජනාධිපතිවරණය වෙලේ මෙයා යටින් කඩේ ගියේ මෝඩ පුතාට. දැන් හදනවා පොහොට්ටුවට රින්ගන් ඒකත් කන්න..

  6. Sithijaya Jayasingha says:

    ගන්ඩ එපා බ්‍රා-සිරව පොහොට්ටුවට. ඕක යන යන තැන ගඳ ගහනවා, ඕක මිනිසුන්ව කොටවන්න දස්සයා

  7. අක්බාර් ලොක්කා says:

    “අන්තර් ජාතික” නං “කොටි ඩයස්පෝරාවෙ” කනෙක්ෂන් එකකුත් ඇති

  8. Just says:

    Punitha was arrested by the Police. Not by the stupid President who was brought in to power by the UNP.